ආර්ය ශ්‍රාවකයා ජාති, ජරා, මරණ රහිත නිර්වාණය කරා ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගමන් ගන්නා අකාරය පිළිබද වදාළ
ගාථා එකොළහකින් යුක්ත යි.

146.෴

කො නු හාසො කිමානන්දො – නිච්චං පජ්ජලිතෙ සති
අන‍්ධකාරෙන ඔනද්ධා – පදීපං න ගවෙස්සථ

 

Ko nu haso kimanando
niccam pajjalite sati
andhakarena onaddha

padipam na gavesatha.

(ජේතවන – විශාඛාවගේ යෙහෙළියන් අරබයා )

මේ ශරීරය (රාග, ද්වේශ, මෝහ, ජාති, ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස්, බලවත් සිත් තැවිල්ල යන) ගිනි එකොළොසකින් නිතර දැවෙන කල් හී කවර සිනාවක් ද? කවර ප්‍රීතියක් ද? මෝහන්ධකාරයෙන් වැසී ගිය තෙපි එය දුරු කර ගැනීමට නුවණ නැමැති පහනක් නො සොයව් ද?

 

147.෴

පස්ස චිත්තකතං බිම්බං – ආරුකායං සමුස්සිතං
ආතුරං බහුසංකප්පං – යස්ස නත‍්ථී ධුවං ඨිති.

 

Passa cittakatam bimbam
arukayam samussitam
aturam babusankappam
yassa natthi dhuvam thiti.

(වෙළුවන – සිරිමා ගණිකාව අරබයා )

යම් ශරීරයක්හු ගේ ස්ථීර පැවැත්මක් නැද්ද, සිතියම් කරන ලද රූපයක් වැනි වූ, ඇට කටුවලින් ඔසවා තබන ලද වණ සමූහයක් වැනි වූ, රෝගියෙකු වැනි වූ, නොයෙක් බාහිර විසිතුරෙන් සරසන ලද්දාවූ මේ සිරුර දෙස බලව්.

 

148.෴

පරිජිණ්ණමිදං රූපං – රොගනිඩ්ඪං පභංගුරං
භිජ්ජති පූතිසන්දෙහො – මරණන්තං හි ජීවිතං.

 

Parijinnamidam rupam
roganilam pabhanguram
bhijjati putisandeho
maranantam hi jivitam.

(ජේතවන – උත්තරී තෙරණිය අරබයා )

දිරන ස්වාභාවය ඇති මේ ශරීරය රෝගයන්ට ආකරයකි, වහා බිදී යන ස්වභාව ඇත්තකි. මේ කුණු (වැගිරෙන) ශරීරය බිදී යයි. ජීවිතය මරණය කෙළවර කොට ඇත්තේ ය.

 

149.෴

යානි මානි අපත‍්ථානි – අලාපූනෙව සාරදෙ
කාපොතකානි අට්ඨිනි – තානි දිස්වාන කා රති

 

Yanimani apatthani
alabuneva sarade
kapotakani atthini
tani disvana ka rati

(ජේතවන – අධිමානික භික්ෂුන් අරබයා )

සරත් කාලයෙ හි හටගත් (අළු පැහැති) ලබු කටු මෙන් තැනින් තැන දමා තිඛෙන අළු පැහැති ඇට දැකීමෙන් කෙසේ නම්ඇලීමක් ඇතිවේද?

150.෴

අට්ඨිනං නගරං කතං – මංසලොහිතලෙපනං
යත‍්ථ ජරා ච මච්චු ච – මානො මක්ඛො ච ඔහිතො.

 

Atthinam nagaram katam
mamsalohita lepanam
yattha jara ca maccu ca
mano makkho ca ohito.

(ජේතවන – රූපනන්ඳා තෙරණිය ඇරබ)

ඇට (කණු මෙන් සිටුවා) මස් ලේ ආලේප කිරීමෙන් (හෙවත් මස් ලේ නමැති මැටි ගැසීමෙන්) කළ නගරයක් වේ. එහි ජරාව ද මරණය ද මානය ද අනුන් ගුණ මැකීම ද වාසය කරත්. (ඒවා එහි බහා තබන ලදහ.)

 

151.෴

ජීරන්ති වෙ රාජරථා සුචිත්තා – අතො සරීරම්පි ජරං උපෙති
සතං ච ධම්මො න ජරං උපෙති – සන්තො හවෙ සබ්භී පවෙදයන්ති

 

Jiranti ve rajaratha sucitta
atho sarirampi jaram upeti
satanca dhammo1 na jaram upeti
santo have sabbhi pavedayanti.

(ජේතවන – මල්ලිකා දේවිය අරබයා )

මනාසේ විසිතුරු කැටයමින් සැරසූ රජුන් ගේ රථයෝ ද ඒකාන්තයෙන් දිරීමට පත්වෙත්. එසේම ශරීරය ද දිරීමට පත් වේ. සත්පුරුෂයන් ගේ ධර්මය දිරීමට පත් නො වෙයි. බුද්ධාදී උත්තමයෝ මේ කාරණය නියත වශයෙන් ප්‍රකාශ කරත්.

 

152.෴

අප්පස්සුතායං පුරිසො – බලිවද්දොව ජීවති
මංසානි තස්ස වඩ්ඪන්ති – පඤ්ඤා තස්ස න වඩ්ඪති.

 

Appassutayam puriso
balibaddova grati
mamsani tassa vaddhanti
panna tassa na vaddhati.

(වෙළුවන – ලාලූදායි තෙරුන් අරබයා )

නූගත් මිනිසා ගොනෙකු මෙන් (කා බී) ජීවත්වෙයි.
ඔහු ගේ මස් වැඩේ, නුවණ නො වැඩේ.

 

153.෴

අනෙක ජාති සංසාරං – සන‍්ධාවිස්සං අනිබ්බිසං
ගහකාරකං ගවෙසන්තො – දුක්ඛා ජාති පුනප්පුනං.

 

Anekajatisamsaram
sandhavissam anibbisam
gahakaram gavesanto
dukkha jati punappunam

(බොමැඩ – උදාන ගාථා)

නැවත නැවත ඉපදීම දුකකි. මම ශරීර නමැති ගෙය සාදන්නා සොයමින් ඔහු සොයා ගත නො හැකි ව නොයෙක් ඉපදීම් ඇති සංසාරයෙහි ඇවිද්දෙමි. (කුමක් හෙයින් ද?) .

 

154.෴

ගහකාරක, දිට්ඨෝසි – පුනගෙහං න කහාසි
සබ්බා තෙ ඵාසුකා භග්ගා – ගහකුටං විසංඛිතං
විසංඛාරගතං චිත්තං – තණහානං ඛය මජඣගා.

 

Gahakaraka ditthosi
puna geham na kahasi
sabba te phasuka bhagga
gahakotam visankhatam
visankharagatam cittam
tanhanam khayamajjhaga

(බොමැඩ – උදාන ගාථා)

ශරීර නැමැති ගෙය සාදන වඩුව, මම නුඹව දිටිමි. නුඹට නැවත ගෙවල් සාදන්ට ලැඛෙන්නේ නැත. නුඹගේ (කෙලෙස් නමැති) ඉල ඇට සියල්ල බිදින ලදී. ගෙයි කැණීමඩල (මුදුන) විසිරුවා දමන ලදි. සංස්කාරයන්ගෙන් නිදහස් වූ මාගේ සිත තෘෂ්ණාක්ෂය නමැති නිවන ට පැමිණියේ ය. (මේ ගාථා දෙක බුද්ධත්වය ලැබූ විගස ප්‍රීති වාක්‍ය වශයෙන් ප්‍රකාශ කරන ලදී)

 

155.෴

අචරිත‍්වා බ්‍රහ්මචරියං – අලද්ධා යොබ්බනෙ ධනං
ජිණ්ණකොක‍දචා ව ඣායන්ති – ඛීණමච්ඡෙව පල්ලලෙ.

 

Acaritva brahmacariyam
aladdha yobbane dhanam
jinnakoncava jhayanti
khinamaccheva pallale.

(ඉසිපතන – මහධන සිටුපුත් අරබයා)

තරුණ කාලයේ දී බ්‍රහ්මචර්යාවෙ හි නො යෙදී, (ගිහියන් විසින් ලැබිය යුතු) ධනය ත් නො ලැබ හෙවත් රැස් කර නො ගෙන, මසුන් නැති දිය සිදුණු විලක තැවෙන්නා වූ මහලූ කොස්වා ලිහිණි මෙන් තැවෙත්.

 

156.෴

අචරිත‍්වා බ්‍රහ්මචරියං – අලද්ධා යොබ්බනෙ ධනං
සෙන්ති චාපාතිඛිත්තාව – පුරාණානි අනුත‍්ථුනං.

 

Acaritva brahmacariyam
aladdha yobbane dhanam
senti capatikhinava
puranani anutthunam.

(ඉසිපතන – මහධන සිටුපුත් අරබයා )

ශක්තිමත් කාලයේ දී බඹසර නො හැසිර හෙවත් සිල් නො රැක, (ගිහියෙකු වශයෙන් රැස් කළ යුතු) ධනය රැස් නො කොට, ඒ ඒ තැනට විදින ලදත් ඒ ඒ තැන කැලේ වැටී තිඛෙන ඊතල මෙන් (තමන්) පෙර විදි සම්පත් සිහි කොට තැවෙමින් වැටී සිටිත්. (ඊතල දුන්නෙන් විදිනු ලබන අවස්ථාවන් හී සතුන් මැරීමාදියට සමර්ථ වුවත් කැලේ වැටුණු පසු වේයන් විසින් කා දමනු ලැබේ. නැතහොත් මලකඩ කා දිරා යත්. මේ අඥාන පුද්ගලයෝ ඒ ඊතලවලට සමාන වෙති.)

ජරා වග්ගය නිමි!