ධර්මයෙහි පිහිට කොටගෙන ජිවිතය පවත්වා ගැනීම පිළිබඳ වදාළ ගාථා දහහතකින් ධම්මට්ඨ වග්ගය සමන්විත යි.
256.෴

න තේන හෝති ධම්මට්ඨෝ – යේන ත්ථං සහසා න යෙ
යෝච අත්ථං අනත්ථං ච – උභෝ නිච්ඡෙය්‍ය පණ්ඩිතො.

 

Na tena hoti dhammattho
yenattham sahasa naye
yo ca attham anatthanca
ubbo niccheyya pandito.

(ජේතවන – විනිසකරුවකු අරබයා )

විනිශ්චයකරුවා තර්කානුකූල විසඳූ පමණින් ඔහු ගේ තීරණය සාධාරණ නොවේ. දෙපසම කීම් එකසේ සලකා විසඳීම සාධාරණ වේ.

 

257.෴

අසාහසේන ධම්මේන – සමේන නයතී පරෙ,
ධම්මස්ස ගුත්තෝ මේධාවී – ධම්මට්ඨෝති පවුච්චති.

 

Asahasena dhammena
samena nayati pare
dhammassa gutto medhavi
“dhammattho” ti pavuccati.

(ජේතවන – විනිස කරුවකු අරබයා)

යම් නුවණැත්තෙක් යුක්තියත් අයුක්තියත් දෙක නිශ්චය කොට, ඉක්මන් නො වී යුක්ති ධර්මයට අනුව පැමිණිලි විසන්දයිද, ධර්මය විසින් රක්නා ලද ඒ බුද්ධිමතා විනිශ්චය කාරයා යයි කියනු ලැබේ.

 

258.෴

න තේන පණ්ඩිතො හෝති – යාවතා බහු භාසති
ඛේමී අවේරී අභයෝ – පණ්ඩිතෝති පවුච්චති.

 

Na tena pandito hoti
yavata bahu bhasati
khemi averi abhayo
“pandito” ti pavuccati.

(ජේතවන – ජබ්බග්ගිය භික්ෂුන් ඇරබ)

බොහෝ දේ කථා කළ පමණින් පණ්ඩිතයෙක් නොවේ. මනා ඉවසීමෙන් යුතු , දුශ්චරිත නැමැති වෛර නැති, අනුන්ට බිය නොඋපදවන පුද්ගලයා පණ්ඩිතයා ය යි කියනු ලැබේ.

 

259.෴

න තාවතා ධම්මධරො  – යාවතා බහු භාසති
යො ච අප්පමපි සුත්වාන – ධම්මං කායෙන පස්සති
ස වෙ ධම්මධරො හොති – යො ධම්මං නප්පමජ්ජති.

 

Na tavata dhammadharo
yavata bahu bhasati
yo ca appampi sutvana
dhammam kayena passati
sa ve dhammadharo hoti
yo dhammam nappamajjati.

(ජේතවන – එකුදාන රහතුන් ඇරබ)

බොහෝ සේ කථා කළ පමණින් ධර්මධරයෙක් නො වේ. යමෙක් ස්වල්ප ධර්මයක් අසාගෙනත් නාම කයෙන් හෙවත් සිතින් ධර්මය දකී ද, යමෙක් ධර්මය පිළිපැදීමෙහි ප්‍රමාද නොවේ ද, හෙතෙම ධර්මධරයා නම් වේ.

 

260.෴

න තේන ථෙරො හොති – යෙනස්ස පලිතං සිරො
පරිපක්කෝ වයො තස්ච්ස – මොඝජිණ්ණෝති වුචචති

 

Na tena thero so hoti
yenassa palitam siro
paripakko vayo tassa
“moghajinno” ti vuccati.

(ජේතවන – ලකුණ්ඨක භද්දිය තෙරුන් අරබයා)

හිස කෙස් පැසුණු පමණින්ම ස්ථවිර නමක් නොවේ. ඔහුගේ වයස මෝරා ගියා පමණි. ඔහුට හිස් මහල්ලා ය යි කියනු ලැබේ.

 

261.෴

යමහි සච්චං ච ධම්මෝ ච – අහිංසා සංයමෝ දමෝ,
ස වෙ වන්තමලො ධීරො – ථෙරො ඉති පවුච්චති.

 

Yamhi saccanca dhammo ca
ahimsa samyamo damo
sa ve vantamalo dhiro
“thero2” iti pavuccati.

(ජේතවන – ලකුණ්ඨක භද්දිය තෙරුන් අරබයා)

යමෙකු කෙරෙහි සත්‍යයත්, ලෝකෝත්තර ධර්මයත්, කරුණා මෛත්‍රිය ආදියත්, කාය වාග් සංවරය ත් , ඉන්ද්‍රිය දමනයත් පිහිටියාහුද, වමාරා දැමූ කෙලෙස් කිලූටු ඇති ඒ නුවණැත්තා ස්ථවීර යයි කියනු ලැබේ.

 

262.෴

න වාක්කරණමත්තේන – වණ්ණපොක්ඛරතාය වා
සාධුරූපො නරො හොති – ඉස්සුකී මච්ඡරී සඨො.

 

Na vakkaranamattena
vannapokkharataya va
sadhurupo naro hoti
issuki macchari satho.

(ජේතවන – බොහෝ භිඬුන් අරබයා)

අනුන්ට ඊර්ෂ්‍යා කරන, තද මසුරු වූ, කපටි වූ මිනිසා, හොබනා වචන කී පමණින් හෝ ශරීරයේ මනා වර්ණ සටහන් ඇති පමණින් හෝ යහපත් මිනිසෙක් නො වේ.

 

263.෴

යස්ස චේතං සමුචඡින්නං – මූලඝච්චං සමූහතං,
ස වනතදෝසෝ මේධාවී – සාධු රූපොති වුච්චති.

 

Yassa cetam samucchinnam
mulaghaccam samuhatam
sa vantadoso medhavi
“sadhurupo” ti vuccati.

(ජේතවන – බොහෝ භික්‍ෂුන්අරබයා )

යමෙකු විසින් ඊර්ෂ්‍යාමානාදිය මනා සේ සිඳ දමන ලද්දේ ද, මුලින් උදුරා නසන ලද්දේ ද, ඒ වමාරා දැමූ කෙලෙස් ඇති පණ්ඩිතයා සත්පුරුෂයෙකැ යි කියනු ලැබේ.

 

264.෴

න මුණ්ඩකේන සමණො – අබ්බතො අලිකං භණං
ඉච්ඡා ලෝභසමාපන්නෝ – සමණෝ කිං භවිස්සති ?

 

Na mundakena samano
abbato alikam bhanam
icchalobhasamapanno
samano kim bhavissati.

(ජේතවන – හත‍ථක භික්‍ෂුවඅරබයා )

රකින ශීලයක් නැති බොරු කියන පුද්ගලයා හිස මුඩු කළ පමණින් මහණෙක් නො වේ. නොයෙක් දේ ලබන ආශාවෙන් හා ලැබූ දෙයට ඇලෙන ලෝභයෙන් යුතු පුද්ගලයා කෙ සේ නම් ශ්‍රමණයෙක් වේ ද?

 

265.෴

යො ච සමෙති පාපානි – අණුංථූලානි සබ්බසො,
සමිත්තතා හි පාපානං – සමණො ති පවුච්චති.

 

Yo ca sameti papani
anumthulani sabbaso
samitatta hi papanam
“samano” ti pavuccati.

(ජේතවන – හත‍ථක භික්‍ෂුව අරබයා )

යමෙක් කුඩා වූ අකුසල්ද මහත් වූ අකුසල්ද හැම ආකාරයෙන්මැ සංසිඳවයි ද, එසේ අකුසල් සංසිඳවූ බැවින් ශ්‍රමණ ය යි කියනු ලැබේ.

 

266.෴

න තේන භික්ඛු හොති – යාවතා භික්ඛතෙ පරෙ
විස්සං ධම්මං සමාදාය – භික්ඛු හොති න තාවතා

 

Na tena bhikkhu so hoti
yavata bhikkhate pare
vissam dhammam samadaya
bhikkhu hoti na tavata.

(ජේතවන – බමුණකු අරබයා )

අනුන්ගෙන් පිඬුසිඟා ගත් පමණින් භික්‍ෂුවක් නොවේ.
දුගඳ හමන (පිළිකුල් කටයුතු) දුශ්චරිතයන් හී යෙදී වසන පුද්ගලයා භික්‍ෂුවක් නො වේ.

 

267.෴

යොධ පුඤ්ඤං ච පාපං ච – බාහෙත්වා බ්‍රහ්මචරියවා
සංඛාය ලෝකෙ චරති – ස වෙ භික්ඛුති වුච්චති.

 

Yo’dha punnanca papanca
bahetva brahmacariyava
sankhaya loke carati
sa ve “bhikkhu” ti vuccati.

(ජේතවන – බමුණකු අරබයා )

මේ ලෝකයෙ හි යමෙක් පින් ද, පව් ද, දුරු කොට බ්‍රහ්මචර්යාවෙන් යුක්ත ව ස්කන්ධ ආදිය නුවණින් සලකා බලා හැසිරේ නම් හෙතෙම භික්‍ෂුවකැ යි කියනු ලැබේ.

 

268.෴

න මොනෙන මුනි හොති – මුළභරූපො අවිද්දසු
යො ච තුලංව පග්ගය්හ – වරමාදාය පණ්ඩිතො….

 

Na monena muni hotimulharupo aviddasu
yo ca tulamva paggayha
varama daya pandito.

269.෴

පාපානි පරිවජ්ජේති – සමුනී, තේන සො මුනි
යො මුනාති උභො ලෝකෙ – මුනී තේන පවුච්චති

 

Papani parivajjeti
sa muni tena so muni
yo munati ubho loke
“muni” tena pavuccati.

(ජේතවන – තීර්ථකයකු අරබයා)

මුළා ස්වභාව ඇති අඥානයා කතා නොකොට හුන් පමණින් මුනි නම් නො වේ. යම් නුවණැත්තෙක් තරාදිය අතට ගත්තකු මෙන් කිරා බලා යහපත් දෙය රැගෙන අයහපත් අකුශලයන් දුරු කරයි ද, යමෙක් මෙලොව පරලොව දෙක ම අනිත්‍යාදී වශයෙන් පිරිසිඳ දනී ද ඒ කාරණයෙන් හෙතෙම මුණි ය යි කියනු ලැබේ.

 

270.෴

න තේන අරියෝ හෝති – යේන පාණානි හංසති
අහිංසා සබ්බපාණානං – අරියෝති පවුච්චති.

 

Na tena ariyo hoti
yena panani himsati
ahimsa sabbapapnam
“ariyo” ti pavuccati.

(ජේතවන – වැදදකු අරබයා )

සත්වයන් හිංසා කිරීමෙන් ආර්යයෙකු නොවේ, හැම සතුනටම හිංසා නොකරන්නා, ආර්යයෙකැ යි කියනු ලැබේ.

 

271.෴

න සලී බ්බතමත්තේන – බාහසු චෙචන වා පනු
අථ වා සමාධිලාභෙන – විවිචච සයනෙන වා

Na silabbatamattena
bahusaccena va pana
atha va samadhilabhena
vivittasayanena va.

272.෴

ඵුසාමි නෙක්ඛම්ම සුඛානි – අපුථුජ්ජන සෙවිතං,
භික්ඛු විසසාසමාපාදී – අප්පත්තෝ ආසවක්ඛයං

Phusami nekkhammasukham
aputhujjanasevitam
bhikkhu vissasamapadi
appatto asavakkhayam.

(ජේතවන – භික්ෂුන් අරබයා)

සිල් හා ධූතාංග පිරූ පමණින් හෝ, උගත්කම ඇති පමණින් හෝ, සමාධි ලැබූ පමණින් හෝ විවේකස්ථානයක විසූ පමණින් හෝ “මම පෘථග්ජනයන් ට නො ලැබිය හැකි කාමයන්ගෙන් වෙන්වීමේ සැපය ලබමි” යි තෘප්තියට නො පැමිණිය යුතු ය. ඒ භික්‍ෂු නම (ඒ තාක්) ආශ්‍රවක්ෂයට හෙවත් රහත් බව ට නො පැමිණියේ ය.

 

ධම්මට්ඨ වග්ගය නිමි!