විවිධ තේමාවන්ට අදාළ ව වදාළ ගාථා දහසයකින් ප්‍රකිර්ණක වර්ගය සමන්විත යි.

 

290.෴

මත්තාසුඛ පරිච්චාගා – පස්සේ චේ විපුලං සුඛං
චජෙ මත්තාසුඛං ධීරො – සම්පස්සං විපුලං සුඛං.

 

Matta sukhapariccaga
passe ce vipulam sukham
caje mattasukhirh dhiro
sampassam vipulam sukham

(වේළුවන – බුදුරදුන් තමා ගේ පෙර කර්මයක් අරබයා)

අල්පමාත්‍ර සැපයක් අත් හැරීමෙන් මහත් සැපයක් දකී නම්, නුවණැත්තා ඒ නිර්වාන නම් වූ මහත් සැපය දෙස බලමින් අල්පමාත්‍ර කාම සැපය අත්හරින්නේ ය.
(කාම සැපය තාවකාලික අල්පමාත්‍ර එකකි. ධ්‍යාන සැපය ඊට වඩා උසස් සැපයකි.)

 

291.෴

පරදුක්ඛූපදානේන – අත්තනෝ සුඛමිච්ඡති,
වෙර සංසග්ග සංසට්ඨෝ – වෙරා සො න පරිමුච්චති.

 

Paradukkhupadhanena
athno sukhamicchati
verasamsaggasamsattho
vera so na parimuccati.

(ජේතවන – කිකිළි බිජු කෑ ස්ත්‍රියක් අරබයා)

යමෙක් අනුන්ට දුක් දීමෙන් තමාට සැප කැමති වේ ද වෛරයෙන් බැඳුණු සිතැති හෙතෙම වෛරයෙන් නිදහස් නො වේ.

 

292.෴

යං හි කිච්චං තදපවිද්ධං – අකිච්චං පන කයිරති
උන්නළානං පමත්තානං – තෙසං වඩ්ඪන්ති ආසවා.

 

Yam hi kiccam apaviddham
akiccam pana kariyati
unnalanam pamattanam
tesam vaddhanti asava.

(භද්දිය නුවර – භද්දිය භික්ෂුන් අරබයා)

තමන් කළ යුතු දෙය නො කොට හරින ලද්දේ ද, නො කළ යුතු දෙය කරනු ලැබේ ද, මමඥාවෙන් පිම්බුණු, ප්‍රමාදී වූ ඒ පුද්ගලයා ගේ ආශ්‍රවයෝ වැඩෙත්.

 

293.෴

යෙසං ච සුසමාරද්ධා – නිච්චං කායගතා සති,
අකිච්චං තෙ න සෙවන්ති – කිච්චේ සාතච්චකාරිනො
සතාකං සම්පජානානං – අත‍ථං ගචඡන්ති ආසවා.

 

Yesanca susamaraddha
niccam kayagata sati
akiccam te na sevanti
kicce sataccakarino
satanam Sampajananam
attham gacchanti asava.

(භද්දිය නුවර – භද්දිය භික්ෂුන් අරබයා)

කාය ගතා සතිය නිතර වඩනු ලැබේ ද, ඔවුහූ නො කටයුතු දේ නො කරත් ද , සතියෙන් නිබඳ හැසිරෙත්ද ඔවුන් ගේ ආශ්‍රවයෝ විනාශයට යෙත්.

 

294.෴

මාතරං පිතරං හනත්වා – රාජානො දෙව ච ඛත්තියෙ
රට්ඨං සානුචරං හන්ත්වා – අනීඝො යාති බ්‍රාහ්මණො.

 

Mataram pitaram hantva
rajano dye ca khattiye
rattham sanucaram hantva
anigho yati brahmano.

(භද්දිය නුවර – භද්දිය භික්ෂුන් අරබයා)

තෘෂ්ණාව නම් මව ද මමඥාව (මමය මාගේය – මම කියා කෙනෙක් ඇතැයි කියා හැගීම) නම් පියා ද, සාශ්රුත හා උඡේද දෘෂ්ඨි නම් රජුන් දෙදෙනෙකුන් ද, තෘෂ්ණා නම් භාන්ඩාගාරික සහිත ඇස් කන් නාසා ආදී දොළොස් ආයතනයෝ නම් මුළු රටම ද වනසා අරහත් නම් බ්‍රාහ්මණ තෙමේ විපත් නැතිව ගමන් කරයි.

 

295.෴

මාතරං පිතරං හන්ත්වා – රාජානෝ දෙව ච සොත්ථීයෙ
වෙය්‍යග්ඝපඤ්චමං හන්ත්වා – අනීඝො යාති බ්‍රාහ්මණො.

 

Mataram pitaram hantva
rajano dve ca sotthiye
veyagghapancamam hantva
anigho yati brahmano.

(ජේතවන – දාරුසාරික අරබයා)

තෘෂ්ණාව නම් මව ද මමඥාව (මමය මාගේය – මම කියා කෙනෙක් ඇතැයි කියා හැගීම) නම් පියා ද, සාශ්රුත හා උඡේද දෘෂ්ඨි නම් රජුන් දෙදෙනෙකුන් ද බ්‍රාහ්මණ තෙමේ මවද පියාද බ්‍රාහ්මණ වංශික රජුන් දෙදෙනෙකුන් ද ව්‍යාඝ්‍රයා පස්වෙනි කොට ඇති සතුන් ද නසා බ්‍රාහ්මණයා (රහත් උතුමා) නිරුපද්‍රිතව යයි.
(මෙහි ව්‍යාඝ්‍රයා පස්වෙනි කොට ඇති සත්තු නම් කාමච්ඡන්දව්‍යාපාද-ථීනමිද්ධ-උද්ධච්ඡ-කුක්කුච්ඡ-විචිකිච්ඡා යන නීවරණ පස යි. ඉතිරි මව් පියාදීහූ උඩ 6 වන ගාථාවේ කී ලෙසින් දත යුත්තා හ.)

 

296.෴

සුප්පබුද්ධං පබුජඣන්ති – සදා ගෝතමසාවකා,
යෙසං දිවා ච රත්තෝ ච – නිච්චං බුද්ධගතා සති.

 

Suppabuddham pabujjhanti
sada gotamasavaka
yesam diva ca ratto ca
niccam buddhagata sati.

(ජේතවන – දාරුසාරික අරබයා)

රෑ දාවල් දෙකෙහි නිතර බුදු ගුණ සිහි කිරීම කරන ගෞතම ශ්‍රාවකයෝ හැම කල් හී මනා පිබිදීමෙන් පිබිදෙත්.

 

297.෴

සුප්පබුද්ධං පබුජඣන්ති – සදා ගෝතමසාවකා,
යෙසං දිවා ච රත්තෝ ච – නිච්චං ධම්මගතා සති.

 

Suppabuddham pabujjhanti
sada gotamasavaka
yesam diva ca ratto ca
niccam dhammagata sati.

(ජේතවන – දාරුසාරික අරබයා)

රෑ දාවල් දෙකෙහි නිතර ධර්මයෙහි ගුණ සිහි කිරීම කරන ගෞතම ශ්‍රාවකයෝ හැම කල් හී මනා පිබිදීමෙන් පිබිදෙත්.

 

298.෴

සුප්පබුද්ධං පබුජඣන්ති – සදා ගෝතමසාවකා,
යෙසං දිවා ච රත්තෝ ච – නිචචං සංඝගතා සති.

 

Suppabuddham pabujjhanti
sada gotamasavaka
yesam diva ca ratto ca
niccam samghagata sati.

(ජේතවන – දාරුසාරික අරබයා)

රෑ දාවල් දෙකෙහි නිතර සංඝයාගේ ගුණ සිහි කිරීම කරන ගෞතම ශ්‍රාවකයෝ හැම කල් හී මනා පිබිදීමෙන් පිබිදෙත්.

 

299.෴

සුප්පබුද්ධං පබුජඣන්ති – සදා ගෝතමසාවකා,
යෙසං දිවා ච රත්තෝ ච – නිචචං කායගතා සති.

 

Suppabuddham pabujjhanti
sada gotamasavaka
yesam diva ca ratto ca
niccam kayagata sati.

(ජේතවන – දාරුසාරික අරබයා)

රෑ දාවල් දෙකෙහි නිතර කාය ගතා සතියෙන් කටයුතු කරන ගෞතම ශ්‍රාවකයෝ හැම කල් හී මනා පිබිදීමෙන් පිබිදෙත්.

 

300.෴

සුප්පබුද්ධං පබුජඣන්ති – සදා ගෝතමසාවකා,
යෙසං දිවා ච රත්තෝ ච – අහිංසාය රතෝමනෝ.

 

Suppabuddham pabujjhanti
sada gotamasavaka
yesam diva ca ratto ca
ahimsaya rato mano.

(ජේතවන – දාරුසාරික අරබයා)

රෑ දාවල් දෙකෙහි නිතර අහිංසාවෙහි ඇලූනේ නම් ඒ ගෞතම ශ්‍රාවකයෝ හැම කල් හී මනා පිබිදීමෙන් පිබිදෙත්.

 

301.෴

සුප්පබුද්ධං පබුජඣන්ති – සදා ගෝතමසාවකා,
යෙසං දිවා ච රත්තෝ ච – භාවනාය රතෝමනෝ.

 

Suppabuddham pabujjhanti
sada gotamasavaka
yesam diva ca ratto ca
bhavanaya rato mano.

(ජේතවන – දාරුසාරික අරබයා)

රෑ දවල් දෙකෙ හි මෛත්‍රී භාවනාවෙ හි ඇලූනේ නම් ඒ ගෞතම ශ්‍රාවකයෝ හැම කල් හී මනා පිබිදෙත්.

 

302.෴

දුප්පබ්බජ්ජං දුරභිරමං – දුරාවාසා ඝරා දුඛා
දුක්ඛෝසමානසංවාසො – දුක්ඛානුපතිතද්ධගු
තස්මා න චද්ධගු සියා – දුක්ඛානුපතිතෝ සියා.

 

Duppabbajjam durabhiramam
duravasa ghara dukha
dukkho’ samanasamvaso
dukkhanupatitaddhagu
tasma na caddhagu siya
na ca dukkhanupatito siya.

(වේසාලි – වජ්ජිපුත්තක භික්ෂුවක් අරබයා)

පැවිදි වීම ද එ හි සිත් ඇලවීම ද අපහසු ය. ගිහි ගෙයි විසීමත් දුක් සහිත ය. තමාට නො ගැලපෙන්නන් හා විසීමත් අපහසු ය. සංසාර නැමැති දීර්ඝ මාර්ගයෙ හි ගමන් කිරීමත් අපහසු ය. එ හෙයින් සසර මග ට පිළිපන්නෙක් නො වන්න. දුකින් ලූහුබඳීන්නා ලද්දෙක් ද නො වන්න.

 

303.෴

සද්ධා සීලෙන සම්පන්නෝ – යසෝභොගසමප්පිතො
යං යං පදේසං භජති – තත්ථ තෙත්ථව පූජිතෝ.

 

Saddho silena sampanno
yaso bhogasamappito
yam yam padesam bhajati
tattha tattheva pujito.

(ජේතවන – චිත්ත ගහපති අරබයා)

ශ්‍රද්ධාව ඇති, සිල්වත්, ශ්‍රාවකයා කොතැනක ට ගියත් කීර්තියෙන් හා ධනයෙන් පිදුම් ලබන්නේය.

 

304.෴

දූරෙ සන්තෝ පකාසෙන්ති – හිමවන්තෝව පබ්බතෝ
අසනෙත්ත‍ථ න දිස්සන්ති – රත්තිඛිත්තා යථා සරා.

 

Dure santo pakasenti
himavantova pabbato
asantettha na dissanti
rattim khitta yatha sara.

(ජේතවන – චූල සුභද්‍රා අරබයා)

හිමාලය අඩවිය වැනි ඉතා දුරක සිටියත් සත්පුරුෂයෝ ප්‍රසිද්ධ වෙත්, රාත්‍රී කාලයෙ හි විදින ලද හීයක් නොපෙනෙන්නා සේ අසත් පුරුෂයෝ නොපෙනී යත්.

 

305.෴

එකාසනං එකසෙය්‍යං – එකො චරමතන‍දිතො
එකො දමයමත්තානං – වන්නෙත රමිතෝ සියා.

 

Ekasanam ekaseyyam
eko caramatandito
eko damayamattanam
vanante ramito siya.

(ජේතවන – ඒකවිහාරික තෙරුන් අරබයා)

තනිව හිදීම ප්‍රිය කරන්නාවූ, තනිව හැසිරෙන්නට ප්‍රිය කරන්නාවූ මහනා සිය සිත් දමනය කොට වනයෙහි සිත් අලවා වසයි.

 

පකින්නක වග්ගය නිමි!