ධම්මපදය දෙවන වග්ගය අපමාද වග්ගයයි.
කුසල් වැඩීමෙහිලා තිබිය යුතු අප්‍රමාදී බව පිළිබඳ වදාළ උතුම් ගාථාවන් දොළසකින් සමන්විත යි.

21෴

අප්පමාදෝ අමතපදං – පමාදෝ මච්චුනෝ පදං,
අප්පමත්තා න මීයන්ති – යේ පමත්තා යථා මතා

Appamado amatapadam
pamado maccuno padam
appamatta na miyanti
ye pamatta yatha mata.

කුශල ක්‍රියාවන් හි ප්‍රමාද නො වීම හෙවත් නො පසුබට වීම, නිවණ ලැබීමට හේතු වෙයි. කුශල ක්‍රියාවන් හි ප්‍රමාද වීම හෙවත් අකුශල ක්‍රියාවන් හී යෙදීම මරණය ට හෙවත් සසර නැවත නැවත ඉපදීම ට හේතු වෙයි. ප්‍රමාදී නො වූවෝ නො මැරෙත්. ප්‍රමාදී වූවෝ මළවුන් වැනිය හ.
(නො පමාවූවෝ මරණයක් නැති තත්වය ට පැමිණෙති. පමා වූවෝ ඒ තත්තවය ට නො පැමිණ නැවත මරණය ට පත් වෙති.)

22.෴

ඒතං විසේසතෝ ඤත්වා – අප්පමාද්ම්හි පණ්ඩිතා,
අප්පමාදෝ පමෝදන්ති – අරියානං ගෝචරේ රතා.

Evam visesato natva
appamadamhi pandita
appamade pamodanti
ariyanam gocare rata.

ආර්යයන් (බුදු -පසේ බුදු -රහතුන්)
නිතර ආශ්‍රය කරන,
සතිපට්ඨානාදි ධර්මයන් හි ඇලුනා වු,
නුවණැතෝ අප්‍රමාදයෙහි ඇති මේ කාරණය
විශේෂයෙන් දැන අප්‍රමාද වෙත් (නිස්සරණ අධ්‍යාශයේ යෙදෙත්.)

23.෴

තේ ඣායිනෝ සාතතිකා – නිච්චං දළ්හපරක්කමා,
ඵුසන්ති ධීරා නිබ්බානං – යෝගක්ඛේමං අනුත්තරං

Te jhayino satatika
ni ccam dalhaparakkama
phusanti dhira nibbanam
yogakkhemam anuttaram.

ධ්‍යාන වඩන්නා වූ,
නිරතුරු පැවති වීර්යයෙන් හා
දැඩි උත්සාහයෙන් යුක්ත වූ
ඒ නුවණැත්තෝ
කාමබන්ධනාදි බන්ධනයන්ගෙන් නිදහස් වූ
අත්‍යුත්තම වූ නිවණ ලබත්.

24.෴

උට්ඨානවතෝ සතිමතෝ – සුචිකම්මස්ස නිසම්මකාරිනෝ,
සඤ්ඤතස්ස ච ධම්මජීවිනෝ – අප්පමත්තස්ස යසෝ’භිවඩ්ඪති

Utthanavato satimato
sucikammassa nisammakarino
sannatassa dhammajivino
appamattassa yaso bhivaddhati.

නො පසුබට වීර්ය ඇති,
පව් නො කිරීම ට හා කුසල් කිරීමට පිහිටුවාගත් සිහිය ඇති,
කයින් වචනයෙන් සිතින් නිදොස් දෙය කරන්නා වූ,
නුවණින් විමසා ක්‍රියා කරන්නා වූ,
හික්මවා ගත් කායකර්මාදිය ඇති,
ධාර්මික ව ජීවත්වෙන්නා වූ,
අප්‍රමාදී පුද්ගලයා ගේ කීර්තිය වැඩේ.
(වේළුවනාරාමයේදී කුම්භඝෝෂක අරභයා වදාළ ගාථාවකි.)

25.෴

උට්ඨානේනප්පමාදේන – සඤ්ඤමේන දමේන ච,
දීපං කයිරාථ මේධාවී – යං ඕඝෝ නාභිකීරති.

Utthanena’ ppamadena
samyamena damena ca
dipam kayiratha medhavi
yam ogho nabhikirati.

පණ්ඩිතයා නො පසුබට වීර්යයෙන් ද අප්‍රමාදයෙන් ද කය වචන දෙක හික්මවන ශීලයෙන් ද ඇස් කන් ආදී ඉන්ද්‍රියයන් මැඩ පැවැත්වීමෙන් ද ගං වතුරෙන් යට නො වන දූපතක් සාදන්නේ ය.
(සත්ත්වයා යට කරන සැඩ පහර නම් කාම-භවදෘෂ්ටි- අවිද්‍යා යන සතර යි. ඒ කාමාදි සැඩපහරවලින් යට නො වන දූපත නම් නිවණ යි.)
(වේළුවනාරාමයේදී චුල්ලපන්ථක තෙරුන් අරභයා වදාළ ගාථාවකි.)

26.෴

පමාදමනුයුඤ්ජන්ති – බාලා දුම්මේධිනෝ ජනා,
අප්පමාදඤ් ච මේධාවී – ධනං සෙට්ඨං’ව රක්ඛති

Pamadamanuyuñjanti
bala dummedhino jana
appamadañca medhavi
dhanam setthamva rakkhati.

අඥාන වූ නපුරු අදහස් ඇති මිනිස්සු ප්‍රමාදයෙ හි යෙදෙත්.
නුවණැති පුද්ගලයා උසස් ධනයක් මෙන් අප්‍රමාදය රකී.

(ජේතවනාරාමයේදී නැකැත් ක්‍රිඩාවක් අරභයා වදාළ ගාථාවකි.)

27.෴

මා පමාදමනුයුඤෙජථ – මා කාමරතිසන්‍ථවං;
අපපමතෙතා හි ඣායනෙතා – පපෙපාති විපුලං සුඛං

Ma pamadamanuyuñjetha
ma kamaratisanthavam
appamatto hi jhayanto
pappoti vipulam sukham.

ප‍්‍රමාදයෙහි නොයෙදෙව්, කම් සැපෙහි ඇලී
නොවසව්. (යහපත් දේ කිරීමෙහි) ප‍්‍රමාද නොවූ
පුද්ගලයා ධ්‍යාන වඩමින් මහත් සැපයට පැමිණේ.
(ජේතවනාරාමය – නැකැත් කෙළියක් ඇරබ)

28.෴

පමාදං අප්පමාදේන – යදා නුදති පණ්ඩිතෝ,
පඤ්ඤාපාසාදමාරුය්හ – අසෝකෝ සෝකිනිං පජං,
පබ්බතට්ඨෝ’ව භුම්මට්ඨේ – ධීරෝ බාලේ අවෙක්ඛති

Pamadam appamadena
yada nudati pandito
pannapasadamaruyha
asoko sokinim pajam
pabbatatthova bhumatthe
dhiro bale avekkhati.

යම් කලෙක නුවණැත්තා අප්‍රමාදයෙන් ප්‍රමාදය දුරු කරයි ද,
ශෝක රහිත වූ වීර්යවත් වූ හෙතෙම
ප්‍රඥා නමැති ප්‍රාසාදයට නැගී
ශෝක සහිත වූ අඥාන වූ සත්ත්ව සමූහයා දෙස බලයි
(කවරෙකු මෙන් ද?) පර්වතයකට නැගි මිනිසෙක්
පහත් බිම සිටි මිනිසුන් දෙස බලන්නාක් මෙනි.

(ජේතවනාරාමයේදී මහා කස්සප තෙරුන් අරභයා වදාළ ගාථාවකි.)

29.෴

අප්පමත්තෝ පමත්තේසු – සුත්තේසු බහුජාගරෝ,
අබලස්සං’ව සීඝස්සෝ – හිත්වා යාති සුමේධසෝ

Appamatto pamattesu
suttesu bahujagaro
abalassa mva sighasso
hitva yati sumedhaso.

(අකුශල ක්‍රියාවන් හී යෙදීමෙන්) ප්‍රමාදී පුද්ගලයන් අතරෙහි අප්‍රමාදී වූ ද, කෙලෙස් නින්දෙන් නිදන පුද්ගලයන් අතරෙ හි නිදි දුරු කර සිටින්නා වූ ද යහපත් නුවණැති පුද්ගලයා, ශීඝ්‍ර ගමන් ඇති අශ්වයෙක් දුර්වල අසෙකු පසු කොට යන්නා සේ, ඒ ප්‍රමාදී පුද්ගලයන් පසු කොට (නිවණ ට) යයි. (ජේතවනාරාමයේදී යහළු භික්ෂූන් දෙනමක් අරභයා වදාළ ගාථාවකි.)

30.෴

අප්පමාදේන මඝවා – දේවානං සෙට්ඨතං ගතෝ
අප්පමාදං පසංසන්ති – පමාදෝ ගරහිතො සදා

Appamadena maghava
devanam setthatam gato
appamadam pasamanti
pamado garahito sada.

කුශල ක්‍රියාවන් හී ප්‍රමාද නො වීම නිසා
ශක්‍ර තෙමේ දෙවියන්ගේ අධිපති බවට පැමිණියේ ය.
(එ බැවින්) පණ්ඩිතයෝ අප්‍රමාදය පසසත්.
ඔවුන් විසින් ප්‍රමාදය හැම කල්හිම ගර්හාවට භාජනය කරන ලදී.
(වේසාලි – සක් දෙව් රජ ඇරබ)

31.෴

අපපමාදරතො භිකඛු – පමාදෙ භයදසසිවා
සංයොජනං අණුං ථූලං – ඩහං අග්ගීව ගචඡුති

Appamadarato bhikkhu – pamade bhayadassi va
samyojanam anum thulam – daham aggiva gacchati.

ප්‍රමාදයෙ හි භය දක්නා වූ අප්‍රමාදයෙ හි ඇලූණු,
මහණ තෙමේ සියුම් වූ, දළ වූ,
සසර බැමි දවමින් ගින්නක් සේ ගමන් කරයි.
(ජේතවනාරාමය – භික්ෂුවක් අරබයා)

32.෴

අප්පමාදරතෝ භික්ඛු – පමාදේ භයදස්සිවා
අභඛ්බෝ පරිහානාය – නිබ්බාණස්සේව සන්තිකෙ

Appamadarato bhikkhu
pamade bhayadassi va
abhabbo parihanaya
nibbanasseva santike.

ප්‍රමාදයෙ හි භය දක්නා වූ,
අප්‍රමාදයෙ හි ඇලූණු භික්ෂු තෙමේ
(විදර්ශනාවෙන් හෝ මාර්ගඵලවලින්)
පිරිහෙන්ට පත්යෝ නොවේ.
හෙතෙම නිවණ සමීපයෙහි ම වෙයි,
(නිවන් ලැබීමට ළංවූයේ ම වෙයි)

(ජේතවනාරාමය – නිගමතිස්ස තෙරුන් ඇරබ)