ලෝකය පිළිබද වදාළ ගාථා දොළසකින් යුක්ත යි.

 

167.෴

හීනං ධම්මං න සේවෙය්‍ය – පමාදෙන න සංවසේ
මිචඡාදිටඨිං න සේවෙය්‍ය – න සියා ලෝකවද්ධනො.

 

Hinam dhammam na seveyya
pamadena na samvase
micchaditthim na seveyya
na siya lokavaddhano.

(ජේතවන – භික්ෂුවක ඇරබ)

ළාමක වූ කාම සම්පත් සේවනය නො කළ යුතුය, කුශල ධර්මයෙහි ප්‍රමාදයෙන් යුක්ත ව නො විසිය යුතුය, වැරදි ඇදහීම නොගත යුතු ය. ලෝකය වඩන්නෙකු, සසර දික්කරගන්නෙකු නොවිය යුතු. (සංසාරයෙ හි නැවත නැවත ඉපදීම ලෝකය වැඩීම ය යි කියනු ලැබේ)

 

168.෴

උත්තිට්ඨේ, නප්පමජ්ජෙය්‍ය – ධම්මං සුචරිතං චරේ,
ධම්මචාරී සුඛං සේති – අස්මිං ලෝකේ පරම්හි ච.

 

Uttitthe nappamajjeyya
dhammam sucaritam care
dhammacari sukham seti
asmim loke paramhi ca.

(නිග්‍රොධාරාම – සුදොවුන් රජු ඇරබ)

නිතර උත්සාහවන්තව විසිය යුතුය, කුශල ධර්මයෙහි ප්‍රමාද නොවිය යුතුය, ධර්මය පිළිපදින පුද්ගලයා මෙලොව දී ත් පරලොවදී ත් සුවසේ වසයි.

 

169.෴

ධම්මං චරේ සුචරිතං – න තං දුචේචරිතං චරේ
ධම්මචාරි සුඛං සේති – අස්මිං ලෝකේ පරම්හි ච.

 

Dhammam care sucaritarm
na nam duccaritam care
dhammacari sukham seti
asmim loke paramhi ca.

(නිග්‍රොධාරාම – සුදොවුන් රජු ඇරබ)

සුචරිත ධර්මයෙහි හැසිරිය යුතු යි. දුශ්චරිතයෙ හි නො යෙදිය යුතු යි. ධර්මයෙ හි හැසිරෙන්නා මෙලොව පරලොව දෙකේ දි ම සුවසේ වසයි.

 

170.෴

යථා බුබ්බුලකං පස්සේ – යථා පස්සේ මරීචිකං,
ඒවං ලෝකං අවෙක‍්ඛන්තං – මච්චුරාජා න පස්සති.

 

Yatha pubbulakam passe
yatha passe maracikam
evam lokam avekkhantam

maccuraja na passati.

(ජේතවන – භික්ෂුන් 500ක් ඇරබ)

මේ ලෝකය දිය බුබුලක් සේ වහා බිදී යන්නකැයි ද, මිරිගුවක් සේ අසත්‍ය ස්වභාවයෙන් යුක්ත වූවකැයි ද, දකින පුද්ගලයා මාරයාට නො පෙනේ.

 

171.෴

ඒථ, පස්සථී මං ලෝකං – චිත්තං රාජරථූපමං,
යත‍්ථ බාලා විසීදන්ති – නත‍්ථී සංගෝ විජානතං.

 

Etha passathimam lokam
cittam rajarathupamam
yattha bala visidanti
nattbi sango vijanatam.

(වෙළුවන – අභය රාජ කුමාර ඇරබ)

මෙහි එවූ. විසිතුරු කරන ලද රාජ රථයක් වැනි වූ මේ ලෝකය බලව්. අඥානයෝ යම් ලෙසකින් මේ ලෝකයෙහි නිෂ්ඵල වූ දෙහි ඇලී ගැලී ඒ තුල ගිලා බසිත් ද, නුවණැත්තන් ට මේ ලෝකයෙහි එවන් අසාර ඇල්මක් නොවන්නේය.

 

172.෴

යෝ ච පුබ්බේ පමජ්ජිත‍්වා – පච්ඡා සෝ නප්පමජ්ජති,
සෝ ඉමං ලෝකං පභාසේති – අබ්භා මුත්තෝව චන‍්දිමා.

 

Yo ca pubbe pamajjit va
pacchi so nappamajjati
so’mam lokam pabhaseti
abbha muttova candima.

(ජේතවන – සම්මුංජනි තෙරුන් ඇරබ)

යමෙක් මුල දී ප්‍රමාදයෙන් යුක්ත ව සිටියද පසු ව නමුත් අප්‍රමාදයෙන් යුක්ත වේ නම් හෙතෙම වළාකුලින් මිදුණු චන්ද්‍රයා මෙන් මේ ලෝකය බබුළුවයි.

 

173.෴

යස්ස පාපං කතං කම්මං – කුසලේන පිථීයති
සෝ ඉමං ලෝකං පභාසේති – අබ්භා මුත්තෝව චන‍්දිමා.

 

Yassa papam katam kammam
kusalena1 pidhiyati
so’mam lokam pabhaseti
abbha muttova candima.

(ජේතවන – අඟුල්මල් තෙරුන් ඇරබ)

යමෙකු කළ සුළු පව පසු ව කළ මහත් කුශල කර්මයකින් වසා දමනු ලැබේ නම් හෙතෙම වලාකුළින් මිදුණු සද මෙන් මේ ලෝකය බබුළුවයි.
(අංගුලිමාල තෙරුන් මහණ වෙන්ට පෙර සිය ගණන් මිනිසුන් මැරූ නමුත් ඒ පව් කම් සියල්ල රහත් මගින් වනසා දමන ලදී. එය එක ම ආත්මයකදී සිදු වූවකි.)

 

174.෴

අන‍්ධභූතෝ අයං ලෝකෝ – තනුකෙත‍්ථ විපස්සති
සකුන්තෝ ජාලමුත්තෝව – අප්පෝ සග්ගාය ගච්ඡති.

 

Andhabhuto ayam loko
tanuke’ttha vipassati
sakuno jalamuttova
appo saggaya gacchati.

(අග්ගලාව – පෙසකාර දුව ඇරබ)

මේ ලෝවැසි සත්ව සමූහයා (නුවණැස් නැති බැවින්) අන්ධ ය, ස්වල්ප දෙනෙක් පමණක් ලෝකයේ අනිත්‍ය, දුක්ඛාදි වශයෙන් නුවණින් දකිත්. එ බැවින් දැලකට අසු වූ පක්ෂීන් ගෙන් ඉතා ටික දෙනෙකුන් ඉන් ගැලවි යන්නා සේ ලෝවැසි ස්වල්ප දෙනෙක් ම පමණක් සුගතියට යති.

 

175.෴

හංසා දිච්චපථේ යන්ති – ආකාසේ යන්ති ඉද්ධියා
නීයන්ති ධීරා ලෝකම්හා – ජෙත‍්වා මාරං ස්වාහිනිං

 

Hamsa diccapathe yanti
ikase yanti iddhiya
niyanti dhira lokamha

jetva maram savahinim.

(ජේතවන – භික්ෂූ තිස්නමක් ඇරබ)

හංසයෝ හෙවත් පක්ෂීහූ අහසින් යති. ඍද්ධිමත්හූ ඒ ඍද්ධි බලයෙන් අහසෙන් ගමන් කරත්. මාර්ග ඵල ලැබූ ප්‍රාඥයෝ සේනා සහිත මරු පරදවා ලෝකයෙන් ඉවත්ව යත්.

 

176.෴

ඒකං ධම්මං අතීතස්ස – මුසාවාදිස්ස ජන්තුනෝ
විතිණ්ණපරලෝකස්ස – නත‍්ථී පාපං අකාරියං.

 

Ekam dhammam atitassa
musavadissa jantuno
vitinnaparalokassa

natthi papam akariyam.

(ජේතවන – චිංචා ඇරබ)

සත්‍යය වසන් කොට බොරු කියන්නා වූ, පරලොව ගැන විශ්වාසයක්, බලාපොරොත්තු නැති මිනිසාට නොකළ හැකි පවක් නැත.

 

177.෴

න වේ කදරියා දේවලෝකං වජන්ති – බාලා හවෙ නප්පසංසන්ති දානං
ධීරෝ ව දානං අනුමෝදමානෝ – තේනේව සෝ හෝති සුඛී පරත‍්ථ.

 

Na ve kadariya devalokam vajanti
bala have nappasamsanti danam
dhiro ca danam anumodamano

teneva so hoti sukhi parattha.

(ජේතවන – අසදිස දානය ඇරබ)

තද මසුරෝ කිසි කලෙකත් දෙව්ලොව නූපදිත්. අඥානයෝ දන් දීමට ප්‍රසංසා නො කරත්. නුවණැත්තා දානය අනුමත කරමින් එයට සතුටු වෙමින් එයින් ම පරලොව දී සුවපත් වෙයි.

 

178.෴

පථව්‍යා ඒකරජ්ජේන – සග්ගස්ස ගමනේන වා
සබ්බලෝකාධිපච්චේන – සෝතාපත්තිඵලං වරං.

Pathabya ekarajjena
saggassa gamanena va
sabbalokadhipacce na

sotapattiphalam varam.

(ජේතවන – අනේපිඩු පුතු ඇරබ)

මුළු පොළොවේ අධිපති වූ සක්විති රජ වීමටත් වඩා, දෙව්ලොව ඉපදීමටත් වඩා, මුළු ලොව ට අධිපති මහා බ්‍රහ්මභාවයටත් වඩා, සෝවාන් ඵලය ලැබීම උතුම් වේ.

 

ලෝක වග්ගය නිමි!