ධම්මපදයේ ගාථා දෙක බැගින් වදාළ කොටස
යමක වර්ගය
යුගලය බැගින් ගලපා වදාළ ගාථා 20 කින් යුක්ත යි.

01.

මනෝපුබ්බංගමා ධම්මා – මනෝසෙට්ඨා මනෝමයා,
මනසා චේ පදුට්ඨේන – භාසති වා කරෝති වා,
තතෝ නං දුක්ඛමංවේති – චක්කං’ව වහතෝ පදං

Manopubbangama dhamma
manosettha manomaya
manasa ce padutthena
bhasati va karoti va
tato nam dukkhamanveti
cakkamva vahato padam.

සෑම දේකටම මුල්වෙන්නේ සිතයි .
සිතම තමයි ශ්‍රේෂ්ඨ වෙන්නෙ. සිතින්මයි උපදින්නේ.
අපිරිසිදු වූ සිතින් කරන දේට ලැබෙන දුක් විපාක
ගොනාගේ පය අනුව යන කරත්තයේ රෝදය මෙන්
ඔහු පසුපස ලුහුබදී.
(ජේතවන අසපුවේදී චක්ඛුපාල තෙරුන් අරභයා වදාළ ගාථාවකි.)

02.

මනෝ පුබ්බංගමා ධම්මා- මනෝ සෙට්ඨා මනෝමයා
මනසා චෙ පසන්නේන – භාසතිවා කරෝති වා
ත‍තෝ නං දුක්ඛමන්වේති- ඡායාව අනපායිනී.

Manopubbangama dhamma
manosettha manomaya
manasa ce pasannena
bhasati va karoti va
tato nam sukha manveti
chayava anapayini.

සිත සිතිවිලිවලට පෙරටුවෙ සිත සිතුවිලිවලට ශ්‍රේෂ්ඨ වේ.
සිතුවිලි සිතින්ම උපදී. ඉතින් යමෙක් පහන්සිතින් යමක් කරයි නම් හෝ වේවා කියයිනම් හෝ වේවා ඒ හේතුකොටගෙන ඒ සැප විපාකය ඔහු පසුපස එන්නේ ඉවත්නොවී සැම විට ඔහු පසුපස යන සෙවනැල්ල මෙන්ය.

(ජේතවන අසපුවේදී මට්ටකුණ්ඩලී දිව්ය පුත්රයා අරභයා වදාළ ගාථාවකි.)

03.

අක්කොච්ඡි මං අවධිමං – අජිනි මං අහාසි මේ
යේ තං උපනය්හන්ති – වේරං තේසං න සම්මති.

Akkocchi mam avadhi mam
ajini mam ahasi me
ye ca tam upanayhanti
veram tesam na sammati.

අසවලා මට බැන්නේය. අසුවලා මට ගැසුවේය.
අසුවලා මා පැරදුවේය. අසුවලා මා සතුදේ පැහැරගත්තේ’යැයි
වෛර බදින තැනැත්තාගේ වෛරය නොසන්සිදේ.
(ජේතවන අසපුවේදී ථුල්ලතිස්ස තෙරුන් අරභයා වදාළ ගාථාවකි.)

04.

අක්කොච්ඡි මං අවධිමං – අජිනි මං අහාසි මේ
යේ තං න උපනය්හන්ති – වේරං තෙසූපසම්මති.

Akkocchi mam avadhi mam
ajini mam ahasi me
ye ca tam nupanayhanti
veram tesupasammati.

අසුවලා මට බැන්නේය,අසුවලා මට ගැසුවේය,
අසවලා මා පැරදුවේය, අසවලා මා සතුදේ පැහැරගත්තේ’යැයි
වෛර නොබදින තැනැත්තාගේ වෛරය සන්සිදේ.
(ජේතවන අසපුවේදී ථුල්ලතිස්ස තෙරුන් අරභයා වදාළ ගාථාවකි.)

05.

නහී වේරේන වේරානි – සම්මන්තීධ කුදාචනං
අවේරේනච සම්මන්තී – ඒස ධම්මෝ සනන්තනො.

Na hi verena verani
sammantidha kudacanam
averena ca sammanti
esa dhammo sanantano.

වෛර බැදීමෙන් වෛරය නොසන්සිදේ,
වෛරය වෛර නොකිරීමෙන්ම සන්සිඳේ,
මෙය හැම කල්හිම නොවෙනස්වන දහමකි.
(ජේතවන අසපුවේදී කාළි යක්ෂණිය අරභයා වදාළ ගාථාවකි.)

06.

පරේ ච න විජානන්ති – මයමෙත්ථ යමාමසේ
යේ ච තත්ථ විජානන්ති – ත‍තෝ සම්මන්ති මේධගා.

Pare ca na vijananti
mayamettha yamamase
ye ca tattha vijananti
tato sammanti medhaga.

කල කෝලහල කරන අය, අපි මේ කරන දෙයින්ම නැසෙන්නෙමු යැ’යි නොදැනම එසේ කල කෝලාහල කරති. යම් කෙනෙක් තමන්මැ මේ කල කොලාහලින් නැසෙනබව දනිත් නම් ඒ හේතුවෙන් ඔවුන්ගේ කලහ සිත් සන්සිදෙයි.
(කොසැඹෑ නුවරදී කළහකාරී භික්ෂූන් අරභයා වදාළ ගාථාවකි.)

07.

සුභනුපස්සිං විහරන්තං – ඉන්ද්‍රියේසු අසන්වුතං
භොජනම්හි අමත්තඤ්ඤුං – කුසීතං හීනවීරියං
තං වේ පසහති මාරෝ – වා‍තෝ රුක්ඛං ව දුබ්බලං.

Subhanupassim viharantam
indriyesu asamvutam
bhojanamhi camattannum
kusitam hinaviriyam
tam ve pasahati Maro
vato rukkhamva dubbalam.

රූපාදී සියළු අරමුනු ශුභ වසයෙන් ගනිමින්,
ඉන්ද්‍රිය සංවරයකුත් නැතිව,
කෑමෙහි පමන නොදැන,
කම්මලිව වීර්‍යය හීනව සිටින තනැත්තාට
ක්ලෙශ මාරයා පහර දෙන්නේ
සුලග දුබල ගසක් උදුරා දමන්නාක් මෙනි.
(සේතව්ය නුවරදී චූලකාල, මහාකාල භික්ෂූන් අරභයා වදාළ ගාථාවකි.)

08.

අසුභානුපස්සිං විහරන්තං – ඉන්ද්‍රියේසු සුසංවුතං
භෝජනම්හි ච මත්තඤ්ඤුං – සද්ධං ආරද්ධවීරියං
තං වේ නප්පසහති මාරෝ – වා‍තෝ සේලං ව පබ්බතන්

Asubhanupassim viharantam
indriyesu susamvutam
bhojanamhi ca mattannum
saddham araddhaviriyam
tam ve nappasahati Maro
vato selamva pabbatam.

රූපාදී අරමුනු අසුභ වසයෙන් ගනිමින් ඉන්ද්‍රිය සංවරය ඇතිව කෑමෙහි පමන දැන, සැදැහැවත්ව, පරිපූර්ණ වීර්‍යය ඇතිව සිටින පුද්ගලයා මැඩලිමට ක්ලෙශ මාරයට නොහැකිවන්නේ මහා පර්වතයක් සුලගට නොසෙල්විය හැක්කාක් මෙනි.
(සේතව්ය නුවරදී චූලකාල, මහාකාල භික්ෂූන් අරභයා වදාළ ගාථාවකි.)

09.

අනික්සාවෝ කාසාවං – යෝ වත්ථං පරිදහෙස්සති
අපේ‍තෝ දමසච්චේන – න සෝ කාසාවමරහති.

Anikkasavo kasavam
yo vattham paridahissati
apeto damasaccena
na so kasavamarahati.

ඉන්ද්‍රිය දමනයෙන් හා සත්‍ය වචනයෙන් තොරව,
කෙලෙස් කසල බැහැර නොකොට,
කසාවතක් පොරවන තැනැත්තා
කිසිසේත්ම කසාවතක් දැරීමට සුදුසුනොවේ.
(රජගහ නුවරදී දේවදත්ත තෙරුන්අරභයා වදාළ ගාථාවකි.)

10.

යෝච වන්තකසාවස්ස – සීලේසු සුසමාහි‍තෝ
උපේ‍තෝ දමසච්චේන – ස වේ කසවමරහති.

Yo ca vantakasav’assa
silesu susamahito
upeto damasaccena
sa ve kasavamarahati.

කෙලෙස් කසල බැහැ‍රැ කළ, මනාව සීලයෙහි පිහිටි,
ඉන්ද්‍රිය දමනයෙන් සහ සත්‍ය වචන කථා කිරීමෙන් යුක්ත තැනැත්තා ඒකාන්තයෙන්ම කසාවත දැරීමට සුදුසුවේ.
(රජගහ නුවරදී දේවදත්ත අරභයා වදාළ ගාථාවකි.)

11.

අසාරේ සාර මතිනෝ – සාරේචා සාර දස්සිනෝ
තේ සාරං නාධි ගච්ඡන්ති – මිච්ඡා සඩ්කප්ප ගෝචරා.

Asare saramatino
sare casaradassino
te saram  nadhigacchanti
miccha sankappa gocara.

නිසරුදෙය සරු ලෙසත්,
සරු දෙය නිසරු ලෙසත් සිතන තැනැත්තෝ
වැරදි කල්පනවන්ට ගොදුරුව සරුදහම නොලබත්.
(වේළුවනාරාමයේදී සංජය පිරිවැජියා අරභයා වදාළ ගාථාවකි.)

12.

සාරං ච සාර‍තෝ ඤත්වා – අසාරංච අසාර‍තෝ
තේ සරං අධිගච්ඡන්ති – සම්මා සඩ්කප්පගෝචරා.

Saranca sarato natva
asaranca adhigacchanti
te saram adhigacchanti
sammasankappagocara.

සරු දෙය සරු ලෙසත්,
නිසරු දෙය නිසරු ලෙසත්,
දැන නිවැරදි ව සිතන්නට දන්නාවූ අය
සරු ඵල ලබයි.

(වේළුවනාරාමයේදී සංජය පිරිවැජියා අරභයා වදාළ ගාථාවකි.)

13.

යථා අගාරං දුච්ඡන්නං – වුට්ඨි සමතිවිජ්ඣති
ඒවං අහාවිතං චිත්තං – රාගෝ සමතිවිජ්ඣති.

Yatha agaram ducchannam
vutthi samativijjhati
evam abhavitam cittam
rago samativijjhati.

හොදින් සෙවිලි නොකල ගෙය
වැස්සෙන් තෙමෙන්නාක්මෙන්
භාවනා කිරීමෙන්, රාගය නොමැඩු,
නොවැඩූ සිත,
රාගය නිසා සිදුරුව විනිවිදයයි.
(ජේතවනාරාමයේදී නන්ද තෙරුන් අරභයා වදාළ ගාථාවකි.)

14.

යථා අගාරං සුච්ඡන්නං – වුට්ඨී න සමතිවිජ්ඣති
ඒවං සුභාවිතං චිත්තං – රාගෝ න සමතිවිජ්ඣති

Yatha agaram suchannam
vutthi na samativijjhati
evam subhavitam cittam
rago na samativijjhati.

හොදින් සෙවිලිකළ ගෙය වැස්සෙන් නොතෙමෙන්නාක් මෙන්
භාවනා කිරිමෙන් රාගය මැඩූ සිත, රාගය නිසා සිදුරු නොවෙයි.
විනිවිද නොයයි.
(ජේතවනාරාමයේදී නන්ද තෙරුන් අරභයා වදාළ ගාථාවකි.)

15.

ඉධ සෝචති පෙච්ඡ සෝචති – පාපකාරී උභයත්ථ සෝචති
සෝ සචති සෝ විහඤ්ඤති – දිස්වා කම්මකිලිට්ඨමත්තනෝ

Idha socati pecca socati
papakari ubhayattha socati
so socati so vihannati
disva kammakilitthamattano.

පව් කරන්නා මෙලොවත් ශෝක කරයි.
එලොවත් ශෝක කරයි.
දෙලොවම ශෝක කරයි.
ඔහු තමාගේ කිලිටි කර්ම දැක ශෝකකරයි.
වෙසෙසින්ම පෙලෙයි.
(ජේතවනාරාමයේදී චුන්ද සූකරික නම් ඌරුවැද්දා අරභයා වදාළ ගාථාවකි.)

16.

ඉධ මෝදති පෙච්ඡ මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති- දිස්වා කම්ම විසිද්ධිමත්තනෝ.

Idha modati pecca modati
katapunno ubhayattha modati
so modati so pamodati
disva kammavisuddhimattano.

පින්කල තැනැත්තා මෙලොවත් සතු‍ටුවේ.
පරලොවත් සතු‍ටුවේ. දෙලොවමත් සතු‍ටුවෙයි.
ඔහු තමාගේ කුසල කර්ම දැක සතු‍ටුවෙයි.
වැඩි වැඩියෙන් සතු‍ටුවේ.
(ජේතවනාරාමයේදී ධම්මික උපාසකතුමා අරභයා වදාළ ගාථාවකි.)

17.

ඉධ තප්පතී පෙච්ඡ තප්පතී – පාපකාරි උභයත්ත තප්පති
පාපන් මේ කතන්ති තප්පති – භිය්‍යෝ තප්පති දුග්ගතිං ග‍තෝ.

Idha tappati pecca tappati
papakari ubhayattha tappati
papam me katanti tappati
bhiyyo tappati duggatim gato.

පව් කරන්නා මෙලොවත් තැවෙයි.
පරලොවත් තැවෙයි. දෙලොවමත් තැවෙයි.
මා විසින් පව් කරන ලදැයි සිතා තැවෙයි.
ඒ නිසා දුගතියක උපදියැයි දැන වැඩි වැඩියෙන් තැවෙයි.
(ජේතවනාරාමයේදී සුමනා සිටුකුමරිය අරභයා වදාළ ගාථාවකි.)

18.

ඉධ නන්දති පෙච්ඡ නන්දති – කතපුඤ්ඤෝ උභයත්ත නන්දති
පුඤ්ඤං මේ කතන්ති නන්දති – භිය්‍යෝ නන්දති සුග්ගතිං ග‍තෝ.

Idha nandati pecca nandati
katapunno ubhayattha nandati
punnam me katanti nandati
bhiyyo nandati suggatim gato.

පින්කළ තැනැත්තා මෙලොවත් පරලොවත් සතු‍ටුවෙයි.
මා විසින් පින් කරන ලද්දේයයි සිතා සතු‍ටුවේ.
ඒ නිසා සුගතියක උපදියයි.
වැඩිවැඩියෙන් සතු‍ටු වෙයි.
(ජේතවනාරාමයේදී සුමනා සිටුකුමරිය අරභයා වදාළ ගාථාවකි.)

19.

බහුම්පි චේ සහිතං භසමානෝ – න තක්කරෝ හෝති නරෝ පමත්තෝ
ගෝපෝව ගාවෝගණයං පරේස – න භගවා සාමඤ්ඤස්ස හෝති.

Bahumpi ce samhita bhasamano
na takkaro hoti naro pamatto
gopova gavo ganayam paresam
na bhagava samannassa hoti.

යමෙක් තුන්පිටකය ඉගෙන බොහෝ දෙනාට බන කියතත්
තමා ඒ ධර්මය නොපිළිපදින්නේ නම්,
පමාවූ ඒ තැනැත්තා
අනුන්ගේ ගවයන් රකින්නාවූ ගොපල්ලෙකු මෙන්
මහනකමේ ඵලය නොලබයි.
(ජේතවනාරාමයේදී යහළු තෙරුන් දෙනමක් අරභයා වදාළ ගාථාවකි.)

20.

රාගං ච දොසං ච පහාය මෝහං – සම්මප්පජානෝ සුවිමුත්තචිත්තෝ
අනුපාදියානෝ ඉධවා හුරංවා – ස භගවා සාමඤ්ඤස්ස හෝති

raganca dosanca pahaya moham
sammappajano suvimuttacitto
anupadiyano idha va haram va
sa bhagava samannassa hoti.

ත්‍රිපිටක ධර්මයෙන් ඉතා ස්වල්පයක් හෝ දේසනා කරන තැනැත්තා ධර්මයට අනුව පිලිපදියි නම්,
ඔහු රාගයද මෝහයද ප්‍රහීනකොට,
මනා නුවනින් යුතුව මනාව මිදුනු සිතින් යුක්තව,
මෙලොව හෝ පරලොව හෝ කිසිවක් අල්ලා නොගෙන වසත් නම්
හේ මහනකමේ ඵලයට හිමිකරුවෙක්වෙයි.
(ජේතවනාරාමයේදී යහළු තෙරුන් දෙනමක් අරභයා වදාළ ගාථාවකි.)

යමක වග්ගය නිමි…