විහාරාංග

චෛත්‍ය රාජයාණන් වහන්සේ

අප විහාරස්ථානයේ ප‍්‍රධාන අංගයක් වු චෛත්‍යරාජයන් වහන්සේ ඉදිකිරිම කැකුළාදොල ධම්මාලෝක මාහිමි සමයේ සිදුවුවක. ඒ සඳහා පිහිටුවාගත් චෛත්‍යවර්ධන සමිතියේ සභාපති වශයෙන් ඩබ්ලිව්. වික‍්‍රමරත්න මහතා ද ලේකම් වශයෙන් විජේසේන තෙවරප්පෙරුම මහතා ද භාණ්ඩාගාරික වශයෙන් පී.ඩි.එස්. පේ‍්‍රමවර්ධන මහතා ද කටයුතු කලහ. 1980.06.04 වැනි මුල්ගල තබා මහජන වන්දනාව සඳහා විවෘත කරනු ලැබුවේ 1982 ජනවාරි 22 දින දීය. දායක දායිකාවන්ගේ ආධාරය ලබා ගනිමින් මෙම කාර්යයේ දි සභාපති ඩබ්ලිව්. වික‍්‍රමරත්න මහතා සිදුකල මෙහෙවර අතිශයින් ප‍්‍රශංසා කටයුතුය.

 

බෝධි රාජයාණන් වහන්සේ

bodhin_wahanse

අප විහාරස්ථානයේ පවතින බෝධීන් වහන්සේ කැකළාදොල ධම්මාලෝක මාහිමිපාණන් අතින් රෝපණය කරන ලද්දකි.

ශ්‍රී සම්බුද්ධරාජ අසූ මහා ශ්‍රාවක විහාර මන්දිරය

මුලාරම්භයේ දි මැටි ගසා තැනු විහාමන්දිරය ක‍්‍රමයෙන් විශාල වී ශ‍්‍රී ධම්මාලෝක යුගයේදි යම් ප‍්‍රමාණයකට අළුත් වැඩියා කොට විශාල කරන ලදී. ඉන්පසු මොරපිටියේ ධම්මතිලක හිමිපාණන්ගේ අනුශාසකත්වයෙන් 1995.10.13 දින අභිනව විහාර මන්දිරයට මුල්ගල තබා 2000 වර්ෂයේ දි විහාර ගොඩනැගිල්ලේ වැඩ අවසන් කොට ඇතුළු මාලයේ වැඩ ආරම්භ කරන ලදුව 2002 ඔක්තෝම්බර් 16 දින පෙ.ව. 07.47ට දොලොස් රියන් සැතපෙන බුදුපිළිම වහන්සේට මුල්ගල තැබිම සිදුකරන ලදී. 2002 අපේ‍්‍රල් මස 02 දින පෙ.ව. 09.43ට පරිවාර පිළිම වහන්සේලාට මුල්ගල් තබන ලදී. ඉන්පසු ඇතුලත චිත‍්‍රකර්මාන්තයේ වැඩ අරඹා සියළු වැඩ නිමවා 2005 මාර්තු 11 දින නේත‍්‍ර ප‍්‍රතිෂ්ඨාපන මහෝත්සවය සිදු කරන ලදී.  මෙම අභිනව විහාරමන්දිරය ඉඳිවීම විහාරස්ථානයේ දියුණුවේ සංදිස්ථානයක් වු බව ගම්වාසිහු පවසති.

ඝාන්ටාර කුළුණ

 

1980 දශකයේ ඝණ්ඨාර කුළුන ඉඳිකොට ගණ්ඨාර පුජාව සිදු කරනු ලැබුවේ පි.ඞී.එස් පේ‍්‍රමවර්ධන යුවල විසිනි.

වාහල්කඩ සහ ඇත් පවුර සහිත ප්‍රකාරය