නමෝ බුද්ධාය!

වීදාගම මහා මෛත්‍රී හිමියන් විසින් සුරචිත “ලොවට වැඩ පිණිස වූ සඟරාව – ලෝවැඩ සඟරාව”
1.෴ සෙත් සිරි දෙන මහ ගුණ මුහු දාණන්
ස ත් හට වන බව දුකට වෙ දාණන්
ති ත් ගණඳුරු දුරලන දිනි ඳාණන්
සි ත් සතොසින් නමදිම් මුනි ඳාණන්


2.෴ ඇ ම පම ණින් පැවසූ මුනි දැන තතු
මෙම හැම දෙන බලවයි දැක්විය යුතු
ත ම තම නැණ පමණින් දැනගත යුතු
ම ම නම දිම් සදහම් පහදා සිතු


3.෴ සිරිමත් බඹ සිරසෙහි පා පිසිනා
සැරියුත් මහමුගලන් පිළිවෙළිනා
පිළිවෙත් සරු මහ සඟගණ සොබනා
මුදුනත්බැඳ නමදිම් බැති පෙමිනා


4.෴ ම න ර ම් න ර ද ම් සැරිදම් සඟනට
මෙලෙසින් බැතියෙන් අදරින් නමකොට
වෙසෙසින් පෙළදම් නොමදත් දනහට
ප ව ස ම් කළකම් පලදැන් හෙළු කොට
5ග ද හ ම ට සරිකොට එළුවෙන් පෙර කී
ක වි ය ට සිත පහදා සිට නිසැකී
සිහි කොට කඳ පිළිවෙළ දොස් නොයෙකී
නිව න ට සපැමිණි සඟ සැට නමෙකී
6ග එබැවින් එළුවෙන් කීවයි අනදර
නොවමින් බැතියෙන් අදරින් නමකර
සතොසින් ඇසුවොත් මෙදහම් මනහර
සැබැවින් සිදුවෙයි සගමොක් සිරිසර
7ග බි ම ඉඳ සිට කී බණ නාසන්නේ
වි ම තිව උඩ ඉඳ සිට නාසන්නේ
කැම තිව කීවොත් විමසා සන්නේ
එ ම වද සගමොක් සැප සාදන්නේ
8ග සි ය ල් සසරදුක් දුරුකර නොයෙකී
අ ස ල් කරන මොක් සිරි සැප නිසැකී
සි ය ල් සතුනි පින් කරවයි මුනි කී
නොකල් අටෙකි පින්කම් කළ නොහැකී
9ග සි තු ව ත් බිය කරවන අරතරයේ
වැටෙු නාත් එක්සිය සතිසක් නිරයේ
බ ල ව ත් දුක් විඳිනෙය කරදරයේ
ම ඳ කු ත් පිණකට නැත අවසරයේ
10ග තිරිසන් ජාතියෙ උපනත් පව් කොට
අවසන් නොව බිය පවතී පිට පිට
මඳසන් සුන් කමකුත් නැත හැම විට
සලසන් නේ කෙලෙස ද සිතු පිණකට
11ග උපනත් පේතව පව් කොට නොපණත්
කලෙකත් නොලැබෙයි සෙම් සොටු පමණත්
උගු ර ත් නොතෙමෙයි සුරගඟ වැටුනත්
කලෙකත් පින් නොකළැකිමැයි සිතුනත්
12ග පව් මිස පිණකැයි නොකරන හැම කල
මුණි බණ නොපවතිනා පිට සක්වල
නිසි ලෙස උපනත් ලැබ දන මනකල
කිසිකලෙකත් කුසලක් නොකළැකි බල
13ග දද මිනිසුන් බස් ගෙන කිසි කලෙකය
තද අකුසල් කොට කුසලින් වැළකය
අඳ ගොලූ බිහිරිව ලදුවත් මේකය
මඳ පිණකුත් නොපිරෙයි බල නිසැකය
14ග සිත මිස කය නැති බඹලොව සතරෙකි
සිත නැතිවම කය ඇති බඹ තලයෙකි
මෙද සත පින් කොට උපදින පෙදෙසෙකි
එහි උපනත් කුසලක් නොම කළ හැකි
15ග බල කොටු වන් තර මෙසසර නුවරේ
මු ල සැටු වන් දලූ ලන පව් පඳුරේ
වි ස ක ටු වන් සගමොක් මග අතුරේ
මි ස දි ටු වන් අයටත් පින් නොපිරේ
16ග බුදු කෙනෙකුත් මේ ලොව නූපන් වර
අඳු රෙක්මය සදහම් නැති මෙසසර
ඉඳු රා නොදැනෙයි පව්පින් තොරතුර
සිදු නොකළැකි ඉන් සගමොක් සිරිසර
17ග සැබවින් බණ ඇසුවත් මුනිඳුන් කී
ගොළුවන් බිහිරන් සේ නොව සැළ කී
ඉඳිෙ න න් මිස තොප කුසලින් වැළ කී
මෙලෙසින් පින් නොකළැකි කල් අටෙකී
18ග දිගු පුළුලින් සක්වළ වන් සිඳු කුස
සියවසකින් උඩ එන කැස්බා හිස
වියසදුි රෙන් නැගෙතත් දුගතිය බැස
තව උපදින් නට බැරි මෙ මිනිස් කුස
ැාමඛ්බන්ගඛණ – ඛදඅ්ා් ී්බට්ර්අ්
2 පිටුව – ඛදඅ්ා් ී්බට්ර්අ් – ැාමඛ්බන් ධබකසබැ ැාමජ්එසදබ ඇඉ ිසඑැ දෙ ීරස ඛ්බන්
19ග ක ල කිනි බුදු කෙනෙකුන් උප දින්නේ
දුකකි නි මිනිසත් බව ලැබ ගන්නේ
මෙදෙකිනි මෙසසර දුක් දුර ලන්නේ
සදු නෙනි කිම වීරිය නොකරන්නේ
20ග ප ස් පව් කොට මෙතනත් ලැබ සෝකය
ගොස් නිරයේ දුක් විඳිති අනේ කය
රැු ස් කොට ඉන් පින් මෙමිනිස් ලෝකය
ස ි ස් නොකරව් කලකින් ලත් මේ කය
21ග කන් නන් මෙන් විස අඹ පල රිස්සේ
මන් සන් තොස් කර කිම පල සෙස්සේ
දැන් දැ න් එයි මරුවා පසු පස්සේ
ඉන් පින් මය කටයුතු නම් දස්සේ
22ග ඉ ස ගිනි ගත්තකු එගිනි නිවන ලෙස
කු ස ලට මඳකුත් පමා නොවනු මිස
මෙස සර අත්හැර නොයන මෙදුක් රැුස
වෙස සින් නැත අත්හරිනා උපදෙස
23ග තැත කින් ගෙන දැමුවත් කැට නුබකුස
අ ත රක නොරඳන මෙන් මේ බිම මිස
සි ත සතොසින් පින් නොකළොත් නිසි ලෙස
නැත සිටිනා තැන් සතර අපා මිස
24ග තිරව නොසිත කුණු කය මෙත මායේ
නොතිර බවට විදුලිය උප මායේ
නිතර මෙකය පවකට නොන මායේ
කරව කුසල් වීරිය නොප මායේ
25ග අඳුරෙහි අස්ලොම විදිනට දුර දී
විදුලිය පැහැ වැරදුන හොත් වර දී
විදුලිය වන් මේ කය ලත් තැන දී
සිදු නොකළොත් මතු සගමොක් වර දී
26ග කොතන වුනත් නැත මරුහට බාදා
වි ඳි න මෙසැප පින් ඇති තෙක් වේදා
ගෙවන සසර දුක් බුදු බණ නාදා
කු ම න නැටුම් කෙළි කවට සිනාදා
27ග සැදැහැත් තන්හට බව දුක් නොකැමති
ය හ පත් කල් මේ කල් මිස වෙන නැති
දනිතොත් දන්සිල් ගුණ සත නොනැවති
පැයකුත් අවුරුදු දහසක් විතරැුති
28ග අද අ ද එයි මරු පින් කර ගන්නේ
කෙලෙසද සෙට මරු නේති සිතන්නේ
කි ක ල ද මහසෙන් මරු ඇප වන්නේ
කු ම ටද කුසලට කම්මැලි වන්නේ
29ග කුම ට ද කා බී නිති සැරසෙන්නේ
කොතනද මේ කය ඇරගෙන යන්නේ
ඇම ස ඳ නොමැළිව පින් කර ගන්නේ
එ ම ව ද බව සයුරෙන් ගොඩ ලන්නේ
30ග තෙරව සසර සයුරෙන් තොප නොලසා
ති ර ව ලබන මොක් සිරි සැප උදෙසා
තොරව පවින් නිතරම මුනි බණසා
ක ර ව කුසල් වීරිය පසු නොබැසා
31ග හැම විට පිණටම සිත පාදන්නේ
නිවනට මග එමවද සාදන්නේ
වැඩකට කී බස් කිම නාදන්නේ
නිර ය ට වන් කලදෝ තොප දන්නේ
32ග මොක් සිරි දෙන මුනිඳුන්ගේ උපතකි
කප්කෙළ සිය දහසකිනුත් නොලදැකි
පත්වූ එ බුදුන්ගෙන් යුත් මෙකලකි
එත් වැරදුන නැත පරලොව පිහිටෙකි
33ග අ ත් වැඩ පර වැඩ සමව සිතන්නේ
මෙත් සිත සව්සත කෙරෙහි කරන්නේ
එ ත් බැරි නම් තොප සසර ගෙවන්නේ
සෙත් පුර සැප කෙලෙසක ද ලබන්නේ
34ග ම ස් ලේ නැති ඇට බලූ ලෙවකන්නේ
කු ස් පිරුමක් පලයක් නොලබන්නේ
ලෙස් ඒ සැපතෙහි ලොබ නොසිතන්නේ
දොස් නොපෙනෙනු මිස දුක්මයි වන්නේ
35ග මස් කැටියක් ගත් උකුසෙකු අහසේ
මස් නොදැමුව උකුසන්ගෙන් වැනසේ
පස් කම් රස ලොබ කළහොත් එමසේ
පස් විසි මහ බයකින් දුක් සැලසේ
36ග සෙත සලසන මුනි බණ ඇත සුමිහිරි
ඇ ත තොපගේ කන් ඇසුමට නොබිහිරි
නැත කරනට පිණකුත් මෙ තොපට බැරි
සතර අපා දුක් වද විඳිනට බැරි
37ග කරන කලට පව් මීරිය මී සේ
විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ
ඇඳින එපව් දුරලන උපදේ සේ
නුදුන මැනවි තුන්දොර අවකාසේ
38ග අ ද මි න් ජීවත් වෙනවා විතරට
දැහැමින් මියයනු සොඳමැයි දනහට
මෙලෙසින් වදහළ මුනි බණ සිහි කොට
සැබැවින් පින් කොට පැමිණෙව් නිවනට
ැාමඛ්බන්ගඛණ – ඛදඅ්ා් ී්බට්ර්අ්
3 පිටුව – ඛදඅ්ා් ී්බට්ර්අ් – ැාමඛ්බන් ධබකසබැ ැාමජ්එසදබ ඇඉ ිසඑැ දෙ ීරස ඛ්බන්
39ග එ ක ම සතකු තම මව් මළ දුකටා
වෙනම හැක්‍ෂූ කඳුලේ බිඳුවල ටා
මෙහැම මුහුදු දිය අඩුවන කල ටා
ත ව ම සසර ආලය ඇයි තොප ටා
40ග ල්ි ප ගිනි මොලවන තෙක් දිය සැළියේ
සැප යක් යයි කකුළුව දිය කෙළියේ
එ ප වත් තොප සිතතොත් නොහැකිළියේ
සැප යක් නම් නැත කම්රස කෙළියේ
41ග උඩු සුළ ඟට අල්වා ගෙන යන්නේ
තණ සළුනොදැමී නම් අත දන්නේ
ව ර ප ල යයි කම්රස තෙප ලන්නේ
එද කළ කම් නිරයේ පැස වන්නේ
42ග පිරුලෙන් අරගත් අබරණ මගුලට
ද ම මි න් ගැති වන අයමෙන් අනුනට
පෙර පින් ඇති තෙක් විඳිනා සැපතට
තෙපි දැන් උඩඟුව නොවදිව් නිරයට
43ග වද යට බැඳගෙන ගෙන යන සොරුටා
වද මල් දම්ලූ බෙර පිරිවර ටා
ලද ඉසුරෙහි ලොබ වූවොත් පිනටා
එද සැපතෙහි කළ කම් මරු රවටා
44ග දැමුවෙන් ගිරි මුදුනෙන් හෙන සොරුටා
පවනින් කම් නැති මෙන් ඇඟ ගිමටා
ජරයෙන් මිදෙමින් යන මරු මුවටා
සැපතින් කිම පව් කම් කළ තොපටා
45ග අල වන මේ කම් රස දොස විමසා
පල යව් තපසට පුළුවන් වය සා
පල රස විඳ ගස උඩ උන් මිනිසා
මුල සිඳිනා තෙක් ඉඳිදෝ නොබැසා
46ග බණ නම් නිබොරුය මුනිවරයින්නේ
කය නම් නොතිරය අදහා ගන්නේ
පණ නම් තණ අග පිණි බිඳු වැන්නේ
පණි නම් නොපමාවම කර ගන්නේ
47ග අසන් මෙමා කී දේ වැඩ ඇති වන
පසන් සිතින් උන්නත් පව් කර මින
උපන් නොතින් මතු යක් බූ පිසසුන
සයින් ඇවිද පිණකුත් බැරි එපවින
48ග ලොබේ සිතින් පව් කළ හැම සත ටා
ස බේ කියති ගෙන ගොස් යම රජු ටා
ඉ බේ ඉන්ට නොයෙදී සිතු රඟටා
ල ැ බේ නිරාදුක් පැමිණී එවි ටා
49ග තොසින් නොයෙක් සැප විඳ සමහරු නිති
අ ැ සින් ම දැක පව් පින් කළවුන් ගති
බ සි න් කිවත් අදහා පින් නොකරති
ගොසින් නිරේ වැටුණොත් දුක් නිම් නැති
50ග පින් පව් නොදැනම අනුවණ කම් කොට
කන් නන් මස් රස සොඳමැයි කර තුට
ඉන් ගැලවෙනු බැරි නොගොසින් නිරයට
දැන් එම ආලය අරිනේ අද සිට
51ග කාලා රසමුසු බෝජන කර පෙම්
ගාලා සුවඳැති සඳුනුත් මන රම්
ලාලා අබරණ නිසි ලෙස සැරසුම්
පාලා ගිය වැනි බහුරූ කෝලම්
52ග මෙබස් තම නුවණින්ම විමසා නොතිර වූ කය ගති අසන්නේ
දෙතිස් කුණුවෙන් යුතුව මදකුත් සාරනූ බව නැණින් දන්නේ
මිනිස් බවලත් තැනේ කුසලක් නොකර උන්නොත් අපල වන්නේ
සතිස් එක්සිය නිරේ වැටුනොත් එදයි අනුවණ කම් දැනෙන්නේ
53ග පෙරත් ජාතියෙ පතා ගත් දැන් හේතු බලයෙන් මෙතැන්නේ
ළඟත් වෙන් නොව සමග දවසැර උන් නුමුත් සෙනෙහසින්නේ
පණත් යන කල තනිව ගෙයි උන් අයත් වෙන් වෙති බඳින්නේ
පිණුත් කළ නිති කැටුව යෙයි ගිය තැනේ දී සැප විඳින්නේ
54ග සාර නූ කුණු කයක් ඇරගෙන කරන බහුනාටක තදේ
නෑර තම හිමි සමග දවසැර උන් නමුත් සැප විඳ විඳේ
ගෝර මරුවා පැමිණි කල්දැන යන්ට කැඳවා එම සඳේ
බාර වම සිටුවන්ට බැරිවෙද පිණක් කර ගත්තොත් සොඳේ
55ග සරණ මුනිඳුගෙ අදහ පිණකුත් නොකර ඉන්නේ කුමට දෝ
මරණ පැමිණෙන කලට යමයා අවුත් කැඳවායන්ට දෝ
කරන සොඳකම් දන් පිණක් කළ කියනු නුවණින් සොඳ වෙදෝ
කුමන අනුවණ කම් ද නෑයිනි අක්‍ෂනු සිටුවා ගන්ට දෝ
56ග අක්‍ෂාලා කම්පාව උන්නත් ඉතින් දැක්මක් නොවන්නේ
තනාලා සිත පිණක් නොකරම කිම්ද උපයා තබන්නේ
දමාලා යන නරක කුණු කය කුමට දෝ සැප විඳින්නේ
දිනාලා මොක් පුරට යන්නට මකී මේබණ අසන්නේ
57ග සි ටින ඇවිණ ගෙන මෙසසර බිළියේ
වි ඳි න මෙසැප ජරයෙන් තැළි තැළියේ
ද කි න නැටුම් වැනි විදුලිය එළියේ
මෙදැන නොකර කුසලට කම් මැළියේ
58ග දන් පින් බැරි දේකැයි නො සිතන්නේ
අන් කළ පින් අනුමෝදන් වන්නේ
උන් ලද පින් සරි පින් ලැබ ගන්නේ
ඉන් වද සගමොක් සැප සාදන්නේ
ැාමඛ්බන්ගඛණ – ඛදඅ්ා් ී්බට්ර්අ්
4 පිටුව – ඛදඅ්ා් ී්බට්ර්අ් – ැාමඛ්බන් ධබකසබැ ැාමජ්එසදබ ඇඉ ිසඑැ දෙ ීරස ඛ්බන්
59ග සයට වේ ද රස මුසු බත් කන්නේ
ග ඳ ට වේ ද ඇඟ සුවඳ කර න්නේ
ලෙඩට බේති මේ මෙලොව සතුන්නේ
කුමට මීට සැපයෙකැයි සිතන්නේ
60ග මානෙන් ඉඳිතත් මේ සැප පෙරුමය
සීනෙන් ගෑ සුවඳක් සේ බොරුමය
දානෙන් සීලෙන් නොකළොත් දරුමය
පානෙන් අඳුරට ගෙන යයි කරුමය
61ග දර රැුස ගිනි ඇවුළුණු කල නිබඳේ
ගිනි මිස දර යයි යන බස නොයෙදේ
එම ලෙස එක් කොට වදහළ මුනිඳේ
දුක මිස කයකැයි යන බස නොයෙදේ
62ග ඉඳිතොත් බෝ කල් ජරයෙන් විසිරේ
නැතහොත් වැදයයි මරුමුව කුහරේ
මෙමහත් ජරමර දෙදෙනා අතරේ
මෙසැපත් සැපයයි ගනිදෝ කවරේ
63ග අසල් ගෙයෙක සොරකම් ගිය දවසෙක
කුහුල් සිතින් ඉඳිනේ තම ගෙය රැුක
සයි ල් සතුන් මරු ගෙන යනවා දැක
කුසල් නොකර ඉඳිනේ ඇයි නොව සැක
64ග ගඟ යන ඇත් කුණ ඉඳ මස් රසටා
සිඳු මැද වැද වැනසුණු මෙන් කපුටා
ලද ඉසුරෙහි ලොබ කළහොත් තොපටා
බව සයුරෙන් ගමනෙක් නැත ගොඩටා
65ග ප ර සතුරන් එති එති යන බසටා
හැ ර අඹුදරුවන් යන තොප වලටා
ගොර ජර මරු එනු දැක දැක වෙතටා
ප ර මාදව ඉඳිනේ ඇයි පිණටා
66ග ගඟ වතුරෙහි යන මිනිසකු දුකිනේ
ළඟ කළ ඔරුවට නොනැගෙන ලෙසිනේ
සගමොක් දෙන බණ අදහා නොගෙනේ
දුගතිය වැද තොප කිම දුක් විඳිනේ
67ග සලි ප් නැටුම් සේවා කම් පෑ තද
අල්ප දෙයක් උදෙසා විඳිනා වද
සලි ප් හදා රැුක්කෝතින් තතු ලෙද
කල්ප දහස් සුරසිරි විඳිනේ වද
68ග උන් න ත් නැගි සිටිනට බැරි තීරුව
සි ටි ය ත් ඉඳිනට බල නැති මාරුව
ජ ර ප ත් වූ කල නොතිබෙයි මේ රුව
කරතොත් කරගන් දන් පින් සීරුව
69ග මුන් හැම අඹුදරුවන් උපදින්නේ
පින් බලයෙන් බෝ කල් පවතින්නේ
උන් කළ පින්මය උන් රඳවන්නේ
ඉන් සිත ලොබමය තොප පවතින්නේ
70ග සලී ගුණේ පිහිටා ගෙන නොයිඳේ
ආල ය කර රකිනා තොප නිබඳේ
බාල පියඹුදරුවෝ නම් මෙසඳේ
බාල කලට කෙළිනා උතු වළඳේ
71ග දු ක් ගෙන රැුස් කර දන හැම කැමතී
නි ක් මෙන නිරයට නරයින් සිරිතී
දු ක් දෙන අඹුදරුවන් නිති රකිතී
මොක් දෙන පිරිසිදු සිල් නොම රකිතී
72ග නොලදත් අහරක් සාදුක් දුරු කොට
නැතුව ත් කඩ රෙද්දක් එක පටකට
බලවත් නිරයේ තද දුක් සිහි කොට
ම ඳ කු ත් පසු නොබසිව් තෙපි පිණකට
73ග නසෙ තාත් සිත ලොබ අනුවණ දොසමය
වසතොත් සැදැහැත්තන් ඇති දෙසමය
දෙසතොත් සගමොක් දෙන උපදෙසමය
අසතොත් මුනිඳුන් වදහළ බස මය
74ග වැනුවා නම් බුදු ගුණ වැනුවා මය
තැනුවා නම් තම සිත තැනුවා මය
දෙනුවා නම් දන් පින් දෙනුවා මය
දිනු වා නම් පරලොව දිනුවා මය
75ග අසතොත් නිබොරුව මුනිඳු තෙපුල්මය
හරිතොත් නොතබා දස අකුසල්මය
රකිතොත් සිත පිරිසිදු කොට සිල්මය
දනිතොත් මෙසියල්ලට මේ කල්මය
76ග මෙ ස සර දුක් රුක විස පලගත් අතු
ලෙ ස සිටියා මෙන් සිය පලයෙන් යුතු
තොස වඩමින් ඉන් බැහැර නොලා සිතු
ද ස අකුසල් පල අසව මෙයින් මතු
77ග බුදු බණ අසමින් සිත සත පායේ
කුරු පණ කම් හැර පිය ඒ පායේ
පර පණ නැසුවොත් කවර උපායේ
අ ප මණ දුක් දෙයි සතර අපායේ
78ග මැඩියන් නයි මුව ගොදුරුව ඉඳ යා
පණුවන් කන මෙන් රස විඳ විඳ යා
සැලෙමින් ජරගොර මරු මුව වැද යා
බ ල මු න් පරපණ වනසන ලෙද යා
ැාමඛ්බන්ගඛණ – ඛදඅ්ා් ී්බට්ර්අ්
5 පිටුව – ඛදඅ්ා් ී්බට්ර්අ් – ැාමඛ්බන් ධබකසබැ ැාමජ්එසදබ ඇඉ ිසඑැ දෙ ීරස ඛ්බන්
79ග බලයෙන් වත් කිසියම් සොර සිතකින්
සයි තින් වත් දැන්වූ උපදෙස කින්
පරසන් තක දෙය ගත සොරකමකින්
නිරයෙන් නිරයට පැමිණෙයි එතෙකින්
80ග ලොබිනා මිහිරිව සොරකම් කළ සත
වි ඳි නා දුක් මේ ලොව මෙතෙකැයි නැත
මෙදිනා ඒ දැක දැක ඉන් නොනැව ත
ඉ ඳි නා කල කිකලක වේ දෝ සෙත
81ග අසු කොට ගත නොතබති ආදාරය
වද කොට මැරුවත් නැත එ විචාරය
ලගු කොට නොසිතව් පව් පරදා රය
නි ර ය ට ඇදගෙන යන එම පාරය
82ග අසවා මකියන බස් අර තරයේ
මුසවා බස් කීවා එක මුරයේ
වසවා දෙව්ලොව යන මං තරයේ
පැසවා මිස නාරී ගොර නිරයේ
83ග පල දෙන පව් පින් දෙක නොබලාමේ
ප ව ස න බස් උරසක් මාලාමේ
බි ඳ ව න බස් වැඩ නැති කේලාමේ
මතු වන දුක් නොදැනෙන වේලාමේ
84ග අ ැවිස නොකිය බස් කනට යවුල් ලෙස
සිත ස තොසින් කිය කියතොත් පිය බස
පරුස තෙපුල් බිණුවා නම් මහ දොස
එ වි ස නොයයි පරලොව දුක් දී මිස
85ග පෙර සිට වියතුන් නොකියා වැළකී
දෙලොවට වැඩ නැති බස් අකුසලෙකී
කෙළියට වත් ඒ වැඩ නැති බසෙකී
නි ර ය ට වැද යන රජ මාවතෙ කී
86ග අන්සතු සැපතක් දැක දළ ලොබිනේ
උන්ට නොවී මට වේවයි සිතිනේ
මන් කළ ඒ සිත අටගත් පවිනේ
උන් මතු නිරයේ දුක්මයි විඳිනේ
87ග රිසි නු දනහට කර වා දේයා
නසි වයි යන සිත වෑපා දේයා
බසි නා නිරයට ඒ පා දේයා
කිසි කලෙකත් ඒ ඒපා දේයා
88ග නි ව න ට මග මේ යයි මුනි කී යම්
ද හ ම ට වෙන් වූ දෙසැටක් සමයම්
සරි කොට ගත් සිත වෙයි මිසදිටු යම්
ස ස ර ට බිජුවටමයි ඒ සම යම්
89ග නට සිල් මිසදිටු ගත් අය කැමතී
අට ගත් කප් ගිනි කඳ මැද පැසෙතී
අට මහ නරකය පැසුනත් නොමැතීි
පිට සක්වළ එක් පෙදෙසක පැසෙතී
90ග නොයෙකී රස බිම නිඹ බිජුවට ලත
එ මැ කී සිටිනෙය තිත්තව පලගත
මෙම කී මිසදිටු අදහස් ඇති සත
ක ළ කී දෙය අකුසල් මිස පින් නැත
91ග මේ දස අකුසලි නෙකකුත් කළහොත්
උපදෙස කින් බසකින් කරවූ වොත්
එ වි ග ස එක් අදහස සිත සිතුවොත්
නොවලස මොහු හැම දෙන නිරයට යෙත්
92ග කරදර දස අකුසලයෙන් නොමිදී
වැරසැර පෑවොත් මෙමිනිස් ලොවදී
මෙරගිරි මුදුනෙන් හුණු මෙන් නොරැුඳී
පරතෙර නැති දුක් සයුරේ කිමිදී
93ග බුදුවත් මෙතෙකැයි නොකියැකි පිරිසිඳ
බලවත් මහදුක් විඳුවන හැම සඳ
සිතුවත් බිය වන අටමහ නරකද
ඔසුපත් සහ එක්සිය සතිසෙක් වද
94ග තෙ ස ි ය ක් තෙප් මුව වැද සිදුරුව ගත
ද ව ස ක් මිනිසකු විඳි දුක් නොනැවත
මොහොතක් නිරයේ විඳි දුක් සමවත
අ බ ැට ක් හා සරි නොවෙදෝ හිමවත
95ග පෙර අඟ නක් එක් එළු දෙනක ඉසසිඳා
සිය ල ඟ වැළඳි ගිනිදැල් නිරය දුක් විඳා
ඇය ඇඟ ලෝම ගණනේ ඉස් කැපුම් ලදා
මෙමරඟ වේය කාටත් අකුසලේ ලෙදා
96ග කෙළි යට කඩක් සඟවා යහළුවකු ගෙනේ
හෙළි කොට නැවත දුන් මිනිසකුට එතෙකිනේ
වි ළි වැස්මක් නොලැබිණි දෙවි වුනත් අනේ
කෙළි යට වත් නොකරව් සොරකමක් දැනේ
97ග නොනැවති අයෙක් පෙර පරදර පව් කැමති
ගු ගු ර ති ගැලෙති තිස්වා දහසින් උඩෙති
හිම් නැති තවම ලෝකුඹු නිරයේ පැසෙති
නොකරති මෙපව් නුවණැති අය වැඩ කැමති
98ග ලැ දි ව රජෙක් බොරු බස් කී විගස කයා
නැ ති ව රිද්දි බලයත් ඒ මිනිස් කයා
පොළොව පළාගෙන ගොස් වැටුණි නර කයා
මෙලොව සතුනි ඉන් බොරු කීම නරකයා
ැාමඛ්බන්ගඛණ – ඛදඅ්ා් ී්බට්ර්අ්
6 පිටුව – ඛදඅ්ා් ී්බට්ර්අ් – ැාමඛ්බන් ධබකසබැ ැාමජ්එසදබ ඇඉ ිසඑැ දෙ ීරස ඛ්බන්
99ග පිසුනු කියා සඟ දෙනමක් වෙනස් කොට
පැසුනු එකෙක් නිරයේ කල්පයක් සිට
මුහුණු කුණුව තව පේතව විඳ ගැහැට
පිසුණු බසක් නොකියව් අද පටන් කොට
100ග පෙ ර මහණෙක් සඟ ගණහට බැණ නපුරු
නි ර යේ වැටී බිම සත් ගව් වැඩෙන තුරු
ගොර දුක් විඳි තව පේතව සිට කුරිරු
ප ර හට එයින් නොකියව් බස් නොපියකරු
101ග කිවොත් වැඩක් නැති බස් ගොර නිරා ගැබේ
ම හ ත් කුරිරු දුක් විඳ යළි අවොත් මොබේ
කි ව ත් සැබෑ නොගනිති ඔහුගෙ බස් සබේ
ගෙවත් සසර දුක් මෙම නොකියතොත් සැබේ
102ග අන් සතු දෙයක් වේවයි සිතුව තමහට
ඉන් දුගතියෙහි දුක් විඳ අව මේ ලොවට
උන් සිතුවා සිදු නොමවෙයි සිතු ලෙසට
මින් මතු සිතක් නොසිතව් එවැනි පවකට
103ග බෝවා ද හස් පැසවන නිරය වෙන වෙන
ව ෑ ප ා ද නම් රුදු මන බව නපුරු වන
අ ා බ ා ද දුක් විඳුවන උපනුපන් තැන
ව ෑ ප ා ද යක් නොසිතව් දැන දැන සිතින
104ග ක ල ක් නිරා දුක් විඳ විටෙක ගොඩ දුටු
නොයෙක් රෝග අටගෙන ගත වෙයි අරිටු
උ ද ක් නුවණ නැතිවේ සිත වෙයි කිලූටු
ෙ ම ව ක් පටන් විස මෙන් සිතව මිසදිටු
105ග බවයෙන් බවයෙහි කෙළෙසුන් නොයෙකී
තොපදැන් විඳිනා දුක් දැන නිසැකී
ස ස රි න් ගොඩ නැගුමට මුනිඳුන් කී
ලෙසපින් පවසම් ඇසුවොත් යෙහෙකී
106ග අන් හට අලසව නොකොට විදානය
පින් මිස අනිකක් නොකොට පදානය
තුන් සිත පිරිසිදු කොට දුන් දානය
උන් ගිය ගිය තැන ලැබෙයි නිදානය
107ග ඇතුළට වැදගෙය ඇවිලෙත ගින්නේ
පිටතට හළ බඩුමය වැඩ වන්නේ
මෙසිතට ගෙන ලොබ නොව දන් දෙන්නේ
තමහට එමවද මතු පල දෙන්නේ
108ග බුදි න ට ගත් බත් පික්‍ෂ මිස වෙන නැත
ය දි හ ට දන්දෙව මතු දුක් නොවිඳිත
මෙම හට ඇත ඉතිරිය දෙමි යන සිත
හැමරට රජසිරි සැප ලදුවත් නැත
109ග පින් නොකරන දුදනන් බස් නාදා
තුන් දොස් මල දුරුකර සිත පාදා
පන් සිල් නිති අටසිල් රැුක පෝදා
ඉන් මොක්පුර පැමිණෙව් නොව බාදා
110ග ලොල් සිත මුල් සිඳ නිති තැත් සිතිනේ
සි ල් පිරිසිදු කොට සඳරැුස් ලෙසිනේ
ව ල් රකිනා සෙමරකු මෙන් රකිනේ
ක ල් නොයවා ඉන් මොක් සිරි ලබනේ
111ග වෙත්වා සව් සත සැමකල් නිදුකී
පත්වා සැපතට රෝ දුක් වැළකී
යෙත්වා සමගිව නිවනට මුනි කී
මෙත්බා වන නම් වැඩි පින් කමෙකී
112ග ය හ ප ත නොසිතන සැටි මේ දනයා
කි පි ස ත උනුනට දෙති වේ දනයා
හැම ස ත වෙත කළ මෙත් බා වනයා
සැක නැත සගමොක් සැප සාද නයා
113ග දෙන්නන් දැන දුන් රන් සේ පොළියට
දුන් දුන් සේ තම කළ පින් අනුනට
එන්නෙන් දියුණුව තියුණුව තම හට
ඉන් දැන් නුකුසී වවු පින් දීමට
114ග මුනිඳුන් කී බණ කරමින් පුහුණූ
දෙසමින් දනහට වඩමින් කුලූණූ
එපිනෙන් නොපැමිණ නිරයට දරුණූ
ලැබගන් මතු සගමොක් සිරි දියුණූ
115ග දිව ම න් මුනිඳුන් දුටු මෙන් තොසවා
බණ දන් නන් හට වැඳ අත් ඔසවා
පදයෙන් පදයට අදරින් අසවා
එපිණෙන් නිරයට යන මං වසවා
116ග දුරු කොට හැම විට සිත ඇති මානේ
ගරු කොට වැඳ වැඳ දුටු තෙක් මානේ
මු නි ඳු ට පුද කළ බත් මල් පානේ
ස ත හ ට සගමොක් මග එම පානේ
117ග ඇ ත ලොව වන පස මල් හැම දවසා
කොත නක පිදුවත් මුනිඳුන් උදෙසා
සි ත මෙවිතර පිනටත් නොම සලසා
ස ත සසරින් ගැලවෙන්නේ කෙලෙසා
118ග මුනි පුත් සඟ ගණ මව්පිය ගුරුවර
ජ ර පත් කුල දෙටු ගිලනුන් තවසර
රැුක සිත් සේ කළ අත්පා මෙහෙවර
සු වපත් කර සිරි විඳුවයි සුරපුර
ැාමඛ්බන්ගඛණ – ඛදඅ්ා් ී්බට්ර්අ්
7 පිටුව – ඛදඅ්ා් ී්බට්ර්අ් – ැාමඛ්බන් ධබකසබැ ැාමජ්එසදබ ඇඉ ිසඑැ දෙ ීරස ඛ්බන්
119ග ලොව ඇත්තන් නුවණින් විමසා දැක
හිත නැත්තන් යයි නොසිතා වෙනසක
ගුණ ඇත්තන් ගුණ කීම නොවී සැක
නුවණැත්තන් පින් කරන උපායෙක
120ග ගොඩ ලමිනේ සත්වග බව දුකිනේ
ගෙන නිවනේ සිටුවන තුටු මතිනේ
තුණුරුවනේ ගුණ සිහි කළ සිතිනේ
නැත විඳි නේ දුක් සසරෙහි ඉතිනේ
121ග පින් මිස නෑයන් වන පිහිටෙක් නැත
උන් දෙන මතු හිමි වන දෙයකුත් නැත
ඉන් මතු අදහා සිහි කරතොත් සත
අන් කුසලක් නොකළත් මෙම දේ ඇත
122ග පුරවා සත් රුවනින් මුළු දෙරණය
කරවා පායක් බඹලොව පමණය
බඳවා රන්දද ලා මිණි තොරණය
දෙනවා ටත් වැඩි පින් බුත්සරණය
123ග අපමණ සැප සපයා දෙන සත හට
කුරුපණ අවබිය පැවතුම් නැති කොට
බුදු බණ ලෙස පැවතුම් බැරි මෙතොපට
තිසරණ මිස පිහිටක් නැත සසරට
124ග අ ස මි න් මෙ දහම් අලසව නොඉඳේ
පු ර මි න් මෙ සියලූ පින්කම් නිබඳේ
කෙලෙසුන් මුල් නොතබා සිත පසිඳේ
ල ැබගන් සගමොක් මතු දුක් නොවිඳේ
125ග සිඟපත් එකෙක් පෙර අනුරුදු තෙරුන් දැක
තමලත් බතින් දුන්නේ එකම සැන්දක
බලවත් එයින් සුරපති වීය ඉන් දක
නැණවත් කරව් දන් පින් පල මෙයින් දැක
126ග දවසක් විතර සිල් රැුකි කුළඟනක් පෙරා
දහසක් සුරඹ පිරිවරමින් රුවින් සරා
තවසක් දෙවිඳු ලඟ සිරි විඳ නිරන්තරා
විගසක් එසිල් තොර නොකරව් සිතින් දරා
127ග පින් මිස නෑයන් වන පිහිටෙක් නැත
උන් දෙන මතු හිමි වන දෙයකුත් නැත
ඉන් මතු අදහා සිහි කරතොත් සත
අන් කුසලක් නොකළත් මෙම දේ ඇත
128ග පුරවා සත් රුවනින් මුළු දෙරණය
කරවා පායක් බඹලොව පමණය
බඳවා රන්දද ලා මිණි තොරණය
දෙනවා ටත් වැඩි පින් බුත්සරණය
129ග අපමණ සැප සපයා දෙන සත හට
කුරුපණ අවබිය පැවතුම් නැති කොට
බුදු බණ ලෙස පැවතුම් බැරි මෙතොපට
තිසරණ මිස පිහිටක් නැත සසරට
130ග අ ස මි න් මෙ දහම් අලසව නොඉඳේ
පු ර මි න් මෙ සියලූ පින්කම් නිබඳේ
කෙලෙසුන් මුල් නොතබා සිත පසිඳේ
ල ැබගන් සගමොක් මතු දුක් නොවිඳේ
131ග සිඟපත් එකෙක් පෙර අනුරුදු තෙරුන් දැක
තමලත් බතින් දුන්නේ එකම සැන්දක
බලවත් එයින් සුරපති වීය ඉන් දක
නැණවත් කරව් දන් පින් පල මෙයින් දැක
132ග දවසක් විතර සිල් රැුකි කුළඟනක් පෙරා
දහසක් සුරඹ පිරිවරමින් රුවින් සරා
තවසක් දෙවිඳු ලඟ සිරි විඳ නිරන්තරා
විගසක් එසිල් තොර නොකරව් සිතින් දරා
133ග මින් ලබමී නොසිතා කිසි උපකරණ
මුන් සසරින් ගොඩලමි යන සිත කුලූණ
පින් පව් දෙකම නොවරදවා කිවොත් බණ
ඉන් තොප විඳින සැප මෙතකැයි නැත පමණ
134ග කළ හොත් සිල්වතුන් හට නිති වතාවත
දුටු සත් කෙනෙක් වෙති ඕහට ඉතා හිත
නැණ ඇත් තවුන් සාදන පින් වතාවත
ඉ ම හ ත් පිනෙකි දැන ගනිතොත් හිතාහිත
135ග පින් කම් කරන අය ඒ දියුණු වන ලෙස
මන් සන් තොසින් එහි ගුණ කියත ඇති ලෙස
උන් උපනුපන් තැන පැතිරෙයි ලොව යසස
පුන් සඳ පහන් වූමෙනි අදහව මෙබස
136ග තිස ර ණ ගත් එක් මිනිසෙක් එක් කලෙක
නොපැමිණ දුගතියට සිට කප් එක් තිසෙක
අ ප ම ණ සැපත් සගමොක් සැප ලදි නිසැක
එ ස ර ණ නොගෙන තොප විඳිනේ කිම මෙ දුක
137ග අනුවණ කමින් සිහි නොකරනු මිස සතත
අසරණ තොපට පිළිසරණක්මය නියත
බුදුගුණ සිතින් එකඟව සිහි කරත හොත
අපමණ සැපත් සිදුවෙයි සැක නොකර සිත
138ග ලොවට උතුම් මුනිරජුගේ ගුණ විපුල
සි ත ට රැුගෙන සිහි කළ නුවණින් නිමල
ස ත ට නොවී කලෙකත් බව දුක් අසල
ය ස ට එයින් සිදු වේ සුබ සිරි මගුල
ැාමඛ්බන්ගඛණ – ඛදඅ්ා් ී්බට්ර්අ්
8 පිටුව – ඛදඅ්ා් ී්බට්ර්අ් – ැාමඛ්බන් ධබකසබැ ැාමජ්එසදබ ඇඉ ිසඑැ දෙ ීරස ඛ්බන්
139ග නොද න ලෙවන් හට පව්පින් නියම කොට
බ ඳ ලෝවැඩ සඟරා පිනෙනි හැම විට
ල ද සැපතින් තොර නොව ලැබ නිති පිහිට
වැ ද සව්සත සැනසෙත්වා මොක් පුරට
140ග වී දා ගම වෙහෙරෙහි මෙත් තෙරිඳු සඳ
සාදා රණව පැවසූ මෙත් සිතින් නඳ
බාදා නොවී මොක් දැකුමට බැඳි මෙ පද
පාදා සතන් සිත පවතීවා නිබඳ
සිරිලක ඔන්ලයින් අධ්‍යාපන තක්සලාව
අඅඅගැාමඛ්බන්ගඛණ