ශ්‍රී සම්බුද්ධ ප්‍රමුඛ අසූ මහා ශ්‍රාවක බෙහෙත් ගිලන්පස පූජාව

෴ ආරෝගයා පරමා ලාභා ෴

මෙලොව නීරෝගී සුවය ගෙන දෙන පරලොව නීරෝගී සුවය ප්‍රර්ථනා කළ හැකි ඖෂධ පූජාවක්.

විහාරස්ථ ශ්‍රී සම්බුද්ධරාජ අසූ මහා ශ්‍රාවක විහාර මන්දිරයේ
බුද්ධ ප්‍රමුඛ අසූ මහා ශ්‍රාවක රහතන් වහන්සේලා විෂයෙහි පවත්වනු ලබන බෙහෙත් ගිලන්පස (කසාය) පූජාව
බුදුන් වහන්සේ ජීවමානව වැඩසිටි යුගයේ උන්වහන්සේගේ ශ්‍රාවකයන් අතර ශ්‍රේෂ්ඨත්වයෙන් අගතැන්පත් ශ්‍රාවකයන් වහන්සේලා විශාල සංඛ්‍යාවකගේ තොරතුරු ථේරගාථා හා ථෙරාපදාන පාලියේ දක්නට ලැබේ.

ඒ අතර බුද්ධ කාලීන මහා තෙරුන් වහන්සේලා අතර චිරප්‍රසිද්ධියට පත් මහා තෙරවරු අසූ නමක් අසූ මහා ශ්‍රාවකයන් වශයෙන් හඳුන්වා ඇත . ඒ ශ්‍රාවක පිරිස අතර සුවිශේෂී වූ දක්ෂතා ඇති සුවිශේෂී හැකියා ඇති අය හඳුනා ගෙන තනතුරු ප්‍රදානය කළහ.ඒ අග්‍රස්ථාන ලැබූ භික්ෂූන් පිරිස අසූ මහා ශ්‍රාවක වශයෙන් හැදින්වේ. උන් වහන්සේලා අතර සුවිශේෂී තනතුරු දරූ 42 කුත් මහා ශ්‍රාවක රහතන් වහන්සේලා ලෙස 38 දෙනෙකුත් සිටියහ. ඒ අතර නුදුන් වහන්සේගේ මෙන් මහා පුරුෂ ලක්ෂණ රැසක් ඇති මහා කාශ්‍යප මහා රහතන් වහන්සේත්, ගස වල පට්ටා වලින් සැකසූ වස්ත්‍රයක් දැරූ අය අතර අග්‍රස්ථාන ලැබූ බක්කුල මහරහතන් වහන්සේ ආදී රහතන් වහන්සේලා වැඩ සිටියහ .

ඒ උන්වහන්සේලාගේ චරිතාපදාන තුලින් පැහැදිලි වන අයුරින් උන්වහන්සේලා ඉවසීම, කරුණාව, මෛත්‍රිය, වීර්ය, අධිෂ්ඨානය, පරාර්ථ චර්යාව ආදී ගුණාංග වලින් යුක්තය.

එම ශ්‍රාවක චරිතාපදාන අනුස්මරණයෙන් සංඝානුස්සති භාවනාව ප්‍රගුණ කර ගැනීමටත් හැකිවන අතර උන් වහන්සේලාගේ නාමයන් සිහි කොට සිදුකරනු ලබන පූජාව අසූ මහා ශ්‍රාවක පූජාවයි.

මෙම උතුම් පූජාව වර්තමානයේ ඉතා ක්‍රමවත්ව සිදු කරනු ලබන්නේ ගොවින්න රැටියල ශ්‍රී සුධර්මාරාම මහා විහාරස්ථානයේ ශ්‍රී සම්බුද්ධරාජ අසූ මහා ශ්‍රාවක විහාර මන්දිරයේය. මෙම පූජාවේ ඇති විශේෂත්වය නම නිරෝගී සුවය සඳහා ගන්න ඖෂධ ද්‍රව්‍ය ඉතා පිරිසිඳුව පිළියෙළ කොට පිරිත් දේශනා මධ්‍යයේ කසාය සිඳ බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ අසූ මහා ශ්‍රාවක රහතන් වහන්සේලා උදෙසා පූජාව පවත්වා එම බෙහෙත් ද්‍රව්‍ය (කසාය) ඔබටම ලබාදී නිරෝගී සුවය ලබා දීමයි.

මෙම පූජාව ඔබගේ අවශ්‍යතාව අනුව සෑම මසකම පුර පසළොස්වක පොහෝ දිනකම සිදු කෙරෙන අතර ඒ ඒ ප්‍රදේශ වල පින්වත පින්වතියන්ගේ ඉල්ලීම අනුව තම මියගිය ඥාතීන්ග පින් දීම , උපන් දින සැමරුම, නිරෝගී සුව මෙලොවටත් පරලොවටත් ප්‍රර්ථනා කර ගැනීමේ බලාපොරොත්තුවෙන් ද සිදු කෙරේ.

මෙම දුර්ලභ ගනයේ ඖෂධ පූජාවක් ඔබටත් භාරගත හැකිය. ඔබ කල යුත්තේ පූජාවට තමන් කැමති දිනයක් වෙන් කරවා ගැනීම හා අප දෙන ලේඛනය අනුව ඖෂධ ද්‍රව්‍ය ලබා දීමයි.

2005 වර්ෂයේ ආරම්භ කරන ලද මෙම පූජාව සැදැහැවතුන්ගේ ප්‍රසාදයට මෙන්ම ආශිර්වාදයට ලක්වූ පූජාවකි. මෙහි ප්‍රතිඵලය වශයෙන් වර්තමානයේ විවිධ ප්‍රදේශ වල විහාරස්ථාන වල විවිධ සංවිධාන වලින් ආරාධනා ලබා සිදු කෙරේ.