සසර දුකට හේතුව වූ තණ්හාව පිළිබද වදාළ ගාථා විසිහයකින් යුක්ත යි
334.෴

මනුජස්ස පමත්තචාරිනො – තණ්හා වඩ්ඪති මාලූවා විය
සො පලවති හුරාහුරං – ඵලමිච්ඡං ව වනසමිං වානරෝ.

 

Manujassa pamattacarino
tanha vaddhati maluva viya
so plavati hura huram
phalamicchamva vanasmi vanaro.

(ජේතවන – කපිල මච්ඡ මත්ස්‍යයා අරබයා)

ප්‍රමාදයෙන් යුක්ත ව වසන මිනිසා ගේ තෘෂ්ණාව (ගස් විනාශ කරන) මාලූවා වැලක් මෙන් වැඩේ. හෙතෙම ගෙඩි සොයමින් වනයෙ හි ඒ මේ අත පනින වදුරෙකු මෙන් භවයෙන් භවයට පනී.

 

335.෴

යං එසා සහතී ජම්මි – තණ්හා ලෝකෙ විසත්තිකා,
සෝකා තස්ස පවඩ්ඪන්ති – අභිවට්ඨං ව බීරණං.

 

Yam esa sahate jammi
tanha loke visattika
soka tassa pavaddhanti
abhivatthamva biranam.

(ජේතවන – කපිල මච්ඡ මත්ස්‍යයා අරබයා)

ළාමක වූ, ඉතා ඇලෙන ස්වභාවය ඇති මේ තෘෂ්ණා තොමෝ යම් සත්ත්වයකු මැඩගෙන සිටී නම්, වැස්සෙන් තෙමුණු සැවැන්න පදුරක් වැඩෙන්නා සේ ඔහු ගේ ශෝකයෝ වැඩෙත්.

 

336.෴

යො චේතං සහතී ජම්මිං – තණ්හං ලෝකේ දුරච්චයං,
සෝකා තමහා පපතන්තී – උදබින‍දූව පොක්ඛරා.

 

Yo cetam sahate jammim
tanham loke duraccayam
soka tamha papatanti
udabindu va pokkhara.

(ජේතවන – කපිල මච්ඡ අරබයා)

තෘෂ්ණාව ළාමක ය. ඉක්මවීම අපහසුය. යමෙක් ඒ තෘෂ්ණාව මැඩ පවත්වයි ද, ඔහු ගේ ශෝකයෝ, නෙලූම් කොළයෙන් දිය බින්දුව වැටෙන්නා සේ, ගිලිහී යත්.

 

337.෴

තං වො වදාමි, භද්දං වො – යාවන්තත්ථ සමාගතා
තණ්හාය මූලං ඛණථ – උසීරෙත‍ථාව බීරණං
මා වො නළංව සොතොව – මාරො භක‍දජි පුනප්පුනං

 

Tam vo vadami bhaddam vo
yavante’ ttha samagata
tanhaya mulam khanatha
usiratthova biranam
ma vo nalamva sotova
maro bhanji punappunam.

(ජේතවන – කපිල මච්ඡ ඇරබ)

මෙහි රැස් වූ යම් පමණ කෙනෙක් වෙත් නම්, ඒ හැමට යහපතක් වේවා! යි පතමින් ඔබට කරුණක් කියමි. යම් ප්‍රයෝජනයකට සැවැන්න මුලක් සොයන මිනිසෙක්, සැවැන්න පඳුරක් සාරන්නාක් මෙන් තෘෂ්ණාවගේ මුල වූ අවිද්‍යාව උදුරා දමව්. සැඩ පහරක් (ගං තෙර හටගත්) බට පදුරක් උදුරා බිඳ දමන්නා සේ මාරයා තොප නැවත නැවත උදුරා නො දමාවා.

 

338.෴

යථාපි මූලෙ අනුපද්දවෙ දළ්හේ – ජින්නෝපි රුක්ඛෝ පුනරේව රූහති,
එවමපි තණ්හානුසයෙ අනූහතෙ – නිබ්බත්තතී දුක්ඛමිදං පුනප්පුං

 

Yathapi mule anupaddave dalhe
chinnopi rukkho punareva ruhati
evampi tanhanusaye anuhate
nibbattati dukkhamidam punappunam.

(වේළුවන – සූකර පොතිකාව අරබයා)

යම් සේ ගසක මුල අනතුරට පත් නොවී ශක්තිමත් ව තිබෙන විට ගස මුදුනෙන් කපා දමනු ලැබූවත් , ඒ ගස නැවත ලියලා වැඩෙන්නාක් මෙන්, අනුසය ලෙස වුවද පවතින තෘෂ්ණාව නොනැසූ කල් හී මේ සංසාර දුක නැවත නැවත උපදී.

 

339.෴

යස්ස ඡතතිංසති සොතා – මනාපස්සවණා භූසා
වාහා වහන්ති දුද්දිට්ඨිං – සංකප්පා රාගනිසසිතා

 

Yassa chattimsati sota
manapasavana bhusa
maha vahanti dudditthim
sankappa raganissita.

(වේළුවන – සූකර පොතිකාව ඇරබ)

සැඩ පහරවල් තිස් හයකින් යුක්ත වූ, ප්‍රියමනාප අරමුණු කරා ගලා බස්නා යමෙකු ගේ තෘෂ්ණා නැමැති ගඟ බලවත් වේද, රාග නිශ්‍රිත වූ කාම විතර්කාදී ඒ සැඩ පහරවල් විපරිත බුද්ධි ඇති ඒ පුද්ගලයා අපායට ගෙන යත්.

 

340.෴

සවනති සබ්බධී සොතා – ලතා උබභිජ්ජ තිට්ඨති
තං ච දිස්වා ලතං ජාතං – මූලං පඤ්ඤාය ඡින්දථ.

 

Savanti sabbadhi sota
lati uppajja titthati
tanca disva latam jatam
mulam pannaya chindatha.

(වේළුවන – සූකර පොතිකාව අරබයා)

තෘෂ්ණා සැඩ පහරවල් හැම පැත්තෙන් ගලා බසිත්, ආශා නැමැති ලතා වැල් සදොරින් මතුව සිටියි. ඒ හටගත් තෘෂ්ණා නමැති ලතාව දැක එහි මුල ප්‍රඥාවෙන් දැක නුවණින් සිඳ දමව්.

 

341.෴

සරිතානි සිනෙහිතානි ච – සොමනස්සානි භවන්ති ජන්තුනෝ
තෙ සාතසිතා සුඛේසිනො – තෙ වෙ ජාතිජරූපගා නරා.

 

Saritani sinehatani ca
somanassani bhavanti jantuno
te satasita sukhesino
te ve jatijarupaga nara.

(වේළුවන – සූකර පොතිකාව අරබයා)

මිනිසාට අරමුණුවල පැතිර පවත්නා වූ ද, තෘෂ්ණාවෙන් තෙත් වූ ද, සෝමනස්ස වේදනාවෝ වෙති. ඒ සොම්නස විඳි සත්වයා නැවත නැවත තව තවත් කම් සැප සොයත්. ඔවුහූ ඒකාන්තයෙන් නැවත ඉපදීමට හා ජරාවට පැමිණෙන්නෝ ය.

 

342.෴

තසිණාය පුරක්ඛතාපජා – පරිසප්පන්ති සසොව බන්ධිතො
සංයෝජනසංගසත්තා – දුක්ඛමුපෙන්ති පුනප්පුනං චිරාය.

 

Tasinaya purakkhata paja
parisappanti sasova bandhito
samyojanasangasattaka
dukkhamupenti punappunam ciraya.

(වේළුවන – සූකර පොතිකාව අරබයා)

තෘෂ්ණාවෙන් බැඳුනු සත්ත්වයෝ මළපුඩුවෙන් බැඳුනු සාවකු මෙන් බියෙන් එහා මෙහා දඟලත්. කාමරාගාදී දශ සංයෝජනයෙන් හා කාමසංගාදී සප්ත සංගවලින් බැඳුණු සත්ත්වයෝ බොහෝ කලක් නැවත නැවත දුකට පැමිණෙත්.

 

343.෴

තසිණාය පුරකඛතා පජා – පරිසප්පනති සසොව බන්ධිතො
තස්මා තසිනං විනොදයෙ – භික්ඛු ආකංඛි විරාගමත්තනො.

 

Tasinaya purakkhata paja
parisappanti sasova bandhito
tasma tasinam vinodaye
akankhanta viragamattano.

(වේළුවන – සූකර පොතිකාව අරබයා)

තෘෂ්ණාවෙන් බැඳුනු සත්ත්වයෝ මළපුඩුවෙන් බැඳුනු සාවකු මෙන් බියෙන් එහා මෙහා දඟලත්. එ බැවින් තමාගේ විරාගී බව කැමති භික්ෂුව තෘෂ්ණාව දුරු කර ගත යුතුය.

 

344.෴

යො නිබ්බනථො වනාධිමුත්තෝ – වනමුත්තෝ වනමේව ධාවති,
තං පුග්ගලමේවා පස්සථ – මුත්තෝ බන්ධනමේවා ධාවති.

 

Yo nibbanatho vanadhimutto
vanamutto vanameva dhavati
tam puggalametha passatha
mutto bandhanameva dhavati.

(වේළුවන – සිවුරු හළ මහණෙකු අරබයා)

යමෙක් ගිහි ගෙයි ඇලීම හැරදමා තපස් රකින වනයෙහි ඇලී සිට නැවත ඒ තපෝවනයෙන් වෙන් ව ගිහිගෙට යයි ද, බැම්මෙන් මිදී නැවත බැම්මට අසුවීම සඳහා දුවන ඒ පුද්ගලයා දෙස බලව්.

 

345.෴

න තං දළ්හං බන්ධනමාහු ධීරා – යදායසං දාරුජං බබ්බජං ච
සාරත්තරත්තා මණිකුණඩලෙසු – පුත්තේසු දාරේසු ච යා අපේක්ඛා,

 

Na tam dalham bandhanamahu dhira
yadayasam darujapabbajanca
sarattaratta manikundalesu
puttesu daresu ca ya apekkha.

 

යකඩින් කළ දම්වැල් ආදි වූ ද ලීයෙන් කළ සුරංගු ආදී වූ ද තෘණ වර්ග අඹරා කළ කඹ ආදී වූ ද යම් බැම්මක් වේ නම්, ඒ බැම්ම දැඩි බැම්මකැ යි පණ්ඩිතයෝ නො කියත්. මැණික් ඇල්ලු කඩුක්කම් ආදී ආභරණයන් හිද අඹුදරුවන් කෙරෙහි ද යම් ඇල්මක් වේ නම්…

 

346.෴

ඒතං දළ්හං බන්ධනමාහු ධීරා – ඔහාරිනං සිථීලං දුප්පමුඤ්චං
ඒතමපි ඡෙත‍වාන පරිබ්බජ්ජන්ති – අනපෙක්ඛිනො කාමසුඛං පහාය.

Etam dalham bandhanamahu dhira
oharinam sithilam duppamuncam
etampi chetvana paribbajanti
anapekkhino kamasukham pahaya.

(ජේතවන-බන‍ධනාගාරයක දී)

…. ඒ බැම්ම දැඩි එකකැයි පණ්ඩිතයෝ කීහ. ඒ දෙවෙනි ව කී බැම්ම සත්ත්වයන් පහත් අපාය භූමිවලට අදියි, බැඳ තිබෙන බවක් නො පෙනෙන තරමට බුරුල් වුවත් ලිහා ගැනීම අපහසු වූවකි. කම් සැපෙහි බලාපොරොත්තු නැත්තෝ ඒ බැම්මද සිඳ ගෙන ගිහි ගෙය හැර පැවිදි වෙති.

 

347.෴

යෙ රාගරත්තානුපත්නති සොතං – සයංකතං මක්කටකොව ජාලං
එතම්පි ඡෙත‍වාන වජනති ධීරා – අනපෙක්ඛිනො සබ්බදුකඛං පහාය.

 

Ye ragaratt’nupatanti sotam
sayamkatam makkatakova jalam
etampi chetvana vajanti dhira
anapekkhino sabbadukkham pahaya.

(වේළුවන – ඛේමා මෙහෙණිය අරබයා)

රාගයෙන් මැඩුණු යම් කෙනෙක් තමා විසින් ම වියා ගන්නා ලද දැලෙහි පැටලෙන මකුළුවා මෙන් තෘෂ්ණා නැමැති සැඩ පහරෙහි වැටෙත් ද, කම් සැපය නොපතන නුවණැත්තෝ ඒ තෘෂ්ණා දැල ද කඩා දමා සියලූ දුක් දුරු කොට විමුක්තිය ලබත්ය.

 

348.෴

මුඤ්ච පුරෙ, මුඤ්ච පච්ඡතො – මජෙඣ මුඤ්ච භවස්ස පාරගූ
සබ්බත‍ථ විමුත්තමානසො – න පුන ජාතිජරං උපෙහි සි.

 

Muncapure munca pacchato
majjhe munca bhavassa paragu 
sabbattha vimuttamanaso
na punam jatijaram upehisi.

(වේළුවන – උග්ගසේන අරබයා)

පෙර භවයෙහි පැවැත්තාවූත් අනාගත භවයෙහි පවත්නා වූත් දැන් මේ භවයෙහි පවතිත්නා වූ ත් ස්කන්ධ පසෙහි ආශාව දුරු කරව. භවයෙන් එතෙරට ගියේ හැම තැනින් මිදුණු සිතැත්තේ නැවත ඉපදීමට හා දිරීමට නො පැමිණෙන්නෙහි.

 

349.෴

විතක්කපමථීතස්ස ජන්තුනො – තිබ්බරාගසස සුභානුපස්සිනො
භියේ‍යා තණ්හා පවඩ්ඪති – එස ඛො දළ්හං කරොති බනන‍ධනං.

 

Vitakkamathitassa jantuno
tibbaragassa subbhanupassino
bhiyyo tanha pavaddhati
esa kho dalham karoti bandhanam.

(ජේතවන – භිඬුවක් අරබයා)

කාමවිතර්කාදියෙන් මඩනා ලද සිත් ඇති , දැඩි රාග ඇති, කාම අරමුණු සුභ වශයෙන් සලකන්නා වූ පුද්ගලයා ගේ තෘෂ්ණාව බොහෝ සේ වැඩේ. මේ තෙමේ සිය භව බන්ධනය දැඩි කර ගනී.

 

350.෴

විතක්කූපසමෙ ච යො රතෝ – අසුභං භාවයති සදා සතෝ,
එස ඛො ව්‍යානතිකාහිති – එසචෙඡචඡති මාරබන්ධනං

 

Vitakkupasame ca yo rato
asubham bhavayate sada sato
esa kho vyanti kahiti
esa cheechati marabandhanam.

(ජේතවන – භික්ෂුවක් අරබයා)

යමෙක් කාම විතර්කාදිය සංසිදවීමෙ හි ඇලූනේ ද, හැම කල් හි සිහියෙන් යුක්තව ස්ත්‍රී පුරුෂ රූපාදිය පිළිකුල් වශයෙන් දැක අශුභය වඩයි ද, ඒ පුද්ගලයා ආශාව නසන්නේ ය, හෙතෙම මාරයා ගේ බැම්ම සිඳීන්නේ ය.

 

351.෴

නිට්ඨං ගතෝ අසන්තාසි – වීත්තණෙහා අනංගණො
අච්ඡින්දි භවසල්ලානි – අනතිමොයං සමුස්සයො.

 

Nitthangato asantasi
vitatanho anangano
acchindi bhavasallani
antimoyam samussayo.

(ජේතවන – මාරයා අරබයා)

යමෙක් සංසාරයාගේ කෙළවරට පැමිණියේ ද, ජීවිතාශා නැති බැවින් තැති ගැනීම් නැත්තේ ද, පහ කළ තෘෂ්ණා ඇත්තේ ද, කෙලෙස් නැත්තේ ද, හෙතෙම කෙලෙස් හුල් උදුරා දැම්මේ ය. මෙය ඔහු ගේ අන්තිම ඉපදීම යි.

 

352.෴

වීත්තණෙහා අනාදානෝ – නිරුත්තිපදකොවිදෝ
අක්ඛරානං සන්නිපාතං – ජඤ්ඤා, පුබ්බපරානි ච,
ස වෙ අන්තිමසාරීරො – මහාපඤ්ඤෝ මහාපුරිසොති වුච්චති.

 

Vitatanho anadano
niruttipadakovido
akkharanam sannipatam

janna pubbaparani ca
sa ve “antimasariro

mahpanno mahapuriso” ti vuccati.

(ජේතවන – මාරයා අරබයා)

යමෙක් දුරු කළ තෘෂ්ණා ඇත්තේ ද, තමා ගේ යැ යි අල්ලා ගැනීමක් නැත්තේ ද, ශබ්දයන් ගේ නිෂ්පත්තියෙ හි දක්ෂ ද, අකුරු රැස්වීම නැමැති පදයන් හා වාක්‍යයන් ද ඉදිරියෙන් හා පසු වී සිටිය යුතු අකුරුත් දන්නේ ද, අන්තිම ශරීරය දරන ඒ මහා ප්‍රාඥයා මහා පුරුෂයෙකැ යි කියනු ලැබේ.

 

353.෴

සබ්බාභිභූ සබ්බවිදුහමස්මි, – සබ්බේසු ධම්මේසු අනූපලිත්තෝ,
සබ්බංජහො තණ්හක්ඛයෙ විමුත්තෝ – සයං අභිඤ්ඤාය කමුද්දිසෙය්‍යං?

 

Sabbabhibhu sabbaviduhamasmi
sabbesu dhammesu anupalitto
sabbanjaho tanhakkhaye vimutto
sayam abhinnaya kamuddiseyyam.

(බරණැස වඩින මග – උපක ආජීවක අරබයා)

මම සියලූ භවයන් ට අයත් සියළු ආශා මැඩපවත් වූවෙමි. දතයුතු සියල්ල දනිමි. දුරුකළ යුතු සියල්ල දුරු කල ලීමි. තෘෂ්ණාව ක්ෂය කරලීමෙන් එයින් නිදහස් වූවෙක් ද වූවෙමි. මෙසේ කොට සියල්ල තමා විසින් ම අවබෝධ කොට කවරෙකු ගුරුවරයා සේ පෙන්වම් ද?

 

354.෴

සබ්බදානං ධම්මදානං ජිනාති – සබ්බ රසං ධම්මරසො ජිනාති
සබ්බ රතිං ධම්මරතී ජිනාති – තණ්හක්ඛයො සබ්බදුක්ඛං ජිනාති.

 

Sabbadanam dhammadanam jinati
sabbarasam dhammaraso jinati
sabbaratim dhammarati jinati
tanhakkhayo sabbadukkham jinati.

(ජේතවන – සක් දෙවිඳුන් අරබයා)

ධර්මදානය සියලූ දානයන් පරදවයි. ධර්ම රසය අන් හැම රසයන් පරදවයි. ධර්මයෙ හි ඇලීම අන් හැම ඇලීම් පරදවයි. තෘෂ්ණාව දුරු කිරීම හැම දුක් නසයි.

 

355.෴

හනන්ති භෝගා දුම්මේධං – නො චෙ පාරගවෙසිනො
භොගතණ්හාය දුම්මේධො – හන්ති අඤ්ඤේව අත්තනං.

Hananti bhoga dummedham
no ca paragavesino
bhogatanhaya dummedho
hanti anneva attanam.

(ජේතවන – අපුත්තක සිටු අරබයා)

භෝගයෝ (ධන ධාන්‍යාදිය) නුවණ මද පුද්ගලයාගේ වැනසීම පිණිස වේ. ඒ භෝගයෝ සසරින් එතෙර වීම සොයන්නන් නො වනසත්. අඥානයා ධනාශාව නිසා අනුන් නසන්නාක් මෙන් තමාම නසා ගනී.

 

356.෴

තිණදෝසානි ඛෙත්තානි – රාගදෝසා අයං පජා
තස්මා හි වීතරාගේසු – දින්නං හොති මහප්ඵලං.

 

Tinadosani khettani
ragadosa ayam paja
tasma hi vitaragesu
dinnam hoti mahapphalam.

(පඬුපුල් අසුන මත – අංකුර දෙව් පුත් ඇරබ)

කුඹුරු (ගොවි තැන් පාලූ කරන) තෘණ වර්ග නැමැති දෝෂයෙන් යුක්ත වෙති, මේ සත්ත්ව සමූහය රාග නැමැති කෙලෙස් දෝෂයෙන් යුක්ත වේ. එ බැවින් පහ වූ රාග ඇත්තන් වෙත දුන් දානය මහත් ඵල ඇත්තේ වේ.

 

357.෴

තිණදෝසානි ඛෙත්තානි – දෝසදෝසා අයං පජා
තස්මා හි වීතදෝසෙසු – දින්නං හෝති මහප්ඵලං.

 

Tinadosani khettani
dosadosa ayam paja
tasma hi vitadosesu
dinnam hoti mahapphalam.

(පඬුපුල් අසුන මත – අංකුර දෙව් පුත් අරබයා)

කුඹුරු තෘණ වර්ග නමැති දෝෂයෙන් යුක්ත වෙති. මේ සත්ත්ව ප්‍රජාව ද්වේශ දෝෂයෙන් යුක්ත වේ. එබැවින් පහවූ ද්වේෂ ඇත්තන් කෙරෙහි දුන් දානය මහත් ඵල ඇත්තේ වේ.

 

358.෴

තිණදොසානිඛෙත්තානි – මොහදෝසා අයං පජා
තස්මා හි වීතමෝහෙසු – දින්නං හොති මහප්ඵලං.

 

Tinadosani khettani
mohadosa ayam paja
tasma hi vitamohesu
dinnam hoti mahapphalam.

(පඬුපුල් අසුන මත – අංකුර දෙව් පුත් අරබයා)

කුඹුරු වල් තණ වර්ග දොසින් යුක්ත වෙති. මේ සත්ත්ව සමූහය මෝහ නැමැති දෝෂයෙන් යුක්ත වේ. එ හෙයින් මෝහය දුරුකළ පුද්ගලයන් කෙරෙහි දුන් දානය මහත්ඵල ඇත්තේ වේ.

 

359.෴

තිණදොසානි ඛෙතතානි – ඉචඡුාදොසා අයං පජා
තසමා හි විගතිචෙඡුසු – දිනනං හොති මහපඵලං

 

Tinadosani khettani
icchadosa ayam paja
tasma hi vigaticchesu
dinnam hoti mahapphalam.

(පඬුපුල් අසුන මත – අංකුර දෙව් පුත් අරබයා)

කුඹුරු වල් තණ වර්ග දොසින් යුක්ත වෙති. මේ සත්ත්ව සමූහය ආශාව නැමැති දෝෂයෙන් යුක්ත වේ. එ හෙයින් පහවු ආශා ඇත්තන් කෙරෙහි දුන් දානය මහත්ඵල ඇත්තේ වේ.

 

තණ්හා වග්ගය නිමි!