පුෂ්ප උපමා කරගනිමින් දේශනා කොට වදාළ උතුම් ගාථාවන් දහසයකින් පුප්ඵ වග්ගය සමන්විත ය.

44.෴

කෝ ඉමං පඨවිං විජෙස්සති – යමලෝකං ච ඉමං සදේවකං
කෝ ධමමපදං සුදේසිතං – කුසලෝ පුප්ඵමිව පචෙස්සති

Ko imam pathavim vicessati
yamalokanca imam sadevakam
ko dhammapadam sudesitam
kusalo pupphamiva pacessati.

කවරෙක් මේ පොළොවත්,
දෙව්ලෝ සහිත සතර අපායත්,
තත්ත්වාකාරයෙන් දැනගනී ද?
කවරෙක් දක්ෂ මාලාකාරයකු මල් තෝරාගන්නා සේ,
මනා සේ දෙසූ ධර්මපදයන් අවබෝධ කරන්නේ ද?
(සැවැත් නුවර – පඨවි කථා ඇලුණු 500ක භික්ෂුන් අරබයා )

45.෴

සේඛෝ පඨවිං විජෙස්සති – යමලෝකං ච ඉමං සදේවකං
සෙඛෝ ධම්මපදං සුදේසිතං – කුසලෝ පුප්ඵමිව පචෙස්සති

Sekho pathavim vicessati
yamalokanca imam sadevakam
sekho dhammapadam sudesitam
kusalo pupphamiva pacessati.

සේඛ පුද්ගලයා මේ පොළොවත්,
දෙව්ලෝ සහිත සතර අපායත්, තත්වාකාරයෙන් දැනගනී.
සේඛ පුද්ගලයා දක්ෂ මාලාකාරයකු මල් තෝරාගන්නා සේ
මනාසේ දෙසූ ධර්මපදයන් අවබෝධ කරයි.
(සේඛ පුද්ගලයා නම් සෝවාන් මග පල ලැබූ දෙදෙනා ද,
සකෘදාගාමී මග පල ලැබූ දෙදෙනා ද,
අනාගාමී මග පල ලැබූ දෙදෙනා ද,
රහත් මග පමණක් ලැබූ පුද්ගලයා ද, යන සත් දෙනයි.)
(සැවැත් නුවර – පඨවි කථා ඇලුණු 500ක භික්ෂුන් අරබයා )

46.෴

ඵේණූපමං කායමිමං විදිත්වා – මරීචිධම්මං අභිසම්බුධානො
ඡෙත‍්වාන මාරස්ස පපුප්ඵකානි – අදස්සනං මච්චුරාජස්ස ගච්ඡේ

Phepnupamam kayamimam viditva
maricidhammam abhisambudhano
chetvana marassa papupphakani
adassanam maccurajassa gacche

මේ ශරීරය පෙණ පිඬක් මෙන් (වහා බිඳී යන්නකැ යි) දැන,
එය මිරිඟුව ට සමාන මායාවකැ යි අවබෝධ කොට
මල් සරයයි කියනු ලබන කෙලෙස් බැමි සිඳ දමා
ඔහු ට නො පෙනෙන තැන වූ නිවන ට යන්නේ ය.
(සැවැත් නුවර – මිරිඟුව කමටහන් ලෙස ගත් භික්ෂුවක් අරබයා )

 

47.෴

පුප්ඵානි හෙ’ව පචින්නතං – බ්‍යාසත්තමනසං නරං
සුත්තං ගාමං මහොඝෝව – මච්චු ආදාය ගච්ඡති

Pupphani heva pacinantam
byasattamanasam naram
suttam gamam mahoghova
maccu adaya gacchati.

කම් සැප විඳීම ට උවමනා දේවල් ම රැස් කරන්නා වූ,
ඒ කම් සැපයෙ හි විශේෂයෙන් ඇලූණු සිත් ඇති මිනිසා,
මහ ගං වතුරක් නිදා සිටින මිනිසුන් ඇති
ගමක් යට කරගෙන යන්නා සේ, මාරයා රැගෙන යයි.
(සැවැත්නුවර – විඩුඪහ කුමාරයා අරබයා )

48.෴

පුප්ඵානි හෙ’ව පචින්නතං – බ්‍යාසත්තමනසං නරං
අතීත්තං යේව කාමේසු – අන්තකො කුරුතේ වසං

Pupphani heva pacinantam
bysssasattamanasam naram
atittanneva kamesu
antako kurute vasam.

පඤ්චකාමයන් නැමැති මල් පමණක් රැස් කරන්නා වූ,
විශේෂයෙන් එ හි ඇලූණු සිත් ඇති මිනිසා
ඒ කාමයන් හී තෘප්තිය ට නො පැමිණ සිටි කල්හි ම
මාර තෙමේ තමා ගේ වසඟයට ගනී.
(සැවැත්නුවර – පතිපුජිකා අරබයා )

49.෴

යථාපි භමරො පුප්ඵං – වණ්ණගන‍්ධං අහේඨයං
පලේති රසමාදාය – ඒවං ගාමේ මුනී චරේ

Yathipi bhamaro puppham
vannagandhamahethayam
paleti rasamadaya
evam game muni care.

යම් සේ බමරෙක් (හෝ මීමැස්සෙක්)
මලක් වෙතට පැමිණ මලේ තිඛෙන
වර්ණයට හෝ සුවඳ ට හානියක් නොකොට
රොන් හා මල් පැණි රැගෙන යන්නේ ද,
එ මෙන් භික්ෂුතෙම ගමේ මිනිසුන් ට කරදර නොවන සේ
(ඔවුන් ට හානියක් නො කොට) ගමෙහි හැසිරෙන්නේ ය.
(සැවැත්නුවර – මසුරු කෝසයි සිටු අරබයා )

50.෴

න පරේසං විලෝමානි
න පරේසං කතා කතං
අත්තනොව අවෙක්ඛෙය්‍ය
කතානි අකතානි ච

Na paresam vilomani
na paresam katakatam
attanova avekkheyya
katani akatani ca.

අනුන් ගේ ක්‍රියාවල ගැළපෙන නො ගැළපෙන තැනුත්,
ඔවුන් කළ නො කළ දෙය ත්, නො බලන්නේ ය.
තමා ගේ ම කළ, නො කළ, දෙය ගැන විමසා බලන්නේ ය.
(අනුන්ගේ ඇද කුද හරිවැරදි නො සොයා
තමා ගේ ම ඇද කුද බැලිය යුතු ය.)
(සැවැත්නුවර – පඨිකාජීවක අරබයා )

51.෴

යථා පි රුචිරං පුප්ඵං – වණ්ණවන්තං අගන‍්ධකං
ඒවං සුභාසිතා වාචා – අඵලා හොති අකුබ්බතො.

Yathapi ruciram puppham
vannavantam agandhakam
evam subhasita vaca
aphala hoti akubbato.

මනොඥ වූ මලක් මනා පැහැයෙන් යුක්ත වුවත්
සුවඳ නැත්නම් නිශ්ඵල වන්නා සේ,
මනා සේ දෙසූ ධර්මය නො පිළිපදින්නා ට නිශ්ඵල වේ.
(ඡත්තපාණි උවසු අරබයා )

52.෴

යථාපි රුචිරං පුප්ඵං – වණ්ණවන්තං සගන‍්ධකං
ඒවං සුභාසිතා වාචා – සඵලා හොති සකුබ්බතො

Yathapi ruciram puppham
vannavantam sagandhakam
evam subhasita vaca
saphala hoti kubbato.

මනොඥ වූ පැහැය ඇති මල සුවඳීන් ද යුක්ත වී නම්
(එය පළඳීන්නා ගේ) සිරුර සුවඳවත් කරන්නා සේ
මනා සේ දෙසූ ධර්මය පිළිපදින්නා ඵල සහිත වේ.
(ඡත්තපාණි උවසු අරබයා )

53.෴

යථා පි පුප්ඵරාසිම්හා – කයිරා මාලාගුණෙ බහූ
එවං ජාතේන මච්චේන – කත්තබ්බං කුසලං බහුං.

Yathapi puppharasimha
kayira malagune bahu
evam jatena maccena
kattabbam kusalam bahum

යම් සේ මල් දම් ගොතන්නෙක්
බොහෝ මල්වලින් බොහෝ වූ මල් මාලා සාදන්නේ ද,
එ මෙන් මෙ ලොව උපන් මිනිසා විසින්
බොහෝ කුසල් කළ යුතු ය.
(සැවැත්නුවර – විශාඛාව අරබයා )

54.෴

න පුප්ඵගන‍්ධෝ පටිවාතමේති  – න චන‍්දනං තගර-මල්ලිකා වා,
සතං ච ගන‍්ධෝ පටිවාතමෙති – සබ්බා දිසා සප්පුරිසෝ පවාති.

Na pupphagandho pativatameti
na candanam tagara mallika va
satanca gandho pativatameti
sabba disa sappuriso pavayati.

මල් සුවඳ හෝ සඳුන්-තුවරලා-බෝලිද්ද මල්වල
සුවඳ හෝ උඩු සුළඟ ට නො යයි,
සත්පුරුෂයන් ගේ සිල් සුවඳ උඩු සුළඟ ට යයි,
සත්පුරුෂ තෙමේ හැම දිශාවන් හී
තමා ගේ සිල් ගුණ සුවඳ පතුරුවයි.
(සැවැත්නුවර – අනඳ තෙරුන් අරබයා )

55.෴

චන‍්දනං තගරං වාපි – උප්පලං අථ වස්සිකී
එතේසං ගන‍්ධජාතානං – සීලගන‍්ධෝ අනුත්තරෝ

Cadanam tagaram vapi
uppalam atha vassiki
etesam gandhajatanam
silagandho anuttaro

සඳුන් සුවඳය, තුවරලා සුවඳය,
මානෙල් සුවඳය, දෑසමන් සුවඳය,
යන යම් සුවඳ සමූහයක් වේ නම්
ඒ සියලූ සුවඳ වර්ගයන් ට වඩා සිල් සුවඳ ශ්‍රේෂ්ඨ යි.
(සැවැත්නුවර – අනඳ තෙරුන් අරබයා )

56.෴

අප්පමත්තෝ අයං ගන‍්ධෝ – යායං තගරචන‍්දනී
යො ච සීලවතං ගන‍්ධෝ – වාති දෙවේසු උත්තමො

Appamatto ayam gandho
yayam tagaracandani
yo ca silavatam gandho
vati devesu uttamo.

තුවරලා හෝ සඳුන් පිළිබඳ වූ යම් සුවඳක් වේ නම්
එය අල්ප මාත්‍ර එකකි,
සිල්වතුන් ගේ යම් සුවඳක් වේ නම්
එය දෙව් ලෝවල ත් පැතිර යේ.
(වේළුවන – මහ කසුප් තෙරුන් අරබයා )

57.෴

තේසං සම්පන්නසීලානං
අප්පමාදවිහාරිනං
සම්මදඤ්ඤ විමුත්තානං
මාරෝ මග්ගං න වින‍්දති

Tesam sampannasilanam
appamadaviharinam
sammadanna vimuttanam
Maro maggam na vindati.

පිරූ සිල් ඇති, කුශල ධර්මයන් හි අප්‍රමාදී ව වසන,
මනා සේ ධර්මය අවබෝධ කොට කෙලෙසුන්ගෙන් මිදුණු,
ඒ උතුමන් ගිය මග මාරයා නො දකී.
(එය ඔහු ට සොයා ගත නො හැක.)
(වේළුවන – ගොධික තෙරුන් පරිනිර්වාණය අරබයා )

58.෴

යථා සංකාරධානස්මිං – උජ්ඣිතස්මිං මහාපථේ
පදුමං තත‍්ථ ජායේථ – සුචිගන‍්ධං මනෝරමං

Yatha sankaradhanasmim
ujjhitasmim mahapathe
padumam tattha jayetha
sucigandham manoramam.

මහ මග දැමූ කසල ගොඩක
යම් සේ මනා සුවඳති මන වඩන්නා වූ මල් හට ගනී ද ….

59.෴

ඒවං සංකාරභූතේසු – අන‍්ධභූතේ පුථුජ්ජනේ
අතිරෝචති පඤ්ඤාය – සම්මා සම්බුද්ධ සාවකෝ

Evam sankarabhutesu
andhabhute puthujjane
atirocati pannaya
sammasambuddhasavako.

මහ මග දැමූ කසල ගොඩක
යම් සේ මනා සුවඳති මන වඩන්නා වූ මල් හට ගනී ද
එ මෙන් කසල ගොඩවල ට සමාන වූ
(නුවණැස් නැති බැවින්) අන්ධ වූ නූගත් මිනිසුන් අතරෙහි
සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ ගේ ශ්‍රාවක වූ
රහත් නම ප්‍රඥාවෙන් අතිශයින් බබළයි.
(මහ මග දැමූ කසල ගොඩක නෙළුම් මල් හට ගැනීමක් නැති බැවින් මෙ හි “පදුම” ය යි කියන ලද්දේ ගොඩ සෑදෙන මල් ගැන ය.)
(ජේතවන – ගරහදින්නයන් අරබයා )

පුප්ඵ වග්ගය නිමි!