ප්‍රියමනාප විම එ හි ස්වභාවය පිළිබද වදාළ ගාථා දොළසකින් යුක්ත යි.

209.෴

අයොගේ යුඤජ මත්තානං – යෝගසමිං ච අයෝජයං,
අත‍ථං හිත‍වා පියග්ගාහී – පිහෙත්තතානුයෝගිනං

Ayoge yunja’mattanam
yogasminca ayojayam
attham hit va piyaggahi
piheta’ttanuyoginam.

(ජේතවන – පැවිදි තුන්දෙනෙකු ඇරබ)

නො යෙදවිය යුතු නුවණින් මෙනෙහි කිරීමෙ හි තමා යොදවන්නා වූ, තමා ගේ සිත යෙදවිය යුතු අනිත්‍යාදිය මෙනෙහි කිරීමෙ හි නො යොදවන්නා වූ, තමා ට හිත පිණිස පවත්නා දෙය හැර දමා ඇස් කන් ආදියට ප්‍රිය දෙය ම ගන්නට පුරුදු වූ පුද්ගලයා ආත්මාර්ථයෙ හි යෙදෙන්නන්ට ප්‍රිය කරයි.

210.෴

මා පියේහි සමාගඤඡි – අපපියේහි කුදාචනං
පියානං අදස්සනං දුක‍ඛං – අප්පියානං ච දස්සනං,

Ma piyehi samaganchi
appiyehi kudacanam
piyanam adassanam dukkham
appiyananca dassanam.

(ජේතවන – පැවිදි තුන්දෙනෙකු ඇරබ)

ප්‍රිය වූවන් හා එක් නො වව්. අප්‍රියයන් හා කිසි කලෙක ත් එක් නො වව්. (කුමක් හෙයින් ද?) ප්‍රියයන් දක්නට නො ලැබී යාම දුකකි, අප්‍රියයන් දක්න ට ලැබීම දුකකි.

211.෴

තස්මා පියං න කයිරාථ – පියාපායො හි පාපකො
ගන්ථා තේසං න විජ්ජන්ති – යේසං නත්ථී පියාප්පියං.

Tasma piyam na kayiratha
piyapayo hi papako
gantha tesam na vijjanti
yesam natthi piyappiyam.

(ජේතවන – පැවිදි තුන්දෙනෙකු ඇරබ)

එහෙයින් යම් කිසි පුද්ගලයෙකුට හෝ දෙයකට ප්‍රේම නො කළ යුතු, ප්‍රියයන් ගෙන් වෙන්වීම දුකට හේතු වන බැවිනි, යම් කෙනෙකුන්ට ප්‍රිය අප්‍රිය පුද්ගලයෝ හෝ දේවල් නැත්නම් ඔවුන්ට අධික ලෝභය ආදි බැමි නැත්තා හ.

212.෴

පියතෝ ජායතී සෝකෝ – පියතෝ ජායතී භයං
පියතෝ විප්පමුත්තස්ස – නත්ථී සෝකෝ කුතො භයං?

Piyato jayati soko
piyato jayati bhayam
piyato vippamuttassa
natthi soko kuto bhayam.

(ජේතවන – කෙළඹියකු ඇරබ)

ප්‍රිය දෙය නිසා ශෝකය හට ගනී. ප්‍රිය දෙය නිසා භය හට ගනී. ප්‍රිය දෙයින් වෙන්වූවහුට ශෝකයක් නැත, භයක් කොයින් ද? (භයක් ඇත්තේ ම නැත.)

213.෴

පේමතෝ ජායතී සෝකෝ – පේමතෝ ජායතී භයං
පේමතෝ විප්පමුත්තස්ස – නත්ථී සෝකෝ කුතො භයං?

Pemato jayati soko
pemato jayati bhayam
pemato vippamuttassa
natthi soko kuto bhayam.

(ජේතවන – විශාඛා ඇරබ)

ප්‍රේමයෙන් ශෝකය හට ගනී, ප්‍රේමයෙන් භය හට ගනී, ප්‍රේමයෙන් වෙන්වූවහුට ශෝකයක් නැත. භයක් නම් කොයින් ද?

214.෴

රතියා ජායතී සෝකෝ – රතියා ජායතී භයං
රතියා විප්පමුත්තස්ස – නත්ථී සෝකෝ කුතො භයං?

Ratiya jayati soko
ratiya jayati bhayam
ratiya vippamuttassa
natthi soko kuto bhayam.

(වේසාලි – ලිච්ඡවීන් ඇරබ)

කාමයෙහි ඇලමී නිසා ශොක් ය හට ගනී, එය නිසා භය ත් හටගනී, කාමයන් හි ඇලීමෙන් තොරවූවහු ට ශොකයක් නැත. භයක් නම් කොයින් ද?

215.෴

කාමතෝ ජායතී සෝකෝ – කාමතෝ ජායතී භයං
කාමතෝ විප්පමුත්තස්ස – නත්ථී සෝකෝ කුතො භයං?

Kamato jayati soko
kamato jayati bhayam
kamato vippamuttassa
natthi soko kuto bhayam.

(ජේතවන – අනිත්ථීගන්ධකුමරා ඇරබ)

වස්තුකාම-ක්ලේශ කාමයන් නිසා ශෝකය හට ගනී, ඒ කාමයන් නිසා භය හට ගනී, ඒ කාමයන්ගෙන් වෙන්වූවහුට ශෝකයක් නැත, භයක් නම් කොයින් ද?

216.෴

තණ්හාය ජායතී සෝකෝ – තණ්හාය ජායතී භයං
තණ්හාය විප්පමුත්තස්ස – නත්ථී සෝකෝ කුතො භයං?,

Tanhaya japati soko
tanhaya jayati bhayam
tanhaya vippamuttassa
natthi soko kuto bhayam.

(ජේතවන – බමුණෙකු ඇරබ)

තෘෂ්ණාව නිසා ශෝකය උපදී. තෘෂ්ණාව නිසා භය උපදී, තෘෂ්ණාවෙන් මිදුණහුට ශෝකයක් නැත, භයක් නම් කොයින් ද?

217.෴

සීලදස්සන සමපන්නං – ධම්මට්ඨං සච්චවේදිනං
අත්තනෝ කම්මකුබ්බානං – තං ජනෝ කුරුතේ පියං,

Siladassanasampannam
dhammattham saccavedinam
attano kamma kubbanam
tam jano kurute piyam.

(ජේතවන – ළදරුවන් 500ක් ඇරබ)

පිරිසිදු ශීලයෙන් හා මාර්ගඵල දැකීමෙන් යුක්ත වූ, ධර්මයෙ හි පිහිටි, චතුරාර්ය සත්‍යය දන්නා වූ තමා අයත් කටයුතු පමණක් කරන්නා වූ ඒ පුද්ගලයාට ජන සමූහයා ප්‍රේම කරයි.

218.෴

ඡන්දජාතෝ අනක්ඛාතේ – මනසා ච ඵුටො සියා,
කාමේසු ච අප්පටිබදධචිත්තෝ – උද්ධංසෝතෝති වුච්චති,

Chandajato anakkhate
manasa ca phuto siya
kamesu ca appatibaddhacitto
“uddhamsoto” ti vuccati.

(ජේතවන – තෙර නමක් ඇරබ)

යමෙක් නිවන ලැබීමෙ හි කැමැත්ත ඇත්තේ සිතින් එය ස්පර්ශ කරයි ද, යමෙක් කාමයන් හී නො බැදුණු සිතැත්තේ ද හෙතෙම උඩට යන ස්වභාව ඇත්තෙකැ යි හෙවත් රූපලෝකාදියෙ හි පමණක් උපදින්නෙකැ යි කියනු ලැබේ.

219.෴

චිරප්පවාසිං පුරිසං – දූරතො සොත්ථීමාගතං
ඤාතිමිත්තා සුහජ්ජා ච – අභිනන්දන්ති ආගතං,

Cirappavsim purisam
durato sotthimagatam
natimitta suhajja ca
abhinandanti agatam.

(ඉසිපතන: තන්දිය ඇරබ)

බොහෝ කලක් මුළුල්ලේ ස්වකීය ඥාතීන්ගෙන් වෙන් ව දුර රටකට ගොස් සිට සුවසේ ආපසු පැමිණි මිනිසෙකු දැක නෑයෝ ද මිත්‍රයෝ ද හිතවත්තු ද ප්‍රීතියට පත් වෙති.

220.෴

තථෙව කතපඤ්ඤම්පි – අස්මා ලෝකා පරං ගතං
පුඤ්ඤානි පතිගණ්හන්ති – පියං ඤාතිං ව ආගතං,

Tatheva katapunnampi
asma loka param gatam
punnani patiganhanti
piyam nativa agatam.

(ඉසිපතන: තන්දිය ඇරබ)

මෙ ලොවින් පරලොව ගිය, පින් කළ පුද්ගලයා (දුර සිට) පැමිණි ප්‍රිය ඥාතියෙකු මෙන් (ඔහු ගේ ම) පින් ඉදිරියට ඇවිත් පිළිගනිත්.

පිය වග්ගය නිමි