රහතන් වහන්සේලා ගේ ගුණයන් පිළිබද වදාළ ගාථා දහයකින් යුක්තයි.

 

90.෴

ගතද්ධිනො විසොකස්ස – විප්පමුත්තස්ස සබ්බධි
සබ්බ ගන්ථප්ප හීනස්ස – පරිළාහො න විජ්ජති.

 

Gataddhino Visokassa
vippamuttassa sabbadhi
sabbaganthappahinassa
parilaho na vijjati.

(ජීවකම්බවත -ජීවක වෙදදුරන් අරබයා )

සසර ගමන අවසන් කළ,
සියළු ශෝකයන් දුරුකලාවූ ,
සියළු ආකාරයේ කෙලෙසුන් ගෙන් මිදුනා වූ,
සියළු සසර වෙළුම් ලිහා ලු උතුමාට
සිතේ දැවිල්ලක් නැත.

 

91.෴

උය්‍යුක‍දජන්ති සතීමන්තො – න නිකෙතෙ රමන්ති තෙ
හංසාව පල්ලලං හිත‍්වා – ඔකමොකං ජහන්ති තෙ

 

Uyyunjanti satimanto
na nikete ramanti te
hamsava pallalam hitva
okamokam jahanti te.

(වේළුවනාරාමය – මහකසුප් තෙරුන් අරබයා )

සිහි ඇත්තෝ ධ්‍යානභාවනාදියෙහි යෙදෙත්,
ඔවුහූ වාසස්ථානයෙහි නො ඇලෙත්,
විල හැර යන හංසයින් මෙන්
ඔවුහූ හැම තැනක් ම හැර දමත්.
(මෙහි වාසස්ථානය යි කියන ලද්දේ පඤ්චකාමය යි
විල හැර යන හංසයෝ එහි පියුම් ආදියෙහි ආශාවක් තබාගෙන නොයත්.)

 

92.෴

යෙසං සන්නිචයො නත‍්ථී – යෙ පරිඤ්ඤාතභොජනා,
සුඤ්ඤතො අනිමිත්තෙච – විමොක්ඛො යස්ස ගොචරො,
ආකාසෙව සකුන්තානං – ගති තෙසං දුරන්නයා.

 

Yesam sannicayo natthi
ye parinnatabhojana
sunnato animitto ca
vimokkho
 yesam gocaro
akaseva sakuntnam
gati tesam durannaya

(ජේතවනාරාමය – ඛෙල්ලට්ඨීසීස තෙරුන් අරබයා )

යම් කෙනෙකු ගේ ආහාර වස්ත්‍රාදිය රැස් කිරීමක් නැද්ද,
යම් කෙනෙක් ආහාරයා ගේ තත්ත්වය පිරිසිද දනිත් ද,
යම් කෙනෙකුන්ට
(රාග ද්වේශාදියෙන් ශුන්‍ය බැවින්) සුඤ්ඤත නම් වූත්
(රාගාදි නිමිති නැති බැවින්) අනිමිත්ත නම් වූත් නිවණ අරමුණු වේ ද, ඔවුන් ගේ ගමන හෙවත් ඔවුන් ගිය තැන නො දත හැකි ය.
කුමක් මෙන් ද? අහසෙහි පියඹන පක්ෂීන්ගේ ගමන් මග නො සෙවිය හැකිවාක් මෙනි.

 

93.෴

යස්සාසවා පරික්ඛීණා, – ආහාරෙ ච අනිස්සිතො,
සුඤ්ඤතො අනිමිත්තො ච – විමොක්ඛො යස්ස ගොචරො,
ආකාසෙව සකුන්තානං – පදං තිස්ස දුරන්නයං

 

Yassasa va parikkhina
ahare ca anissito
sunnato animitto ca
vimokkho yassa gocaro
akaseva sakuntanam

padam tassa durannayam.

(වේළුවනාරාමය – අනුරුද්ධ තෙරුන් අරබයා )

යමෙකු ගේ කාමාදී ආශ්‍රවයෝ ගෙවී ගියාහු ද,
යමෙක් ආහාරයෙ හි නො ඇලූනේ ද,
සුඤඤත-අනිමිත යන නම් ඇති නිවණ යමෙකුට අරමුණු වේද,
ඔවුන්ගේ උප්පත්තිය
අහසෙහි යන පක්ෂීන්ගේ පිය සටහන්
නොදැක්ක හැකිවාක් මෙනි.

 

94.෴

යස්සින‍්ද්‍රියානි සමථං ගතානි – අස්සා යථා සාරථීනා සුදන්තා,
පහීනමානස්ස අනාසවස්ස – දෙවාපි තස්ස පිහයන්ති තාදිනො

 

Yassindriyani samathangatani
assa yatha sarathina sudanta
pahinamanassa anasavassa
devapi tassa pihayanti tadino

(පූර්වාරාමය – මහා කච්ඡායන තෙරුන් අරබයා )

දක්ෂ රියදුරකු විසින් මනා සේ හික්මවන ලද අසුන් මෙන්
යමෙකු ගේ (ඇස ආදී) ඉන්ද්‍රියයෝ සන්හුන් බවට පත් වූවාහුද,
මාන දුරු කළා වූ, කාමාදී ආශ්‍රාව රහිත,
අටලෝ දහමින් කම්පා නො වන ස්වභාව ඇති
ඔහුට දෙවියෝ ත් ප්‍රිය කෙරෙත්.

 

95.෴

පඨවීසමො නො විරුජ්ඣති – ඉන‍්දඛිලුපමො තාදි සුඞ්ඛතො
රහදොව අපෙතකද්දමො – සංසාරා න භවන්ති තාදිනො.

 

Pathavisamo no virujjhati
indakhilupamo tadi subbato
rahadova apetakaddamo
samsara na bhavanti tadino

(ජේතවනාරාමය – සැරියුත් තෙරුන් අරබයා )

යමෙක් මහ පොළොව මෙන් සංග්‍රහ නිග්‍රහ දෙක්හි සමව සිටීද ,
නුවර දොරටුවෙහි සිටෙව් ඉන්ද්‍ර කීලය නම් කණුව මෙන්
(නින්දා ප්‍රශංසාවන් හි) නොසෙල්වේ ද, ඒ නිසාම තාදී ගුණ ඇති,
මනා පැවතුම් ඇති හෙතෙම (කෙලෙස් මඩ නැති බැවින්)
පහවූ මඩ ඇති විලක් මෙන් පවතී.
එවැන්නාට සසර ඇවිදීමක් නැත.

 

96.෴

සන්තං තස්ස මනං හොති – සන්ති වාචා ච කම්ම ච
සම්මදඤ්ඤා විමත්තස්ස – උපසන්තස්ස තාදිනො.

 

Santam tassa manam hoti
santa vaca ca kamma ca
sammadanna vimuttassa
upasantassa tadino.

(ජේතවනාරාමය – තිස්ස තෙරුන් ගේ හෙරණකු අරබයා )

ආය්‍යසත්‍යයන් මනා සේ දැන කෙලෙසුන් ගෙන් මිදුණු,
(රාගාදී කෙලෙස්වලින් දැවිල්ලක් නැති බැවින්) නිවුනාවූ,
අටලෝ දහමෙහි කම්පා නොවන ස්වභාව ඇති,
ඒ රහතන් වහන්සේ ගේ සිත ශාන්ත වේ.
උන්වහන්සේ ගේ වචනයත් ක්‍රියාවත් ශාන්ත වේ.

 

97.෴

අස්සද්ධො අකතඤ්ඤු ච – සන‍්ධිච්ඡෙදො ච යො නරො
හතාවකාසො වන්තාසො – ස චෙ උත්තම පොරිසො.

 

Assaddho akatannu ca
sandhicchedo ca yo naro
hatavakaso vantaso

sa ve uttamaporiso

(ජේතවනාරාමය – සැරියුත් තෙරුන් අරබයා )

යමෙක් අනුන් යමක් කී පමණින් නො අදහා
තෙමේම ප්‍රත්‍යක්‍ෂයෙන්ම දැන ගනී ද,
සංස්කරණයක් නැති නිවන දනී ද,
සසර ඉපදීම සිඳ දමයි ද,
නැවත ඉපදීමට ඇති අවකාශය දුරු කළ
සියලු ආශාවන් වමාරා දැමූ හෙතෙම
ඒකාන්තයෙන් උතුම් පුද්ගලයෙකි.

 

98.෴

ගාමෙ වා යදි වා රඤ්ඤො – නින්නෙ වා යදි වා ථලෙ
යත‍්ථ අරහන්තො විහරන්ති – තං භූමිං රාමණෙය්‍යකං.

 

Game va yadi varanne
ninne va yadi va thale
yattha arahanto viharanti
tam bhumiramaneyyakam.

(ජේතවනාරාමය – ඛදිරවනිය රේවත තෙරුන් අරබයා )

යම් ගමක හෝ වනයක හෝ
මිටියාවතක හෝ කඳු සිඛරයක හෝ
රහතන් වහන්සේ වෙසෙත් ද,
ඒ ස්ථානය රම්‍ය භූමියකි.

 

99.෴

රමණීයානි අරඤ්ඤානි – යත‍්ථ න රමතී ජනො,
වීතරාගා රමෙස්සන්ති – න තෙ කාමගවෙසිනො.

 

Ramaniyani arannani
yaittha na ramati jano
vitaraga ramissanti
na te kamagavesino.

(ජේතවනාරාමය – ස්ත්‍රියක් අරබයා )

ලෞකික ජනයා කැලෑ වනයන්හී සිත්කළු බවක් නොදකී.
රාග දුරු කළෝ කම්එ සැප නොපතන හෙයින්
එබඳු තැන් හී සිත් අලවා වසන්නෝය.

 

අරහන්ත වග්ගය නිමි!