පූජ්‍ය මොරපිටියේ ධම්මතිලක නාහිමියෝ

කළුතර දිස්ත‍්‍රික්කයේ පස්යොදුන් කෝරළයෙහි කුඩා ගඟෙහි පහස ලබමින්, සුපෝෂිත කෙත් වතු වලින් අලංකෘත වූ ගෝවින්න රැටියල ග‍්‍රාමයට මහානර්ඝ මිණිකැටයක් මීට වසර ගණනාවකට පෙර දායාද විය. ඒ අන් කවරක්වත් නොව රැටියල ශී‍්‍ර සුධර්මාරාම විහාරාධිපතිව වැඩවසන ශී‍්‍ර ධම්මාලෝක පරිවේනාධිපතිශාස්ත‍්‍රපති පණ්ඩිත පූජ්‍ය මොරපිටියේ ධම්මතිලක ස්වාමින්ද්‍රයාණන් වහන්සේය.

පස්යොදුන් රටෙහි අගලවත්ත මැතිවරණ කොට්ඨාසයේ මොරපිටිය ග‍්‍රාමයේ 1965 අපේ‍්‍රල් මස 06 වැනි දින උපත ලද උන්වහන්සේගේ දෙමාපියන් ඩබ්.එච්. අමරදාස මහතා සහ ජී. ඇලිස්නෝනා මහත්මිය ය. නිසි වයස් සපුරා මොරපිටිය මහා විද්‍යාලයෙන් සිය මූලික අධ්‍යාපනය ලැබීමෙන් අනතුරුව උන්වහන්සේ 1981 ජනවාරි මස 17 වැනි දින පැවිදි බිමට පත් වූයේ රැටියල ශී‍්‍ර සුධර්මාරාම විහාරාධිපතිව වැඩවිසූ අපවත් වී වදාළ ගෞරවාර්හ කැකුළාදොළ ධම්මාලෝකාභිදාන ලොකුහාමුදුරුවන් වහන්සේ හා විහාරවාසීව වැඩසිට අපවත් වී වදාළගෞරවාර්හ ගෝවින්නේ ජිනරතනාභිදාන ලොකුහාමුදුරුවන් වහන්සේගේ ආචාර්යත්වයෙනි.
පැවිදි වීමෙන් අනතුරුව සිය ආචාර්යෝත්තමයන් වහන්සේලාගේ මග පෙන්වීම මත විධිමත් පිරිවෙන් අධ්‍යාපනය හොරණ විද්‍යාරතන විද්‍යායතන පිරිවෙණෙන් ලබා ගත්හ. උන්වහන්සේ එහි දීප්තිමත් ශිෂ්‍යයෙකු ලෙස ප‍්‍රාචීන පණ්ඩිත උපාධිය දක්වාම අධ්‍යාපනය ලදහ. ඉන් අනතුරුව ශී‍්‍ර ලංකා පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයෙන් ගෞරව ශාස්ත‍්‍රවේදී උපාධිය ද, ඉන් නොනැවතී කැළණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත‍්‍රපති උපාධිය ද ලබා ගත් උන්වහන්සේ උගත් බහුශ‍්‍රැත තෙරනමක් බව අමුතුවෙන් සදහන් කළ යුතු නැත.
භික්ෂූන් වහන්සේ නමක් විසින් උගතමනා බණ දහම් සපුරා තිබීමත් නිසිවයස් සැපිරීමත් නිසා 1985 ජුනි මස 08 වැනි දින මහනුවර මල්වතු මහා විහාරයීය රාජකීය මංගල උපොසථාගාරයේදී අධිශීල ශික්‍ෂාසංඛ්‍යාත උපසම්පදා ශීලයට පත් වූහ.
උගත් ශික්ෂාකාමී ස්වාමින්වහන්සේ නමක් ලෙස උන්වහන්සේ, විහාරස්ථානයේ හා දායක කාරකාදීන්ගේ අභිවෘද්ධිය උදෙසා විශාල කාර්යභාරයක් සිදුකළහ. ගරුතර කැකුළාදොළ ධම්මාලෝක ලොකුහාමුදුරුවන් වහන්සේගේ අපවත් වීමෙන් අනතුරුව විහාරාධිපතිත්වයේ වගකීම් දැරීමට අප මොරපිටියේ ධම්මතිලක හිමියන්ට සිදුවිය. එතැන් පටන් මේ දක්වා සිය ගුරුදේවයන් වහන්සේලා විසින් නිමවන්නට යෙදුනු මූලික විහාරාංග දියුණු කරමින්ද , සකළවිධ විහාරාංගයන්ගෙන් සම්පූර්ණ වූ ‘ශී‍්‍ර සුධර්මාරාම මහා විහාරය’ බවට පත් කොට ඇත.
ශී‍්‍ර සුධර්මාරාම දහම් පාසලෙහි ප‍්‍රධානාචාර්ය ධූරය හොබවමින් එහි සිසු දරුවන් හට දිස්ත‍්‍රික්, සමස්ත ලංකා මට්ටම දක්වා කුසලතා දක්වමින් ඉදිරියට යාමට මග පෙන්වමින් ද, වෙනත් බාහිර කුසලතා දියුණු කරවමින්ද, බුලත්සිංහල ප‍්‍රදේශයේ දීප්තිමත් දහම්පාසලක් බවට පත්කර ඇත.
ප‍්‍රදේශයට මහා සම්පතක් වූ විහාරස්ථ ශ‍්‍රී ධම්මාලෝක පිරිවෙන ද ස්ව ගුරුදේවයන්ට උපහාර පිණිස උන්වහන්සේ විසින් මහත් පරිශ‍්‍රමයක් දරා ආරම්භ කරන ලදී. කුඩා ශාලාවක තිබූ විහාරස්ථ ශ‍්‍රී ධම්මාලෝක පුස්තකාලය වඩාත් ඉඩ පහසුකම් සපිරි ගොඩනැගිල්ලක ස්ථාපිත කරන ලදී.
ගෞරවණීය කැකුළාදොළ ධම්මාලෝක ලොකුහාමුදුරුවන් වහන්සේ විසින් අරඹන්නට යෙදුණු ශ‍්‍රී සම්බුද්ධරාජ අසූමහා ශ‍්‍රාවක විහාරමන්දිරයේ වැඩ කටයුතු සියළු දායක කාරකාදීන්ගේ නොම`ද දායකත්වයෙන් ඉතා දර්ශනීයවත් ආකාරයෙන් නිමකරවා නේත‍්‍ර ප‍්‍රතිෂ්ඨාපන පුණ්‍ය මහෝත්සවයද පැවැත්වූහ. එතැන් පටන් සෑම පුර පසලොස්වක පොහෝ දිනකදීම උන්වහන්සේ විසින් පවත්වනු ලබන සම්බුද්ධ ප‍්‍රමුඛ අසුමහා ශ‍්‍රාවක රහතන් වහන්සේලා විෂයෙහි පවත්වනු ලබන බෙහෙත් ගිලන්පස පූජාව දුරබැහැර ප‍්‍රදේශවල පිරිස් පවා ඉතා ඕනෑකමින් දායකත්වය ලබාගනිමින් සිදුකරන පූජාවකි.
පාරිවේණික පැවිදි සිසුන් හට හා දහම්පාසලේ සිසු දරුවන් හට කාලීන තොරතුරු තාක්‍ෂණ දැනුම ලබාදීමේ අරමුණින් රජයේ අනුග‍්‍රහයද ඇතිව නැණසල මධ්‍යස්ථානයක් ද, විහාරස්ථානයට ලබා ගන්නා ලදී. විහාරස්ථානයෙහි ඉදිවුණු වාහල්කඩ සහිත දර්ශනීය ප‍්‍රාකාරය, නව දානශාලාව හා නව දෙමහල් සංඝාවාසය උන්වහන්සේගේ ඉමහත් කැපකිරීම් වල ප‍්‍රතිඵලයන්ය.
ගමේ සිසුදරුවන්ගේ කලා කුසලතා ඔප් නැංවීමේ අරමුණ පෙරදැරිව ධර්මවිජය සංස්කෘතික මධ්‍යස්ථානය අරඹන ලදී. ඉන් පසු ඊට අවශ්‍ය ශාලාවක්ද ගොඩනගන ලදී.
රැටියල අවමංගල්‍යාධාර සමිතිය, ශී‍්‍ර සුධර්මා කුළ`ගන සමිතිය, ධර්මවිජය සංස්කෘතික සංසදය , රැටියල ප‍්‍රදීප සුබසාධක සමිතිය යන ගමේ ප‍්‍රධානතම සංවිධාන ව්‍යුහයන්හි ප‍්‍රධාන අනුශාසක ධූරයන්ද, විහාරස්ථ විහාර කාර්යසාධක සමිතියේ ගරු සභාපති ධුරයද, රැටියල ධර්මවිජය සමාජයේ ගරු සභාපති ධුරයද උන්වහන්සේ විසින් හොබවති.
බුලත්සිංහල ප‍්‍රදේශයේ සියළු විහාරස්ථානවාසී භික්ෂූන්වහන්සේගේ දෙමාපියන් හට උපහාර දැක්වීමේ ”බුදුපුත් මාපිය හරසර උළෙල” අප මොරපිටියේ ධම්මතිලක හිමියන්ගේ සංවිධාන ශක්තියෙන් සිදුවූවකි.
උන්වහන්සේ විසින් පාහියන්ගල ජාත්‍යන්තර භික්‍ෂු පුහුණු පිරිවෙන් පරිවෙනාධිපති ධූරයද හොබවනු ලැබූ අතර ඉන් අනතුරුව මේ දක්වාම රැටියල ශී‍්‍ර ධම්මාලෝක පරිවෙනාධිපතින් වහන්සේ වශයෙන් කටයුතු කරති.
එපමණක් නොව, ප‍්‍රදේශයේ දක්‍ෂ සංඝ පීතෘන්වහන්සේ නමක් ලෙස වෙහෙරවතු සග පරපුරේ සංඝ සභාවේ ප‍්‍රධාන ලේඛකාධිකාරී ධූරය ද, බුලත්සිංහල ශාසනාරක්‍ෂක බලමණ්ඩලයේ  ලේඛකාධිකාරී ධූරය ද හොබවති.
මෙසේ ආගමික, ශාසනික හා සාමාජීය වශයෙන් මුන්වහන්සේ විසින් සිදුකරනු ලබන මහත් වූ මෙහෙවර අගයා ශ්‍යාමොපාලි වංශික මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ මහානායක ස්වාමින්ද්‍රවර ප‍්‍රමුඛ ගරුතර සානුනායක කාරකමහා සංඝ සභාව විසින් ”විනය කීර්ති ශ‍්‍රී ධම්මාලෝක” යන ගෞරව නාම සම්මුතිය ද සහිතව පාණදුර තොටමුණ ඇතුළු රයිගම් පස්යොදුන් දෙකෝරළයේ ප‍්‍රධාන අධිකරණ සංඝනායක පදවිය පිරිනමා ඇත.