පරම සැපත වන නිවන පිළිබද වදාළ ගාථා දොළසකින් යුක්ත යි.

 

197.෴

සුසුඛං වත ජීවාම – වේරිනේසු අවෙරිනෝ
වේරිනේසු මනුස්සේසු  – විහරාම අවේරිනෝ.

 

Susukham vata jivama
verinesu averino
verinesu manussesu
viharama averino.

(ශාක්‍ය ජනපදය – කලහකාරී නෑයන් ඇරබ)

දුශ්චරිත නැමැති වෛර සහිතව වසන මිනිසුන් අතරෙ හි වෛර නැති ව ඉතා සැපසේ ජීවත් වෙමු. අපි වෛරීන් අතරෙ හි වෛර නැත්තෝ ව වෙසෙමු.

 

198.෴

සුසුඛං වත ජීවාම – ආතුරේසු අනාතුරා
ආතුරේසු මනුස්සේසු – විහරාම අනාතුරා

 

Susukham vata jivama
aturesu anatura
aturesu manussesu
viharama anatura.

(ශාක්‍ය ජනපදය – කලහකාරී නෑයන් ඇරබ)

කෙලෙස් නැමැති රෝගයෙන් රෝගීව ජීවත් වෙන මිනිසුන් අතරෙ හි කෙලෙස් රෝග නැත්තෝ ව ඉතා සැපසේ ජීවත් වෙමු. රෝගී වු මිනිසුන් අතරෙ හි රෝග නැත්තෝ ව වෙසෙමු.

 

199.෴

සුසුඛං වත ජීවාම – උස්සුකේසු අනුස්සුකා
උස්සුකේසු මනුස්සේසු – විහරාම අනුස්සුකා.

 

Susukham vata jivama
ussukesu anussuka
ussukesu manussesu
viharama anussuka.

(ශාක්‍ය ජනපදය – කලහකාරී නෑයන් ඇරබ)

කාම සම්පත් සෙවීමෙ හි උත්සාහවත් වුවන් අතරෙහි එවැනි උත්සහයක් නැති ව ඉතා සුවසේ ජීවත් වෙමු. කාමයන් හි උත්සාහවත් මිනිසුන් අතරෙහි එ වැනි උත්සාහ නැති ව වාසය කරමු.

 

200.෴

සුසුඛං වත ජීවාම – යේසං නෝ නත‍්ථ කිඤ්චනං
පීතිභක‍්ඛා හවිස්සාම – දේවා ආභස්සරා යථා.

 

Susukham vata jivama
yesam no natthi kincanam

pitibhakkha bhavissama
deva abhassara yatha.

(පංචසාලා – මාරයා ඇරබ)

රාගාදී අවහිර කිසිවක් නැති අපි ඉතා සුවසේ ජීවත් වෙමු. ආභස්සර බඹලොව දෙවියන් මෙන් අපි ප්‍රීතිය පමණක් අනුභව කරන්නෝ වෙමු.

 

201.෴

ජයං වේරං පසවති – දුක්ඛං සේති පරාජිතෝ
උපසන්තෝ සුඛං සේති – හිත‍්වා ජයපරාජයං.

 

Jayam veram pasavati
dukkham seti parajito
upasanto sukham seti
hitva jayaparajayam.

(සැවත් – කොසොල් රජු ඇරබ)

ජය ගන්නා පුද්ගලයා අනුන්ගේ වෛරය තමා වෙත යොමු කරවයි. පැරදුණු පුද්ගලයා දුක සේ වෙසෙයි. ජය පරාජය දෙකම අත්හැර සංසිඳීම ට පත් පුද්ගලයා සුව සේ වාසය කරයි.

 

202.෴

නත‍්ථී රාගසමෝ අග්ගි – නත‍්ථී දෝසසමෝ කලි
නත‍්ථී ඛන‍්ධාදිසා දුක‍්ඛා – නත‍්ථී සන්තිපරං සුඛං.

 

Natthi ragasamo aggi
natthi dosasamo kali
natthi khandhasama dukkha
natthi santiparam sukham.

(ජේතවන – දැරියක් ඇරබ)

රාගයට සමාන ගින්නක් ලොව නැත ද්වේශයට සමාන අපරාධයක් නැත. ස්කන්ධයන් හා සමාන අන් දුකක් නැත. නිවණ නැමැති සංසිඳීමට වැඩි සැපයක් නැත.

 

203.෴

ජිගච්ඡාපරමා රෝගා – සංඛාරපරමා දුඛා
ඒතං ඤත‍්වා යථාභූතං – නිබ්බාණං පරමං සුඛං.

 

Jighacchaparama roga
sankharaparama dukha
etam natva yathabhutam
nibbanam paramam sukham.

(අලව් – උපාසකයෙකු ඇරබ)

රෝගයෝ බඩගින්න කෙළවර කොට ඇත්තාහ, හෙවත් රෝග අතුරෙන් ඉතා ම උසස් රෝගය බඩගින්නයි. සියලු දුක් සංස්කාරයන් කෙළවර කොට ඇත්තාහ, හෙවත් ඇති ව නැතිවන අනිත්‍ය ස්වභාවය ලෝකයේ අන් හැම ඉක්මවා සිටී. මේ කරුණු තත්ත්වාකාරයෙන් දැන නිවන උතුම් සැපය ය යි දැන ගන්නේ ය.

 

204.෴

ආරෝග්‍යා පරමා ලාභා – සනතුට්ඨිපරමං ධනං
විස්සාසාපරමා ඤාතී – නිබ්බාණංපරමං සුඛං.

 

Arogyaparama labha
santutthiparamam dhanam
vissasaparama nati
nibbanam paramam sukham.

(ජේතවන – කොසොල් රජු ඇරබ)

සියලූ ලාභයන්ට වඩා නිරෝගී බව උතුම් ලාභයකි. (නිරෝගී බව නැත්තාහුට සම්පත් වලින් ප්‍රයෝජන නොලැබිය හැකි ය.) සියලූ ධනයන්ට වඩා සතුට නැමැති ධනය ශ්‍රේෂ්ඨයි, (කෝටි ගණන් ධනය තිබුණත් සිතේ සතුටක් නැති නම් එයින් ඵලයක් නැත.) හැම නෑයන්ට වඩා අවංක විශ්වාසය ඇති තැනැත්තා උතුම්ය (නෑකමක් නැතත් අවංක මිත්‍රයා උසස් ය.) හැම සැපතට වඩා නිවන් සැපය උතුමි ය.

 

205.෴

පවිවේකරසං පීත‍වා – රසං උපසමස්ස ච
නිද්දරො හෝති නිපපාපෝ – ධම්මපීතිරසං පිබං.

 

Pavivekarasam pitva
rasam upasamassa ca
niddaro hoti nippapo
dhammapitirasam pivam.

(වේසාලි – භික්ෂුවක් ඇරබ)

විවේක ස්ථානයකට පැමිණ සිත එකඟ කිරීමෙන් ලැඛෙන ප්‍රීතිය ද කෙලෙසුන් සන්සිඳීමේ ප්‍රීතිය ද අනුභව කොට නව ලෝකෝත්තර ධර්මය ලැබීමෙන් හටගත් ප්‍රීති රසය බොන්නා දාහ නැත්තෙක් ද පව් නැත්තෙක් ද වෙයි.

 

206.෴

සාහු දස්සනමරියානං – සන්තිවාසෝ සදා සුඛෝ
අදස්සනේන බාලානං – නිච්චමේව සුඛී සියා.

 

Sahu dassanamariyanam
sannivaso sada sukho
adassanena balanam
niccameva sukhi siya.

(වේළුව ග්‍රාම – සක් දෙවිදුන් ඇරබ)

ආර්යයන් දැකීම යහපත් ය. ඒ සත්පුරුෂයන් හා එක් ව විසීම හැම කල් හී සැප පිණිස පවතී. පාපකාරී අඥානයන් නො දැකීමෙන් හැම කල් හි ම සැපවත් වන්නේ ය.

 

207.෴

බාලසංගත චාරී හි – දීඝමද්ධාන සෝචති
දුක්ඛෝ බාලෙහි සංවාසෝ – අමිත්තේනේව සබ්බදා
ධීරෝ ච සුඛසංවාසෝ – ඤාතීනංව සමාගමෝ.

 

Balasangatacari hi
dighamaddhana socati
dukkho balehi samvaso
amitteneva sabbada
dhiro ca sukhasamvaso
natinam va samagamo.

(වේළුව ග්‍රාම – සක් දෙවිදුන් ඇරබ)

අඥානයන් හා එක් ව හැසිරෙන පුද්ගලයා දීර්ඝ කාලයක් ශෝක කරන්නේය, (පව් කිරීමෙන් අපාය වල උපදින බැවිනි) අඥානයන් හා එක් ව විසීම සතුරෙකු හා එක් ව විසීම මෙන් හැම කල් හී දුක උපදවන්නේය. නුවණැත්තන් හා එක්ව විසීම, නෑයන් හා එක් ව විසීම මෙන් (එලොව මෙලොව) සැප එළවන්නකි.

 

208.෴

ධීරං ච පඤ්ඤං ච බහුස්සුතංච – ධෝරයහසීලං වතවන්තමාරියං
තං තාදිසං සප්පුරිසං සුමේධං – භජේථ නක‍්ඛත්තපථං ව චන‍්දිමා.

 

dhiranca pannanca bahussutanca
dhorayhasilam vatavantamariyam
tam tadisam sappurisam sumedham
bhajetha nakkhattapathamva candima.

(වේළුව ග්‍රාම – සක් දෙවිදුන් ඇරබ)

එහෙයින් (උඩ කී කරුණු නිසා) උගත් දෙය දරණ නුවණැති, විශේෂයෙන් තත්වය දැන ගන්නා නුවණැති, බොහෝ දේ අසා ඇති, රහත් මගට පමුණුවන පිළිවෙත නැමැති ධූරය උසුලන, ශීලවන්තයන්ගෙන් යුක්ත වූ, ආර්යය භාවයට පත්, මනා නුවණැති එවන් සත්පුරුෂයන් සේවනය කරන්නේ ය, (කුමක් මෙන් ද?) චන්ද්‍රයා තාරාපථ නමැති අහස සේවනය කරන්නාක් මෙනි.

 

සුඛ වග්ගය නිමි!