රැටියල විශිෂ්ටයෝ

රටටම විවෘත වු රැටියල

රැටියල යනු තවමත් ග‍්‍රාමිය භාවය නොඉක්මවු කුඩා ගම්මානයකි. ශ‍්‍රි ලංකාවේ ප‍්‍රසිද්ධියට පත්වු මේ පුංචි ගම්මානය විසින් රටට දායාද කෙරුනු විශිෂටයෝද වෙති.

පුජ්‍ය පණ්ඩිත රැටියල ධම්මාලංකාර මහාස්ථවිරපාදයන් වහන්සේ ඉන් එක් අයෙකි. මාලිගා කන්ද විද්‍යෝදය පිරිවෙනෙහි රැටියල හාමුදුරුවෝ නමින් තම ගමෙහි නාමය එහි ඉහලින්ම බැබල වු උන් වහන්සේ ධර්මදේශනයෙහි ග‍්‍රන්ථ රචනයෙහි චතුර කථිකත්වයෙහි අග‍්‍රගණ්‍ය පඩිවරයෙකු විය. ගෝවින්න ශි‍්‍ර සීලවංශාරාම විහාරස්ථානය උන්වහන්සේ වැඩවාසය කළ ස්ථනයයි. රැටියල පොල්ලත්තහේනේ හාමුරුවෝ නමින් ගමිවාසින්ගේ හා මහා සංඝරත්නයේ නොමද ගෞරවයට පාත‍්‍රවූ, පඩිරුවනකි.  ප‍්‍රදේශයේ දේශපාලන ආගමික සාමාජික කාර්යයන්හි පුරෝගාමි මෙහෙවරක් සිදුකර ඇත.

පූජ්‍ය පොල්ලත්තහේනේ ශීලවංශ නමින් ප‍්‍රසිද්ධියට පත් මහා තෙර නමක් ද රැටියලින් බිහිවිය. ගෝවින්නේ ශීලවංශාරාමය උන්වහන්සේගෙන් ආරම්භ වු බව ප‍්‍රකාශිතය.

තවද පුජ්‍ය පණ්ඩිත රැටියල පඤ්ඤාසාර සවාමීන්ද්‍රයන් වහන්සේ ද අපරටේ සුපතල භික්ෂුවරයෙකි. හොරණ රජමහා විහාරයේ වැඩ වසමින් හොරණ විද්‍යාරත්න විශ්ව විද්‍යා පීඨයේ ගුරුවරයෙකු වු උන්වහන්සේ චතුර කථිකයෙකු මෙන්ම සමාජ ආගමික කටයුතු වලදි නොබියව පෙරටවිත් තම ආගම හා රට වෙනුවෙන් පෙනීසිටි යතිවරයෙකි. මෙම විශිෂ්ඨයන් නිසා මෑත ඉතිහාසයේ රැටියල යන නාමය ලක් දෙරණ පුරා පැතිරි ගිය බව පැහැදිලි සත්‍යයකි.