පාප කර්ම සහ එහි ආදීනවයන් පිළිබඳවත්, පවින් වැළකී සිටීමේ ආනිශංස පිළිබඳ වත්, දේශනා කර වදාළ ගාථා දහතුනකින් සමන්විතයි

116.෴

අභිත‍්ථරෙථ කල්‍යාණෙ – පාපා චිත්තං නිවාරයෙ
දන‍්ධං හි කරොතො පුඤ්ඤං – පාපස්මිං රමති මනො.

Abhittharetha kalyane
pipa cittam nivaraye
dandham hi karoto punnam
papasmim ramati mano.

(ජේතවනාරාමය – චුලේකසාටක බමුණා අරබයා)

පින් කිරීමෙහි ප්‍රමාද නොවන්න. පවිටු සිතුවිලිවලින් සිත වළකා ගන්න. පින් කිරීමෙ හි පසුබට වන්නහු ගේ සිත පවෙහි ඇලේ.

117.෴

පාපං චෙ පුරිසො කයිරා – න තං කයිරා පුනප්පුනං
න තම්හි ඡන‍්දං කයිරාථ – දුකෙඛා පාපස්ස උච්චයො.

Pipance puriso kayira
na nam kayira punappunam
na tamhi chandam kayiratha
dukkho papassa uccayo.

(ජේතවනාරාමය – සෙය්‍යක තෙරුන් අරබයා)

මිනිසෙක් (අතපසු වීමකින්) පවක් කළේ නම් එය නැවත නැවත නො කල යුතුය. එහි ආශාවක් පිහිටුවා නොගත යුතු යි. (කුමක් නිසා ද?) පව් රැස් කිරීම දුකට හේතුවන බැවිනි.

118.෴

පුඤ්ඤං චෙ පුරිසො කයිරා – කයිරාථෙතං පුනප්පුනං
තම්හි ඡන‍්දං කයිරාථ – සුඛො පුඤ්ඤස්ස උච්චයො.

Punnace puriso kayira
kayira nam punappunam
tamhi chandam kayiratha
sukho punnassa uccayo.

(ජේතවනාරාමය – ලාජා දෙව්දුව අරබයා)

පින් කරන්නා එය නැවත නැවත කලයුතුය. පින්කරන්නට ආශා කල යුතුය. (කුමක් හෙයින් ද?) පින් රැස් කිරීම සැප ලැබීම ට හේතුවයි.

119.෴

පාපොපි පස්සති භද්‍රං – යාව පාපං න පච්චති
යදා ච පච්චති පාපං – අථ පාපො පාපානි පස්සති.

Papopi passati bhadram
yava papam na paccati
yada ca paccati papam
atha papo papam passati.

(ජේතවනාරාමය – අනේපිඩු සිටු අරබයා)

පව් කරන්නා පව් කරන තුරු එහි විපාකය නොලැබෙන තුරු සිය ක්‍රියාවෙහි යහපත දකී, (පව යහපත් දෙයක් සේ දකී) පව විපාක දෙන්නට වූ කල ඒ පවිටා සිය පවෙහි අයහපත දකී, (එය නපුරු දෙයක් බව දකී)

120.෴

භද්‍රො පි පස්සති පාපං – යාව භද්‍රං න පච්චති
යදා ච පච්චති භද්‍රං – අථ භද්‍රො භද්‍රානි පස්සති.

Bhadropi passati papam
yava bhadram na paccati
yada ca paccati bhadram
atha bhadro bhadrani passati.

(ජේතවනාරාමය – අනේ පිඩු සිටු අරබයා)

කුසල් කරන මිනිසා කුශලය විපාක දෙන්නට පෙරද සිය යහ ක්‍රියාවෙහි යහපත දකී, කුශලයේ ආනිසංස ලැබෙන විටද හේ පිනෙහි යහපත දකී.

121.෴

මාප්ප මඤේඤථ පාපස්ස – න මං තං ආගමිස්සති,
උදබින‍්දු නිපාතෙන – උදකුම්භොපි පූරති,
පුරති බාලො පාපස්ස – ථොකථොකම්පි ආචිණං.

Mavamannetha papassa
na mandam agamissati
udabindu nipatena
udakumbhopi purati
balo purati papassa
thokam thokampi acinam.

(ජේතවනාරාමය – පිරිකර තැන්පත් නො කළ මහණකු අරබයා)

“එය මා කරා නො එන්නේ ය” යි සිතා පව සුලූකොට නො සිතුව මැනවි. දිය බින්දුව බින්දුව වැටීමෙන් කළය පිරෙයි. එ මෙන් අඥානයා ද ටික ටික වුව ත් පව් රැස් කරන්නේ නම් පවෙන් පිරේ.

122.෴

මාප්පමඤේඤෙථ පුඤ්ඤස්ස – න මං තං ආගමිස්සති,
උදබින‍්දු නිපාතෙන – උදකුම්භොපි පූරති
පූරති ධීරො පුඤ්ඤස්ස – ථොකථොකම්පි ආචිණං.

Mavamannetha punnassa
na mandam agamissati
udabindunipatena
udakumbhopi purati
dhiro purati punnassa
thokam thokampi acinam.

(ජේතවනාරාමය – බිළාල පාදක සිටු අරබයා)

“ඒ සුළු පිනේ විපාකය මා කරා නො එන්නේ ය” යි සිතා පින සුළුකොට නොතැකිය යුතු ය. දිය බින්දුව බින්දුව වැටීමෙන් කළය පිරෙයි, එ මෙන් නුවණැත්තා ටික ටික පින් රැස් කරමින් පිනෙන් පිරේ.

123.෴

වාණිජෝව භයං මග්ගං – අප්පස්සත්ථො මහද්ධනො,
විසං ජිවිතුකාමොව – පාපානි පරිවජ්ජයෙ.

Vanijova bhayam maggam
appasattho mahaddhano
visam jivitukamova
papani parivajjaye.

(ජේතවනාරාමය – මහ ධන වෙළෙන්දා අරබයා)

ගැල් කිහිපයක් ඇති මද පිරියක් ඇති, ධනවත් වෙළෙන්දා සොර සතුරන් මං පහරන්නන් ගැවසෙන මාර්ගයන් හි යාමෙන් වැළකේ. ජීවත්වන්නට කැමැති අය විෂ (නොකා) දුරු කරන්නේය. එසේම නුවනැත්තා පව් දුරු කරන්නේ ය.

124.෴

පාණම්හි චෙ වණො නාස්ස – හරෙය්‍ය පාණිනා විසං
නාබ්බණං විසමන්චෙ තී, – නත‍්ථී පාපං අකුබ්බතො.

Panimhi ce vano nassa
hareyya panina visam
nibbanam visamanveti
natthi papam akubbato.

(ජේතවනාරාමය – කුක්කුටමින්න වැද්දා අරබයා)

ඉදින් අත්ලේ තුවාලයක් නැති නම් අතින් විෂ ඇල්ලිය හැක. තුවාලයක් නැති විට විෂ ශරීරගත නොවේ, එමෙන් පව් නො කරන්නහුට පවක නපුරු ආදීනවයක් නොලැබෙන්නේය.

125.෴

යො අප්පදුට්ඨස්ස නරස්ස දුස්සති – ද්ධස්ස පොසස්ස අනංගණස්ස,
තමෙව බාලං පච්චෙති පාපං – සුඛුමො රජො පටිවෙතං ච ඛිත්තො.

Yo appadutthassa narassa dussati
suddhassa posassa ananganassa
tameva balam pacceti papam
sukhumo rajo pativatamva khitto.

(ජේතවනාරාමය – කොක් වැද්දා අරබයා)

යමෙක් අනුන් ට විපතක් නො කළ, පිරිසිඳු සිතැති (කෙලෙස්) දොස් නැති පුද්ගලයකු ට විපතක් කෙරේ ද, ඒ ක්‍රියාවේ විපාකය ඒ අඥානයා කරා ම හැරී එයි, (කුමක් මෙන් ද?) උඩු සුළඟ ට දැමු සියුම් දූලි දැමූ මිනිසා වෙත ම හැරී එන්නාක් මෙනි.

126.෴

ගබ්පමෙකෙ උප්පජ්ජන්ති, – නිරයං පාපකම්මිනො,
සග්ගං සුගතිනො යන්ති – පරිනිබ්බන්ති අනාසවා.

Gabbhameke uppajjanti
nirayam papakammino
saggam sugatino yanti
parinibbanti anasava.

(ජේතවනාරාමය – මණිකාරකුලූපග තිස්ස තෙරුන් අරබයා)

ඇතැම් කෙනෙක් මවු කුසෙහි උපදිත්, පව් කළො නරකයෙ හි උපදිත්, පින් කලෝ ස්වර්ගය ට යත්, ආශ්‍රව නැත්තෝ (රහත්හූ) පිරිනිවෙත්, (කිසි තැනක නූපදිත්)

127.෴

න අන්තලික්ඛෙ, න සමුද්දමජ්ඣෙ, – න පබ්බතානං විවරං පවිස්ස,
න විජ්ජති සො ජගතිප්පදෙසො – යත‍්ථට්ඨිතො මුඤේචෙය්‍ය පාපකම්මා.

Na antalikkhe na samuddamajihe
na pabbatanam vivaram pavissa
na vijjati so jagatippadeso
yatthatthito mucceyya papakamma.

(ජේතවනාරාමය – භික්‍ෂුන් තුන් නමක් අරබයා )

අකුශලයා ගේ විපාකයෙන් මිදිය හැකි තැනක් ලෝකයෙ හි නැත. අහසෙ හි සිටියත් මූද මැද සිටියත්, පර්වත විවරයක් ඇතුළට ගොස් සිටියත් අකුශලයා ගේ විපාකයෙන් නිදහස් වෙන්ට නො හැකි ය.

128.෴

න අන්තලික්ඛෙ, න සමුද්දමජ්ඣෙ, – න පබ්බතානං විවරං පවිස්ස,
න විජ්ජතී සො ජගතිප්පදෙසො – යත‍්ථට්ඨිතං නප්පසහෙථ මච්චු.

Na antalikkhe na samuddamajjhe
na pabbatanam vivaram pavissa
na vijjati so jagatippadeso
yatthatthitam nappasaheyya maccu.

(නිග්‍රොධාරාමය – සුප්පබුද්ධ ශාක්‍යයන් අරබයා)

මාරයා මැඩලිය හැකි තැනක් ලෝකයෙ හි නැත. අහසෙහි සිටියත්, මූද මැද සිටියත්, පර්වතයක කුහරයකට වැදී සිටියත් මාරයාගෙන් නො මිදේ.

පාප වග්ගය නිමි!