ධම්මපදය – 03 චිත්ත වග්ගය
සිත සහ සිතේ ස්වභාවය පිළිබද වදාළ ගාථා එකොළසකින් සමන්විත යි.

33.෴

ඵන්දනං චපලං චිත්තං – දුරක්ඛං දුන්නිවාරයං
උජුං කරොති මෙධාවී – උසුකාරොව තෙජනං

Phandanam capalam cittam
durakkham dunnivarayam
ujum karoti medhavi
usukarova tejanam.

නුවණැති පුද්ගලයා එහා මෙහා පනින්නා වූ,
එක් තැනෙක නො නවතින්නා වූ,
රැකීමට අපහසු වූ, වැළැක්වීමට අපහසු වූ,
සිත ඇද හැර කෙළින් කරයි,
(කුමක් මෙන් ද?) ඊතල සාදන්නා ඊයේ ඇද හැර සෘජු කරන්නාක් මෙනි.

(වාලිකා පබ්බතයෙදී-මේඝිය තෙරුන් අරබයා )

34.෴

වාරිජොව ථලෙ ඛිත්තො – ඔකමොකත උබ්භතො
පරිඵන්දති’දං චිත්තං – මාරධෙය්‍යං පහාතවේ

Varijova thale khitto
okamokata ubbhato
pariphandatidam cittam
maradheyyam pahatave.

දියෙන් උඩට ගෙන ගොඩ දැමූ
මත්ස්‍යයකු දඟලන්නා සේ
මාරයාගේ බැමි කැඩීම සඳහා
(භාවනාවෙ හි) යෙදවූ
මේ සිත එහා මෙහා දඟලයි.
(වාලිකා පබ්බතයෙදී-මේඝිය තෙරුන් අරබයා )

35.෴

දුන්නිග්ගහස්ස ලහුනො – යත්ථකාමනිපාතිනො
චිත්තස්ස දමථො සාධු – චිත්තං දන්තං සුඛාවහං

Dunniggahassa lahuno
yatthakamanipatino
cittassa damatho sadhu
cittam dantam sukhavaham

නිග්‍රහයට පත් කිරීම අපහසු වූ,
ඉක්මන් ගමන් ඇත්තා වූ,
කැමැති තැනෙක එල්බගන්නා වූ
සිත දමනය කිරීම යහපති.
දමනය කළ සිත සැප එළවන්නේය
(සැවැත්නුවර – මහණකු අරබයා)

36.෴

සුදුද්දසං සුනිපුණං – යත්ථ කාම නිපාතිනං
චිත්තං රක්ඛෙථ මෙධාවී – චිත්තං ගුත්තං සුඛාවහං

Sududdasam sunipunam
yatthakamanipatinam
cittam rakketha medhavi

cittam guttam sukhavaham.

නුවණැත්තා රූපයක් නැති බැවින්
දැකීමට ඉතා අපහසු වූ, ඉතා සියුම් වූ,
කැමති කැමති අරමුණක වැටෙන්නාවූ,
සිත රකින්නේය.
එසේ රැකගත් සිත සැප එළවන්නේ ය.
(සැවැත් නුවර – මහණකු අරබයා)

 

37෴

දූරං ගමං ඒක චරං – අසරීරං ගුහාසයං
යෙ චිත්තං සඤඤ මෙස්සන්ති – මොක්ඛන්ති මාර බන‍්ධනා

Durangamam ekacaram
asariram guhasayam
ye cittam samyamissanti
mokkhanti marabandhana.

යම් කෙනෙක් බොහෝ දුර ගමන් කරන්නා වූ,
තනි ව හැසිරෙන්නා වූ,
ඇස ට පෙනෙන රූපයක් නැත්තා වූ,
හෘදය නමැති ගුහාවෙ හි වසන්නා වූ
සිත හික්මවත් ද, ඔවුහූ මාරයාගේ බැමි වලින් මිදෙත්.
(බොහෝ දුර තිඛෙන දෙයක් වුවත්
මොහොතක දී සිහිකරන බැවින්
සිත දුර ගමන් කරන්නෙකැ යි කියනු ලැබේ.)
(සැවැත්නුවර – භාගිනෙය්‍ය සංඝරක්ඛිත තෙරුන් අරබයා)

38෴

අනවට්ඨිත චිත්තස්ස – සද්ධම්මං අවිජානතො
පරිප්ලවපසාදස්ස – පඤ්ඤා න පරිපූරති

Anavatthitacittassa
saddhammam avijanato
pariplavapasadassa
panna na paripurati.

එක් අරමුණක නො පිහිටෙව් සිතැති,
සත්‍ය ධර්මය නො දන්නා වූ,
චඤ්චල ශ්‍රද්ධා ඇති නොහොත්
ඉල්පීගිය ඉන්ද්‍රියයන් ඇති
පුද්ගලයා ගේ ප්‍රඥාව නො වැඩේ.
(සැවැත්නුවර – චිත්තහත‍ථ තෙරුන් අරබයා)

39෴

අනවස්සුත චිත්තස්ස – අනන්වාහතචෙතසො
පුඤ්ඤපාපපහීනස්ස – නත්ථි ජාගරතො භයං

Anavassutacittassa
ananvahatacetaso
punnapapapahinassa
natthi jagarato bhayam.

රාගයෙන් තෙත් නො වූ සිතැති,
ද්වේශයෙන් දළ නො වූ සිතැති,
පින් පව් දුරු කළ,
කෙලෙස් නිදි නැති පුද්ගලයා ට (සසර) භයක් නැත.
(සැවැත්නුවර – චිත්තහත‍ථ තෙරුන් අරබයා)

40෴

කුම්භූපමං කායමිමං විදිත‍්වා
නගරූපමං චිත්තමිදං ඨපෙත‍්වා
යොධෙථ මාරං පඤ්ඤායුධෙන
ජිතං ච රකෙඛ, අනිවෙසනො සියා

Kumbhupamam kayamimam viditva
nagarupam cittamidam thapetva
yodhetha maram panna vudhena
jitanca rakkhe anivesano siya

මේ කය මැටි භාජනයක් වැනි ය යි දැන,
මේ සිත (මනාසේ රැකි) නුවරක් මෙන් පිහිටුවා,
ප්‍රඥා නැමැති ආයුධයෙන් මාරයා හා යුද්ධ කරව්.
(එ සේ යුද්ධ කොට) දිනා ගත් දේ රැකගත යුතු යි.
(සිත එකඟකොට සමාපත්තියකට ඇතුල් වූ පමණින්)
සෑහීමට පත් නො විය යුතු යි.
(ශරීරය බිඳී යන මැටි බඳුනක් සේ අනිත්‍ය දැන, ඒ භාවනාව නිසා කෙලෙස් සතුරන්ට ළං විය නො හැකි බැවින් තමාගේ සිත සුරැකි නුවරක් මෙන් කොට කෙලෙස් සතුරන් හා යුද්ධ කළ යුතු ය යි දක්වන ලදී.)

(සැවැත්නුවර – විදශකි තෙරුන් අරබයා)

41෴

අචිරං වත’යං කායො
පඨවිං අධිසෙස්ස ති
ඡුද්ධො අපෙතවිඤඤාණො
නිරත්ථං ව කලිංගරං

Aciram vata’ yam kayo
pathavim adhisessati
chuddho apetavinnano
niratthamva kalingaram.

මේ ශරීරය නොබෝ කලකින්
පහවගිය සිත් ඇති ව ඉවත දමන ලද්දේ
වැඩකට නැති දිරා ගිය ලීයක් මෙන්
පොළොවෙ හි නිදන්නේ ය.

(සැවැත්නුවර – පූතිගත්ත තෙරුන් අරබයා)

42෴

දිසො දිසං යං තං කයිරා,
වෙරී වා පන වෙරිනං
මිචඡා පණිහිතං චිත්තං
පාපියො නං තතො කරෙ

Diso disam yam tam kariya
veri va pana verinam
micchapanihitam cittam
papiyo nam tato kare.

යමෙක් සිය හතුරෙකු ට යම් අනර්ථයක් කරන්නේ ද,
වෛරකාරයා වෛරකාරයෙකු ට යම් අනර්ථයක් කරන්නේ ද,
වැරදි සේ පිහිටුවාගත් (තමා ගේ) සිත
එය ට වඩා දරුණු අනර්ථයක් තමා ට කරන්නේ ය.
(කෝසල – නන්ද ගෝපාලයා අරබයා)

43෴

න තං මාතා පිතා කයිරා,
අඤ්ඤ වා පි ච ඤාතකා,
සම්මා පණිහිතං චිත්තං
සෙය්‍යසො නං තතො කරෙ

Na tam mata pita kayira
anne vapi ca nataka
sammapanihitam cittam
seyyaso naim tato kare.

මනා සේ පිහිටුවාගත් සිත
තමා උසස් බවට පමුණුවයි.
ඒ පැමිණවීම මවුපියන් විසින්
හෝ අන්‍ය වූ නෑයන් විසින් හෝ නො කළ හැක්කකි.
(මවුපිය නෑයන් විසින් කළ හැකි යහපත ට වඩා යහපතක් මනා සේ පිහිටවු සිත නිසා සිදු වේ.)
(සැවැත්නුවර – සොරෙය්‍ය තෙරුන් අරබයා)

චිත්ත වග්ගය නිමි