බුදු සසුනෙහි භික්ෂුව කවරෙක් දැ යි හදුන්වා දෙමින් ඒ පිළිබද වදාළ ගාථා විසි තුනකින් කින් සමන්විත යි.

360.෴

චකඛුනා සංවරො සාධු – සාධු සොතෙන සංවරො,
ඝාණෙන සංවරො සාධු – සාධු ජිවහාය සංවරො

 

Cakkhuna samvaro sadhu
sadhu sotena samvaro
ghanena samvaro sadhu
sadhu jivhaya sarmvaro.

(ජේතවන – භික්ෂුන් පස් නමක් අරබයා)

ඇසින් සංවර වීම යෙහෙකි, කණින් සංවර වීම යෙහෙකි, නැහැයෙන් සංවර වීම යෙහෙකි, දිවෙන් සංවර වීම යෙහෙකි. (මෙහි සංවර වීම නම් ඇසින් රූපයක් දැක එ හි නො ඇලීම ආදිය යි.)

 

361.෴

කායෙන සංවරො සාධු, – සාධු වාචාය සංවරො
මනසා සංවරො සාධු – සාධු සබබත‍ථ සංවරො
සබබත‍ථ සංවුතො භිකඛු – සබබදුකඛා පමුචචති

 

Kayena samvaro sadhu
sadhu vacaya samvaro
manasa samvaro sadhu
sadhu sabbattha samvaro
sabattha sambuto bhikkhu
sabbadukkha pamuccati.

(ජේතවන – භික්ෂුන් පස් නමක් අරබයා)

කයින් හික්මීම යහපති. වචනයෙන් හික්මීම යහපති. සිතින් හික්මීම යහපති. හැම තැන් හික්මීම යහපති. හැම තැන් හී සංවරය ඇති භික්ෂුනම හැම දුකින්මැ මිදේ.

 

362.෴

හත‍ථසඤඤතො පාදසඤඤතො – වාචායසඤඤතො සඤඤතුතතමො
අජඣතතරතො සමාහිතො – එකො සනතුසිතො තමාහු භිකඛු

 

Hatthasamyato padasamyato
vacasamyato samyatuttamo
ajjhattarato samahito
eko santusito tamahu bhikkhum.

(ජේතවන – භික්ෂුවක් අරබයා)

අත් පා හික්මීම ඇති, වචනයෙන් හික්මීම ඇත්තා, සංයත පුද්ගලයන් අතරෙන් ශ්‍රේෂ්ඨ වේ. කමටහන් වැඩීමෙහි ඇලූණා වූ, එකඟ සිත් ඇති, හුදෙකලා වසන මග පලයෙන් සතුටු වූ යමෙක් වේ නම් ඕ හට භික්ෂු යැ යි කියමි.

 

363.෴

යො මුඛසඤඤතො භිකඛු – මතතභාණි අනුදධතො
අත‍ථං ධමමං ච දීපෙති – මධුරං තසස භාසිතං

 

Yo mukhasamyato bhikkhu
mantabhani anuddhato
attham dhammanca dipeti
madhuram tassa bhasitam.

(ජේතවන – කෝකාලික අරබයා)

හික්මුණු වචන ඇති (හෙවත් කට රැකගත්,) පමණ දැන කතා කරන, සන්සුන් සිතැති යම් භික්ෂුනමක් ධර්මයත් ධර්මයා ගේ අර්ථය ත් ප්‍රකාශ කෙරේ නම් ඔහු ගේ කීම හෙවත් කතාව මිහිරි ය.

 

364.෴

ධමමාරාමො ධමමරතො – ධමමං අනුවිචිනතයං
ධමමං අනුසසරං භිකඛු – සදධමමා න පරිහායති

 

Dhammaramo dhammarato
dhammam anuvicintayam
dhammam anussaram bhikkhu
saddhamma na parihayati.

(ජේතවන – ධම්මාරාම තෙරුන් අරබයා)

ධර්මය වාසස්ථාන කොට ඇති, ධර්මයෙහි ඇලූණු, ධර්මය අනුව සිතන, ධර්මය නැවත නැවත සිහිපත් කරන භික්ෂුනම නව ලෝකෝත්තර ධර්මයෙන් නො පිරිහේ.

 

365.෴

සලාභං නාතිමඤෙඤය්‍ය – නාඤෙඤසං පිහයං චරෙ
අඤෙඤසං පිහයං භිකඛු – සමාධිං නාධිගචඡති

 

Salabham natimanneyya
na’ nnesam pihayam care
annesam pihayam bhikkhu
samadhim nadhigacchati.

(වේළුවන – විපක්ෂ තේවක මහණකු අරබයා)
තමාට ලැඛෙන ස්වල්ප දෙය වුවත් අවමන් නොකොට පිළිගත යුතු ය. අනුනට ලැබෙන දෙය ගැන ආශා කරමින් නො හැසිරිය යුතු ය, අනුන් ගේ දෙයට ආශා කරමින් හැසිරෙන භික්ෂුව සමාධි නො ලබයි.

 

366.෴

අපපලාභොපි චෙ භිකඛු – සලාභං නාතිමඤඤති,
තං වෙ දෙවා පසංසනති – සුදධාජීවිං අතන‍දිතං

 

Appalabhopi ce bhikkhu
salabham nati mannati
tam ve deva pasamasanti
suddhajivim atanditam.

(වේළුවන – විපක්ෂ තේවක මහණකු අරබයා)
අඩු ලැබීම් ඇති භික්ෂුනමක් තමාට ලැබෙන අල්ප දෙය පහත් කොට නො සිතා නම්, ඒ පිරිසිඳු ජීවිකාවක් ඇති කුසීත නො වූ භික්ෂුවට දෙවියෝ ප්‍රශංසා කරත්.

 

367.෴

සබබසො නාමරූපසමිං – යසස නත‍ථී මමායිතං,
අසතා ච න සොචති – ස වෙ භිකඛුති වුචචති

 

Sabbaso namarupasmim
yassa natthi mamayitam
asata ca na socati
sa ve “bhikkhu” ti vuccati.

(ජේතවන – බමුණකු අරබයා)
යමෙකුට නාම ය යි රූප ය යි කියනු ලබන ස්කන්ධ පසෙ හි මම ය මා ගේ ය යන හැගීමක් නැති ද , ඒ නාම රූප දෙක නැති වූ කල් හි ශෝක කිරීමක් නොකෙරේ ද, හෙතෙම ඒකාන්තයෙන් භික්ෂු නමක ය යි කියනු ලැබේ.

 

368.෴

මෙතතා විහාරී යො භිකඛු – පසනෙනා බුදධ සාසනෙ
අධිගචෙඡ පදං සනතං – සංඛාරූපසමං සුඛං

 

Mettavihari yo bhikkhu
pasanno buddhasasane
adhigacche padam santam
sankharupasamam sukham.

(ජේතවන – බොහෝ භික්ෂුන් අරබයා)
බුදුන් ගේ ධර්මයෙහි ස්ථීර ලෙස පැහැදුන යම් භික්ෂුනමක් මෛත්‍රී භාවනාවෙන් යුත් නම් සංස්කාරයන් ගේ සංසිඳීමය යි කියන ලද ශාන්ත වූ නිවන් සැපය ලබන්නේ ය.

 

369.෴

සිඤච භිකඛු ඉමං නාවං – සිතතා තෙ ලහුමෙසසති
ඡෙත‍වා රාගං ච දොසං ච – තතො නිබබාණමෙහිසි

 

Sinca bhikkhu imam navam
sitta te lahumessati
chetva raganca dosanca
tato nibbanamehisi.

(ජේතවන – බොහෝ භික්ෂුන් අරබයා)
භික්ෂුව, මේ ශරීරය නැමැති නැවේ පිරී තිබෙන කාම විතර්කාදී ජලය ඉස දමව, එ සේ ඉසදැමූ විට තාගේ ශරීරය නම්සැ නැව සැහැල්ලූ වන්නේ ය. ඉක්බිති රාගයත් ද්වේෂයත් සිඳ දමා නිවනට පැමිණෙන්නෙ හි ය.

 

370.෴

පංච ඡිෙන‍ද, පංච ජහෙ – පංච චුතතරි භාවයෙ,
පංචසංගාතිගො භිකඛු – ඔඝතිණෙණාති වුච්චති

 

Panca chinde panca jahe
panca cuttari bhavaye
pancasangatigo bhikkhu
“oghatinno” ti vuccati.

(ජේතවන – බොහෝ භික්ෂුන් අරබයා)
සක්කාය දිට්ඨි ආදී පහතට අදනා බැමි ( ඕරම්භාගීය සංයෝජන පස) කපා දැමිය යුතු, රූප රාගාදී උඩ භවයන්ට අදනා බැමි ( උද්දම් භාගීය සංයෝජන ) පසද සිඳ යුතු ය. ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා ඉන්ද්‍රියයන් දියුණු කල යුතය. ඇලීම් පස දුරුකළ භික්ෂු ව සසර සැඩ පහර ඉක්මවා ගියේ ය යි කියනු ලැබේ.

 

371.෴

ඣාය භිකඛු, මා ච පමාදො – මා තෙ කාමගුණෙ භමසසු චිතතං
මා ලොහගුළං ගිලී පමතෙතා – මා කන‍දී දුකඛමිදං ති ඩයහමානො

 

Jhaya bhikkhu ma pamado
ma te kamagune ramessu cittam
ma lohagulam gili pamatto
ma kandi “dukkhamidan” ti dayhamano.

(ජේතවන – බොහෝ භික්ෂුන් අරබයා)

භික්ෂුව, ධ්‍යාන වඩව, ප්‍රමාද නො වෙව, තාගේ සිත කම් සැපෙහි නො ඇලෙවා . ප්‍රමාද වී නරකයේ ලෝ ගුළි නො ගිලූව මැනවි. නරකයෙ හි ඉපද දැවෙමින් මේක දුකය යි කිය කියා නො හඩන්න.

 

372.෴

නත‍ථී ඣානං අපඤඤසස – පඤඤා නත‍ථී අඣාය තො
යමහි ඣානං ච පඤඤා ච – ස වෙ නිබබාණසනතිකෙ

 

Natthi jhanam apannassa
panna natthi ajhayato
yamhi jhananca panna ca
sa ve nibbanasantike.

(ජේතවන – බොහෝ භික්ෂුන් අරබයා)

නුවණ නැත්තහුට ධ්‍යාන වැඩීමක් නැත. ධ්‍යාන භාවනා නො කරන්නාට තත්ත්ව ඥානයක් නැත. යමෙකු කෙරෙහි ධ්‍යානයත් තත්වඥානයත් තිබේ නම් හෙතෙම ඒකාන්තයෙන් නිවන සමීපයෙ හි ය.

 

373.෴

සුඤඤාගාරං පවිටඨසස – සනතචිතතසස භිකඛුනො
අමානුසී රතී හොති – සමමා ධමමං විපසසතො

 

Sunnagaram pavitthassa
santacittassa bhikkhuno
amanusi rati hoti
samma dhammam vipassato.

(ජේතවන – බොහෝ භික්ෂුන් අරබයා)

විවේක ස්ථානයකට පැමිණී, ශාන්ත සිතැති, මනා සේ ධර්මය විමසා බලන භික්ෂුවට දිව්‍යමය වූ ප්‍රීතියක් ඇති වේ.

 

374.෴

යතො යතො සමමසති – ඛන‍ධානං උදයබබයං
ලභති පීතිපාමොජජං – අමතං තං විජානතං

 

Yato yato sammasati
khandhanam udayabbayam
labhati pitipamojjam
amatam tam vijanatam.

(ජේතවන – බොහෝ භික්ෂුන් අරබයා)
යම් ආකාරයකින් ස්කන්ධයන් ගේ හට ගැනීම හා නැසී යාම විමසා බලයි ද ඒ භික්ෂු ව ඒ හැම විටකම ප්‍රීතිය හා සතුට ලබයි. එය නුවනැත්තාට අමෘතයක් වැනි ය.

 

375.෴

තත්‍රායමාදි භවති – ඉධ පඤඤසස භිකඛුනො
ඉන‍ද්‍රියගුතති, සනතුටඨි  – පාතිමොකෙඛ ච සංවරො,
මිතෙත භජසසු කල්‍යාණෙ – සදධාජීවෙ අතන‍දිතෙ

 

Tatrayamadi bhavati
idha pannassa bhikkhuno
indriyagutti santutthi
patimokkhe ca samvaro.
Mitte bhajassu kalyane
suddhajive atandite

376.෴

පටිසන‍ථාරවුතත්‍යසස – ආචාරකුසලො සියා
තතො පාමොජජබහුලො – දුකඛසසනතං කරිසසසි

 

patisantharavutyassa
acarakusalo siya
tato pamojjabahulo

dukkhassantam karissati.

(ජේතවන – බොහෝ භික්ෂුන් අරබයා)

මේ සස්නෙහි නුවණැති භික්ෂුවට පහත කරුණු දුක් නැසීමට මුල් වෙයි. ඇස ආදී ඉන්ද්‍රියයන් සංවර කිරීම එකකි.
ලද දෙයින් සතුටු වීම එකකි. පිරිසිඳු ව ජීවත් වීමත් , යහපත් මිතුරන් ආශ්‍රය කිරීමත්……

….ආහාරපානාදියෙන් හා ධර්මයෙන් අනුන් ට සංග්‍රහ කරන ස්වභාව ඇත්තකු විය යුතු ය. වත් පිළිවෙත් හි දක්ෂයකු විය යුතු ය. හේ සතුටින් යුක්ත වන්නේ දුක් කෙළවර කරන්නෙ හි ය.

 

377.෴

වසසිකා විය පුපඵානි – මදදවානි පමුක‍දචති,
එවං රාගං ච දොසං ච – විපපමුඤෙචථ භිකඛවො

 

Vassika viya pupphani
maddavani pamuncati
evam raganca dosanca
vippamuncetha bhikkhavo.

(ජේතවන – භික්ෂුන් 500ක් අරබයා)

මහණෙනි, යම් සේ සමන් මල් වැල මැලවී ගිය මල් බිම හෙළයි ද එමෙන් රාගය ද ද්වේෂය ද මුදාහරිව්.

 

378.෴

සනතකායො සනතවාචො – සනතවා සුසමාහිතො
වනතලොකාමිසො භිකඛු – උපසනෙතාති වුචචති

 

Santakayo santavaco
santava susamahito
vantalokamiso bhikkhu
“Upasanto” ti vuccati.

(ජේතවන – සන්තකාය තෙරුන් අරබයා)

සංසුන් කය හා වචන ඇති, ශාන්ත වූ,මනාසේ එකඟ වූ සිත් ඇති, වමාරා දැමූ ලෞකික ආශා ඇති භික්ෂුතෙම උපශාන්ත යයි කියනු ලැබේ.

 

379.෴

අතතනා චොදයතතානං – පටිමාසෙ අතතමතතනා
සො අතතගුතෙතා සතිමා – සුඛං භිකඛු විහාහිසි

 

Attana codayattanam
patimamsetha attana
so attagutto satima
sukham bhikkhu vihahisi.

(ජේතවන – තංගලකුල තෙරුන් අරබයා)

තමා විසින් ම තමා ගේ දොස් සොයා චෝදනා කර ගත යුතු ය, තමා විසින් ම තමාගේ මහණ ධර්ම පිරෙන්නේදැයි විමසා බැලිය යුතු ය. එසේ තමා රැකගත්, සිහි ඇති භික්ෂු ව සැපසේ වසන්නේ ය.

 

380.෴

අතතා හි අතතනො නාථො – අතතා හි අතතනො ගති
තසමා සඤඤමයතතානං – අසසං භද්‍රංව වාණිජො

 

Atta hi attano natho
(ko hi natho paro siya)

atta hi attano gati
tasma samyamamattanam
assam bhadramva vanijo.

(ජේතවන – තංගලකුල තෙරුන් ඇරබ)

තමාට පිහිට වන්නේ තමා ම ය. තමාට පිළිසරණත් තමාම ය. එබැවින් අස්වෙළෙන්දෙකු යහපත් අශ්වයෙකු හික්මවන්නා සේ තමා හික්මවා ගත යුතු ය.

 

381.෴

පාමොජජබහුලො භිකඛු – පසනෙනා බුදධසාසනෙ
අධිගචෙඡ පදං සනතං – සංඛාරූප සමං සුඛං.

 

Pamojjabahulo bhikkhu
pasanno buddhasasane
adhigacche padam santam
sankharupasamam sukham.

(ජේතවන – වක්කලී තෙරුන් අරබයා)

තමා ගේ ධර්මානුගත පැවැත්ම නිසා ධාර්මික, ප්‍රීතිය බහුල කොට ඇති, බුදු සස්නෙ හි පැහැදුණු භික්ෂු ව සංස්කාරයන් ගේ සංසිඳීමයෙන් ලබන ශාන්ත සැපය ලබන්නේ ය.

 

382.෴

යො හවෙ දහරො භිකඛු – යුඤජති බුදධසාසනෙ,
සො ඉමං ලොකං පභාසෙති – අබහා මුතෙතාව චන‍දිමා

 

Yo have daharo bhikkhu
yunjati buddhasasane
so’ mam lokam pabhaseti
abbha muttova candima.

(පූර්වාරාම – සුමන සාමණේරයන් අරබයා)

යම් තරුණ භික්ෂු වක් බුදුන් ගේ අනුශාසනාවෙ හි මනාව යෙදේ ද, හෙතෙම වළාකුලින් මිදුණු චන්ද්‍රයා මෙන් මේ ලෝකය බබුළුවයි.

 

භික්ඛු වග්ගය නිමි!