ශ්‍රී සුධර්මාරාම මහා විහාරය

කළුතර දිස්ත‍්‍රික්කයේ බුලත්සිංහල මැතිවරණ කොට්ඨාසයට අයත් රැටියල ශී‍්‍ර සුධර්මාරාම විහාරස්ථානය 1958 වසරේදී ආරම්භ කරන ලදී. මෙහි ආරම්භක විහාරාධිපති වූයේ ගෞරවණීය කැකුළාදොළ ධම්මාලෝක මාහිමිපාණන් වහන්සේ ය. උන්වහන්සේ හා එවකට විහාරවාසීව වැඩසිටි ගෞරවණීය ගෝවින්නේ ජිනරතන මාහිමිපාණන් වහන්සේ ගේ නොපසුබට උත්සාහයත් චිත්ත ධෛර්යත් නිසා ගම් වාසීන්ගේ හා අවට ගම් වාසීන්ගේ දායකත්වය මත එදා කුඩාවට ආරම්භ කරන ලද මෙම මේ වන විට සියළු ආගම්ක වතාවත් සිදුකිරීමට පහසුකම් ඇති ත‍්‍රිවිධ චෛත්‍යය සහිත අංග සම්පූර්ණ විහාරස්ථානයක් බවට පත්ව තිබේ. එබැවින් මෙම විහාරස්ථානය මගින් ප‍්‍රදේශයට සිදුවූ හා සිදුවන ආගම්ක සමාජීය මෙහෙවර අති විශාලය.
මෙම හේතු පදනම් කරගෙන 1984 දී කළුතර දිසාපති තුමාගේ නිර්දේශය පරිදි බුලත්සිංහල මහජන ක‍්‍රීඩාංගනයේදී පැවති උත්සවයකදී විහාරස්ථාන භූමිය සදහා ස්වර්ණ භූමි ඔප්පුවක් එවකට ජනාධිපතිතුමන් වූ ජේ. ආර්. ජයවර්ධන මැතිතුමන් විසින් ප‍්‍රදානය කර ඇත.
වර්තමානය වන විට ගෞරවණීය ශාස්ත‍්‍රපති පණ්ඩිත මොරපිටියේ ධම්මතිලක හිමිපාණන් වහන්සේ විහාරාධිපතිත්වය දරමින් මෙය පරිවේනස්ථානයක් බවට පත් කරමින් වඩාත් පුළුල් ආගම්ක සමාජීය මෙහෙවරක් සිදුකරමින් පවතී.